මේ ලිපිය විකෘත කිරීමෙන් වළකින්න. හෙළ හවුලේ භාෂා ව්‍යවහාර නොදන්නකු 'සකසුරු' යන්න 'භාණ්ඩාගාරික' යි පරිවර්තනය කොට වියරණ මරමරා කාණු පල්ලේ හඩු බසින් මේ ලිපිය කෙලෙසා තිබිණි. නැවැත ප්‍රකෘති තත්තත්වයට පත් කරන ලද්දේ ඇකාර ව්‍යවහාරය අවම කොට බොහෝ දෙනාට වැටැහෙන සරල බසිනි. මේ ලිපිය සංස්කරණය කෙළේ හෙළ හවුලේ සකසුරු හෙවත් ලේකම් ය. හෙළ හවුලේ ලේකම්ටත් වඩා හෙළ හවුල ගැන දන්නා කෙනෙක් වෙත් නම් පමණක් සංස්කරණය කරත් වා.

ඔබතුමන්ගේ තනතුරටත්, භාෂා දැනුමටත් ගරු කරමි. නමුත් ගැටලුව ඇත්තේ මෙය යි. විකිපීඩියා ලිපි කිසිවකුට අයත් නැත. ඒවා ඕනෑම අයකුට සංස්කරණය කළ හැක. එවිට නිශ්චිත පිරිසක් අතර පමණක් පවතින ව්‍යවහාරයක් භාවිත වූ විට ඒ ව්‍යවහාරය නොදත් අයට මේ ලිපියට දායකවීම් කිරීම දුෂ්කර බව පෙනේ. මේ වී ඇත්තේ එය යි. අනෙක් වැදගත් ම කරුණ නම් හෙල හවුල ගැන විකිපීඩියා විශ්වකෝෂ ලිපිය හෙල හවුලේ අධිකාරය යටතේ පවතින්නක් ද? යන්නයි. මා දන්නා විකිපීඩියා ප්‍රතිපත්ති අනුව නම් ඒ එසේ නොවේ. හෙල හවුල් ව්‍යවහාරය භාවිත විය යුත්තේ හෙල හවුලේ ව්‍යවහාරයට කැමති අය ලියා පළකරනන තම ලිපිවලත් ඔවුන්ගේ පළකෙරුම්වලත් පමණකැ යි සිතමි. Sasithmadu (talk) 20:20, 14 සැප්තැම්බර් 2019 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Kkgrandula&oldid=441086" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි