බෞද්ධාගම පිළිබඳව ධර්ම ග්‍රන්ථ සහ ආදර්ශ පාඨ බොහෝ ඇත්තේය. යම් ආදර්ශ පාඨ ආගම අරමුණු කොට ගෙන ඇති නමුත් අනෙකුත් දෑ, විශේෂයෙන්ම ශාස්ත්‍රඥ කරුණු ඉස්මතු කොට දක්වන්නේය. බෞද්ධාගම පිළිබඳව ලියැවී ඇති ග්‍රන්ථය හඳුන් වන්නේ ත්‍රිපිටකය යනුවෙන්ය. එය කොටස් තුනකට බෙදී ඇත. විනය පිටකය, සූත්‍ර පිටකය සහ අභිධර්ම පිටකය වේ. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව මහා කාශ්‍යප තෙරුන්ගේ මූලිකත්වයෙන් බුදුන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍රයන් ග්‍රන්ථ තුළ පෙළ ගැස්විය. ඉතිහාසයේ සඳහන් වන පරිදි ආනන්ද තෙරණුවන් අභිධර්මය පිළිබඳව දේශනාවන් සටහන් කිරීමට උපකාර වී ඇත. ඒවාගේම උපාලි තෙරණුවන් විනය පිලිබඳව රෙගුලාසි ගොනු කර සිටියේය. මෙම සටහන් ත්‍රිපිටකයේ පදනම විය. ථේරවාද ධර්මය සැලකෙන්නේ බුදුන් වහන්සේ දේශනා කොට වදාර නොවෙනස් ධර්මය ලෙසටය. මහායානය සැලකේන්නේ බුදු දහම අන් අයගෙන් එක් වූ අදහස් සහ අනුශාසනා ඇති ධර්මයක් ලෙසටය. මහායාන සූත්‍ර හයසීයක් පමණ දැනට සොයාගෙන ඇත්තේය. මහායාන බුදු දහම ප්‍රගුණ කර ඇති අය මහායාන සූත්‍ර තුළ ඇති දෑ පමණක් උපයෝගි කරගන්නේය. ඔවුන් විශ්වාස කරන්නේ එම සූත්‍ර වල ඇත්තේ බෝධි සත්වයන්ගේ ජීවන මාර්ගය යන්නය. එනමුත් මෙම ධර්මය ථේරවාද බෞද්ධයින් බුදුන් වහන්සේගේ ධර්මය ලෙස පිළිනොගන්නේය. බෞද්ධාගමේ විශ්ව සම්ප්‍රදායන් අධ්‍යයනය කිරීමට කේන්ද්‍රික පෙළ පොත් නැත්තේය. කෙසේ නමුත් විනය පිටකය හඳුන් වන්නේ බෞද්ධාගමේ හරය යනුවෙන්ය. වර්ෂ ගණනාවක සිට බෞද්ධාගමෙහි ඇතුළත් විශේෂිත දේශනා සංශ්ලේෂණය කිරීමට වෙහෙස වී ඇත. ශ්‍රි ලංකාවේ එම ව්‍යායාමයේ ප්‍රතිඵලයක් වන්නේ ධම්ම පදයයි.

සටහන් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=බෞද්ධ_ග්‍රන්ථ&oldid=469125" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි