පාසල් උපදේශකයෙක් යනු පාසලක වැඩ කරන උපදේශනය ලබා දෙන්නකු හෝ අධ්‍යාපනය දෙන තැනැත්තෙකි. ඓතිහාසික වශයෙන් මාර්ගෝපදේශ සලසන්නන් අධ්‍යාපනික උපදේශකයන් ‍වශයෙන් සඳහන් වෙයි. එහෙත් වෘත්තීයමය “පාසල් උපදේශකයන්” යන්න දැන් වඩා ප්‍රචලිත වචනයයි.

බොහෝ පාසල් උපදේශක තනතුරු සමාන තනතුරු (උදා - රැකියා උපදේශක) යුතුකම් හා සේවයන් අනුව එක්සත් ජනපදයේ රැකියා උපදේශක තනතුර හා සැසඳිය හැක. ඓතිහාසික වශයෙන් උසස් පාඨශාලා උපදේශකයින්ගේ අවශ්‍යතාව පහළ ‍ශ්‍රේණිවල උපදේශකයන්ගේ අවශ්‍යතාවට වඩා අවධාරණය කරන ලදී. පාසල් උපදේශක සේවා සලස්වා ඇති ආකාරය බොහෝ රටවල් වෙනස් වෙයි.


ඉතිහාසය සංස්කරණය

එක්සත් ජනපදය සංස්කරණය

 

සමහර මූලික පාසල් උපදේශකවරු උපදේශන ක්‍රියා පිළිබඳ වඩා පහසු කිරීම සඳහා පොත් හා මාධ්‍ය භාවිතා කරති. එක්සත් ජනපදයේ පාසල් උපදේශක වෘත්තිය විසිවන සියවස මුල් භාගයේ දී වෘත්තීය මාර්ගෝපදේශ සේවාවක් බවට පත්විය. 1907 දී ජේස් බී. ඩේවිස් ක්‍රමානුකූල පාසල් උපදේශක වැඩ සටහනක් සකස් කළ හැකි තැනැත්තා ලෙස සැලකේ. වෘත්තීය රුචිකම් චරිත සංවර්ධනය හා චර්යාමය ගැටළු වැළැක්වීම පිළිබඳ කරුණු දක්වන්නට රචනා හා පාඩම් භාවිත කරන්නට ගුරුවරුන් දිරිමත් කිරීම සඳහා ක්‍රියා කළ ඔහු උසස් පාසලක විදුහල්පතිවරයෙක් විය. මේ වකවානුවේ බොහෝ දෙනෙකු ‍කළේ ද මෙයමය. නිදසුනක් ලෙස 1908 දී වෘත්තීය මාර්ගෝපදේශයේ පියා වූ ‍ෆ්‍රෑන්ක් පාර්සන්ස් පාසලින් වැඩට සංක්‍රමණය වීමේ දී තරුණ පිරිසට ආධාර දීම සඳහා වෘත්තීය මාර්ගෝපදේශ කාර්යාංශය පිහිටු වීය.

1920 ගණන්වල සිට 1930 ගණන් දක්වා පාසල්වල ප්‍රජාතන්ත්‍රවාදි අධ්‍යාපනය නැගීම නිසා පාසල් උපදේශනය හා මාර්ගෝපදේශය වර්ධනය විය. මෙම ව්‍යාපාරය පෞද්ගලික සාමාජික හා සදාචාර වර්ධනය අවධාරණය කළේය. පාසල්වල උගැන්විය යුත්තේ අධ්‍යාපනයේ මූලධර්ම පම‍ණකැයි ද බොහෝ පාසල් මීට ප්‍රතික්‍රියා දැක්වූයේ එය අධ්‍යාපන විරෝධී යයි කියමිනි. මෙය මහා අවපාතයේ ආර්ථික දුෂ්කරතා සමඟ එක්වීමෙන් පාසල් උපදේශනයේ හා මාර්ගෝපදේශනයේ පරිහානියක් ඇති විය. 1940 එක්සත් ජනපදය යුද හමුදා නිලධාරීන් තෝ‍රා ගැනීමට බඳවා ගැනීමට හා පුහුණු කිරීමට මනෝ විද්‍යාඥයන් හා උපදේශකයන් යොදා ගත්තේය. සිසුන් පරික්සා ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන්නට ක්‍රම සකසමින් මෙය පාසල්වල උපදේශන සේවාව ක්‍රියාත්මක කළේය. පාසල් යුද්ධය සඳහා යොදාගත් මේ පරීක්ෂණ විවෘතව පිළිගත්තේය. සබඳතාවලට උදවු දෙවින් මේ වකවානුවේ කාල් රොජර්ගේ අවධාරණය පාසල් උපදේශන වෘත්තිය කෙරේ බල පෑවේය. 1950 ගණන්වල දී රජය ‍රජයේ හා ප්‍රාදේශීය පාසල් පද්ධති තුළ මාර්ගෝපදේශ හා පෞද්ගලික සේවා අංශය පිහිටුවීය. 1957 දී සෝවියට් සමූහාණ්ඩුව 1වන ස්පුට්නික් නැමැති චන්ද්‍රිකාව ගුවන්ගත කළේය. අභ්‍යාවකාශ තරඟයේ දී රුසියාව ඇමරිකානුවන් පරදවතැයි කනස්සල්ලක් ඇති වූ අතර යුදමය අතින් ද එහි ව්‍යාකූල ස්වභාවයක් ඇති විය. ඇමරිකාවේ විද්‍යාඥයින් හා ගණිතඥයන් සෑහෙන් ප්‍රමාණයක් නැතැයි යන මතයක ද පැන නැගිණි. මේ අතර ඇ‍මරිකා රජය රාජ්‍යාරක්ෂක අධ්‍යාපනක පනත සවිමත් කර ගත්තේය. මේ සඳහා විශාල අරමුදල් යෙදවීමෙන් වෘත්තීය මාර්ගෝපදේශ ක්‍රමය විශාල වශයෙන් වර්ධනය විය. 1960 ගණන්වල සිට පාසල් උපදේශන සේවාව දිගටම ක්‍රියාත්මකව ව්‍යවස්ථාවක් ලෙස වැඩී ගියේය. අධ්‍යාපනය සංවර්ධනය කිරීමටත් වෘත්තිය වැඩි දියුණු කිරීමටත් අලුත් වෘත්තීය ආයතන පිහිටුවනු ලැබූහ. කොංග්‍රසය (2006 ‍ජනවාරි 1 දින) පෙබරවාරි 6-10 දක්වා ජාතික පාසල් උපදේශන සතිය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=පාසල්_උපදේශක&oldid=464210" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි