පරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතු

වායු දූෂණය සදහා හේතු වන වඩාත් ප්‍රමුඛතම සාධක අතුරින් එකක් ලෙස මෝටර් වාහන වලින් නිකුත් වන දුම හැඳින්විය හැකිය. චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, මෙක්සිකෝව සහ ජපානය යනු මෙලෙස වායු දුෂණය සිදු කරන ප්‍රධාන රටවල් කිහිපයකි. මෙලෙස කරන ලද වර්ගීකරණයට අනුව කැනඩාව මේ වර්ගීකරණයේ දෙවන ස්ථානය ගනී‍‍‍. ප්‍රධානතම නිශ්චල වායු දුෂක ප්‍රභවයන් වනුයේ රසායනික කම්හල්, ගල් අගුරු මගින් ක්‍රියාත්මක වන ගල් අඟුරු බලාගාරය ශක්ති පිරියත වල් තෙල් පිරිපහදු කම්හල්, තෙල් හා රසායනික පිරියත වල්, න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාකාරකම්, අපද්‍රව්‍ය දහනය කිරීම්, විශාල පරිමාණයේ සත්ව ගොවිපලවල්, PVC කර්මාන්ත ශාලා, ලෝහ නිෂ්පාදන රසායනාගාර, ප්ලාස්ටික් කර්මාන්තශාලා සහ වෙනත් කර්මාන්ත ශාලාවන්ය.

පස දුෂණය කරන වඩාත් සුලභ ක්‍රම දුෂකයන් වනුයේ ක්ලෝරිනි කරණය කරන ලද හයිඩ්‍රෝකාබන වර්ග, (CFH) බර ලෝහ (ක්‍රෝමියම්, කැඩ්මියම් - නැවත ආරෝපණය කල හැකි බැටරිවල අන්තර් ගත වේ, ඊයම් - තීන්ත ද්‍රව්‍ය වල අන්තර්ගත වේ, ඇතැම් රටවල ගුවන් යානා වල භාවිතා කරන ගැසෝලීන් වායුව), MTBE, සින්ක්, ආසනික් සහ බෙන්සීන් ය. සාමාන්‍ය පරිදි නගර සභා වලින් අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය යොදා භූමි ප්‍රදේශයන් ගොඩ කිරීම හේතුවෙන් බොහෝ රසායනික ද්‍රව්‍ය පසට එක් වේ. මීට අමතරව ඒවා අදාල ප්‍රදේශ වල ජලයටද එක්රැස්වේ. මීට අමතරව බහු ක්ලෝරනීකරණය කරන ලද ඩයිබෙන්සෝඩයොක්සීන් වර්ගද මෙලෙස පරිසරයට මුදාහරිනු ලැබේ. මේවා පොදුවේ ඩයොක්සීන් ලෙස ද සරලව ICDD ලෙස ද හැඳින්වේ.

ස්වාභාවික විපත්ති අතුරුඵලයක් ලෙස ද පරිසර දූෂණය සිදුවිය හැකිය. උදාහරණයක් ලෙස චණ්ඩ මාරුත අවස්ථාවන්හිදී මල අපද්‍රව්‍ය (sewage) යුතු වාහන, බෝට්ටු ආදිය කැඩී බිඳී යාමෙන් එකතු වන තෙල් වර්ග ජලයට එකතු වී ජල මූලාශ්‍ර දූෂණය කරනු ලබයි. වෙරළාසන්න ප්‍රදේශවල තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඇති කරන අවස්ථාවන්හිදී විශාල පරිමාණයෙන් සමුද්‍ර දුෂණයක් සිදුවේ. න්‍යෂ්ඨික බලාගාර හෝ තෙල් ටැංකි වැනි ස්ථානවල අනතුරු ඇති වන අවස්ථාවන්හිදී වඩාත් පුළුල්ව පැතිරී ගිය අනතුරුදායක අවස්ථා වන් වලට මුහුණ පෑමට සිදුවිය හැක.

ශබ්ද දුෂණය අතරින් ගත් කල මෝටර් වාහන වලින් නිකුත් කරන ශබ්දය වඩාත් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අතර එමගින් ලොව පුරා නිකුත් කරන අනවශ්‍ය ශබ්ද අතරින් 90% ක්ම ඇති කරනු ලබයි.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Environmental_pollution#Sources_and_causes