1993 දී සිදුවූ ඔහුගේ වැඩිමහළු සහෝදරයාගේ මරණයේ සිට 2013 දී ඔහුගේ කිරුළ අත්හැරීම වන තුරු, දෙවන ඇල්බට් රජ (උපත 6 ජූනි 1934) බෙල්ජියානුවන්ගේ රජ වශයෙන් රාජ්‍යය පාලනය කළේය. ඔහු, "බෙල්ජියම්" රාජ වංශයේ සාමාජිකයෙකි; පූර්වයේ මෙම රාජ වංශය හැඳින්වුනේ සැක්ස්-කෝබර්ග්- ගෝතා ලෙසිනි. ඔහු, ලක්සම්බර්ග්හී දැනට රාජ්‍යය කරන මහා ආදිපාද, හෙන්රිගේ මාමා වෙයි.

දෙවන ඇල්බට් රජ
Albert II of Belgium.jpg
බෙල්ජියානුවන්ගේ රජ
රාජ්‍ය සමය9 අගෝස්තු 1993 – 21 ජූලි 2013
පූර්වප්‍රාප්තිකයා බූඩුවාන් රජ
අනුප්‍රාප්තිකයාපිලිප් රජ
අගමැතිවරු
උපත6 ජුනි 1934 (1934-06-06) (වයස 85)
ලාකෙන්, බ්‍රසල්ස්, බෙල්ජියම
වල්ලභයා පාවෝලා රැජිණ (1959–වර්තමානය)
දරුවන්
Detail
පිලිප් රජ
අස්ට්‍රිඩ් කුමරිය, ඔස්ට්‍රියා-එස්ටේ හී මහා ආදිපාදවරිය
ලොහෝන් කුමරු
සම්පූර්ණ නාමය
ප්‍රංශ: ඇල්බෙයා ෆිලික්ස් අම්බෙයා තියොඩෝර් ක්‍රිස්ටියොං ඌජෙන් මරී
ඕලන්ද: අල්බර්ට් ෆිලික්ස් හම්බර්ට් කියොඩෝර් ක්‍රිස්ටියැන් ඉයුජෙන් මරී
ජර්මානු: ඇල්බට් ෆීලික්ස් හුම්බාර්ට් තියෝඩෝර් ක්‍රිස්ටියාන් ඔයිගෙන් මරීයා
වංශයසැක්ස්-කෝබර්ග් සහ ගෝතා රාජ වංශය
පියාබෙල්ජියමේ තුන්වන ලියෝපෝල්ඩ් රජ
මවස්වීඩනයේ අස්ට්‍රිඩ් රැජිණ
ආගමරෝමානු කතෝලික ආගම
අත්සනදෙවන ඇල්බට් රජගේ අත්සන

2013 ජූලි 3 දිනදී, දෙවන ඇල්බර්ට් රජ, බෙල්ජියානු කැබිනට් මණ්ඩලයෙහි දින මැද සැසියට සහභාගි විය. ඔහු එවිට ප්‍රකාශ කළේ, සෞඛ්‍යය හේතුන් නිසා, ජූලි 21 දිනදී කිරුළ අත් හරින බවයි. 2013 ජූලි 21 දිනදී, ඔහු වෙනුවට පත්වූයේ ඔහුගේ පුත්, බෙල්ජියමේ පිලිප් කුමරුවාය. 2013දී කිරුළ අත්හැරිය සතරවන රජු ඔහු වූයේ, දහසය වන බෙනඩික්ට් පාප්වහන්සේ, නෙදර්ලන්තයේ බියට්‍රික්ස් රැජිණ, සහ කටාර්හී එමීර් හමාඩ් බින් කලීෆා යන්නන්ට පසුවය. [1] මෙසේ කිරීමෙන්, ඔහු, කිරුළ අත්හැරිය දෙවන බෙල්ජියානු රජු වූයේ, 1951දී හාත්පසින්ම වෙනත් පසුබිමක කිරුළ අත්හැරිය, තුන්වන ලියෝපෝල්ඩ් රජුට පසුවය.


ආශ්‍රිතසංස්කරණය

  1. මැතිව් ප්‍රයිස්. "බෙල්ජියම්ස් කිං ඇල්බට් ද සෙකන්ඩ් අනවුන්සර්ස් ඇබ්ඩිකේෂන්". Bbc.co.uk.