ප්‍රධාන මෙනුව විවෘත කරන්න

පෝලියෝ ‍රෝගය , පෝලියෝ මයලයිටීස් හෝ බාලක පක්ෂාගාතය ලෙසට හැඳින්වෙන මළපහ මාර්ගයෙන් ව්‍යාප්ත වන වෛරසයක් මගින් බෝවන රෝගයකි. පෝලියෝ මයලයිටීස් (poliomyelitis) යන වචනය ග්‍රීක භාෂාවෙන් පෝලියෝ අළුපාට , මයෙලෝන් - සුෂුම්නාව , අයටිස්-ආසාදනය යන අරුත් දේ.(සියයට 90 ක් පමණ පෝලියෝ රෝගීන්ට රෝග ලක්ෂණ නොමැති නමුත් වෛරසය රුධිරයට ඇතුළු වු විට රෝග ලක්ෂණ ඇතිවේ). සියයට එකකටත් අඩු ප්‍රතිශතකට වෛරසය මධ්‍ය ස්නායු පද්ධතියට ඇතුළු වන අතර එහි වූ චාලක ස්නායු විනාශයට පත් කරයි. මෙමගින් මාංශපේෂී දුර්වල වීමෙන් ක්ෂණිකව පණ නැතිවීමෙන් අංශභාගය තත්වයට පත්වේ. හානියට පත්වන ස්නායු වර්ගයට අනුව විවිධ වර්ගයේ අංශභාග තත්ව ඇතිවේ. සුෂුම්නාවට බලපෑම් ඇතිවීම මින් වඩාත්ම බහුල ආකාරය වේ. බහුල වශයෙන් දෙපා පණනැති කරමින් සිදුවන අසමමිතික අංශභාග තත්වය මෙහි ප්‍රධාන ලක්ෂණයයි. කපාල ස්නායුවලට පෝලියෝ රෝගය බලපෑම හේතුවෙන් එම ස්නායු මගින් ක්‍රියාකාරී වන පේශි අක්‍රීය වේ. කපාල ස්නායු සුෂුම්නා පෝලියෝ තත්වය ඇතිවේ.

Poliomyelitis
Other namesPolio, infantile paralysis
Polio lores134.jpg
A man with a smaller right leg due to poliomyelitis
Pronunciation
SpecialtyNeurology, Infectious disease
රෝග ලක්‍ෂණMuscle weakness resulting in an inability to move[1]
ComplicationsPost-polio syndrome[2]
Usual onsetFew hours to days[1][3]
CausesPoliovirus spread by fecal-oral route[1]
Diagnostic methodFinding the virus in the feces or antibodies in the blood[1]
PreventionPolio vaccine[3]
TreatmentSupportive care[3]
Frequency113 people (2017)[4]
පෝලියෝ රෝගියෙක්


1840 දී ජෙකබ් හෙයින් විසින් පෝලියෝ රෝගය මුල්වරට හඳුනාගන්නා ලදී . 1908 දී කාල් ලෑන්ඩ්ස්ටයිනර් විසින් රෝග කාරක පෝලියෝ වෛරසය හඳුනාගන්නා ලදී. විසිවන ශතවර්ෂයට ප්‍රථම ප්‍රධාන වශයෙන් පෝලියෝ සංගත තත්වයක් දක්නට නොලැබුණ ද ඇමරිකා එක්සත් ජනපදය තුළ විසිවන සියසෙහි තිබූ වඩාත් භයානකම කුඩා දරුවන්ට වැළදෙන රෝගය වූයේ පෝලියෝ රෝගයයි. පෝලියෝ වසංගත රෝග අවස්ථාවන්හි ඉතිහාසයේ එමගින් ‍‍‍බොහෝ ප්‍රමාණ‍යක් රෝගීන් අබ්බගාත තත්වයට පත්කර ඇති අතර බොහෝමයක් කුඩා ළමුන් මෙම රෝගය හේතුවෙන් අංශභාග තත්වයට පත් වී මරණයට ලක්වී ඇත. පෝලියෝ රෝගය වසර දහස් ගණනක් මුළුල්ලේ 1880 තෙක් නිහඩව ම එක් ප්රදේශයකට පමණක් සීමා වූ රෝගයක්ව පැවතුන ද ක්ෂණයකින් එය ප්‍රධාන වසංගත රෝග තත්වයක් ලෙසට යුරෝපයේ ද වේගයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ද ව්‍යාප්ත වූ වසංගත රෝග තත්වයක් බවට පත්විණි. 1910 වන විට මුළු ලොව පුරාම පෝලියෝ රෝගයෙහි සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ අතර නිරතුරුවම ඇතිවන වසංගත රෝග අවස්තා ගිම්හාන සෘතුවල දී දක්නට ලැබිණි. දහස් ගණනක් වූ කුඩා ළමුන් හා වැඩිහිටියන් අංශභාග තත්වයට පත් කරනු ලැබීම හේතුවෙන් රෝගය වළක්වා ගැනීම සඳහා එන්නත් නිෂ්පාදනය කිරීම කෙරෙහි ‍මෙහෙයුම් බලයක් ඇතිවුණි. ජොනාස් සෝල්ක් (1952) සහ ඇල්බට් සැබින් (1962) විසින් නිෂ්පාදනය කරනු ලැබූ පෝලියෝ එන්නත මගින් වාර්ෂිකව වාර්තාවන පෝලියෝ රෝගීන්ගේ සංඛ්‍යාව සිය දහස් ගණනේ සිට දහස් ගණනක් දක්වා අඩුකර ගැනීමට සමත් විණි. ලෝක සෞඛ්‍ය සංවිධානය , යුනිසෙෆ් සංවිධානය හා ජාත්‍යන්තර රොටර් සංගමය මගින් වැඩි දියුණු කළ පෝලියෝ එන්නත් හඳුන්වා දීමත් සමගම ලොව තුළින් පෝලියෝ රෝගය තුරන් කිරීමට හැකිවිණ.

මූලාශ්‍රසංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 "Poliomyelitis", Epidemiology and Prevention of Vaccine-Preventable Diseases (The Pink Book) (13th ed.), Washington DC: Public Health Foundation, 2015, (chap. 18), archived from the original on 30 December 2016, https://www.cdc.gov/vaccines/pubs/pinkbook/polio.html .
  2. "Post-Polio Syndrome Fact Sheet". NIH. 16 April 2014. Archived from the original on 29 July 2011. සම්ප්‍රවේශය 4 November 2014. 
  3. 3.0 3.1 3.2 "Poliomyelitis Fact sheet N°114". who.int. October 2014. Archived from the original on 18 April 2017. සම්ප්‍රවේශය 3 November 2014. 
  4. "Polio Case Count". World Health Organization. 27 December 2017. සම්ප්‍රවේශය 27 December 2017. 
"https://si.wikipedia.org/w/index.php?title=පෝලියෝ&oldid=436879" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි