Rashmida
Missed Call 8 ක් Message 5 ක් අපොයි අදනම් මම තරූගෙන් බැනුම් අහනවා ෂුවර් කියාසිතමින් මම ෆෝන් එකේ මැසේජ් චෙක් කෙරුවා.එතකොට ආපු මැසේජ් එක දිහා මගේ දෙනෙත යොමු වුණේ ඉබේටමයි.
"මැට්ටා ඔයා තාම නිදිද?" අසා තිබුණේ එය පමණි.
මම ඉක්මනින්ම එයට රිප්ලයි කෙරුවේ "නෑ මැට්ටි මම නැගිටලා පාඩම් කර කර හිටියේ ෆෝන් එක silent දාලා"
තරූ...ඇය මට හමුවුණේ වසර කිහිපයකට පෙරයි.ඒ කාලයේ මම හිටියෙ පාසලේ 10 වසරේ.එදත් වෙනද වගේම විද්‍යාව උගන්වන ගුරුතුමිය පන්තියට ඇවිල්ල පාඩම කියල දෙදී හිටියේ.ඉක්මන් ගමනින් ආපු මැදිවියේ ගැහැණියක් සහ අපේ වයසෙම ගෑනු ලමයෙක් අපේ පන්ති කාමරය ඉස්සරහ නැවතුනේ පන්තිය ඉස්සරහ එල්ලලා තිබුණ නාම පුවරුව දෙස බලාගෙනයි.
"Excuse me" යනුවෙන් මැදිවියේ කාන්තාව පැවසුවේ සිහින් හඩිනි.එ් ඇසුනු හඩ නිසා අපේ විද්‍යා ගුරුතුමිය ඇය අසලට ගොස් මිනිත්තු කිහිපයක් ඇය සමගින් කතා කරමින් සිට ආපහු අාවේ ඒ ආපු ගැහැණු ළමයත් එක්කමයි.
"අයියෝ අපේ පන්තියට තවත් ළමයෙක් ඇවිල්ල මේ ඉන්න ලමයි මදිවෙලාද දන්නෙ නෑ මේ පන්තියටම අලුතෙන් එන අයව පටවන්නේ" කියා මම කිව්වෙ මගේ හොදම යාළුවා වුන සුධීරටයි.
ඒත් පස්සෙ පේළියේ හිටපු කැටාගේ මුවින් පිටවුනේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි .
"මචං මේ සැරේ නම් පන්තියට පට්ට කෑල්ලක් ඇවිල්ල තියෙන්නෙ.මම ඒකිට ට්‍රයි කරනව උබල එහෙම ඒකිගෙ පස්සෙන් යන්නෙ නෑ.හැබැයි එහෙම ගිහිල්ලා අහුවුණොත් මම නොකිව්වයි කියන්න එපා."
එසේ කියා අවසන් වෙනවාත් සමගම විවේක කාලය සදහා සීනුව නාද විය.ගුරුතුමිය ගිය පසු පන්තියේ කොල්ලො සෙට් එකම අලුතින් ආපු කෙල්ල ගාවට ගියේ කඩි ගුලක් ඇවිස්සුනාක් මෙනි.
මුලින්ම ප්‍රශ්න වටය ආරම්භ වුනේ කැටාගේ මුවිනි.
"ආ නංගි මුලින්ම නම කිව්වනම්"
" නදිනි තාරකා දිසානායක"යනුවෙන් අැය එකවරම පැවසුවේ අවුරුදු ගානක් අපිත් එක්ක එකට හිටපු කෙනෙක් ලෙසයි.
"ඉන්නෙ කොහේද ?"
"සියඹලාණ්ඩුවේ"
තවත් ලමයෙක් ඇයගෙන් ප්‍රශ්න අසන්න හදනකොටම මම එතනින් එලියට අාවේ ඒ විවේක කාලය වු නිසායි.
එදා සිට ඇයව අපේ පන්තිය තුළ හැදින්වුනේ තරූ ලෙසයි .පාසලට අලුතෙන් පැමිණි අැය මුල් වාරය තුලම පන්තියේ ඉහලම ස්ථාන අතරට පැමිණියේ අනික් ලමයින්ගේ සිතේ තරහක් ඇති කරමිනි.නමුත් කාටවත් ඇයව අභිබවා යාමට නොහැකි විය.පාසලට පැමිණි දින සිටම තරූ පස්සෙන්ම ගිය කැටාට අන්තිමට සිදුවුයේ තරූගෙන් හොදටම බැණුම් අසමින් ඇය පසුපස යාම නතර කිරීමටයි. එක්දිනක් මා උදෑසනම පන්තිය ඇතුලට යනවිට පන්තිය අතුගාමින් සිටි තරූගේ ඇගේ වැදුණේ මාත් එක්කම ආපු සුධීරත් සමග කතා කරමින් පැමිණීම නිසයි. එවෙලෙම මා අැයගෙන් සමාව ඉල්ලුවේ වරද මා අතේ වු නිසාවෙනි.
"සාරංග ඔහොමද පාරෙත් යන්නෙ ඈ"
කියා ඇය මගෙන් විමසීය.
එවිටම මගේ මුවෙන් පිටවුනේ "පිස්සුද යකෝ මම සුධීරත් එක්ක කතා කර කර ආපු නිසා ඔයාව දැක්කේ නෑ" යන වදන් පෙලයි එසේ කියමින් මම එතනින් පිටවිය.
ඒ මම ඇයත් සමග කතා කල පලමු වචන පෙලයි. පාසලේ වැඩ කටයුතු නිසා තරූගේ යෙහෙළියකගෙන් ඇයගේ දුරකථන අංකය ඉල්ලාගෙන ඇයත් සමග ඇතිවූ මිතුරුකම පසු කලකදී ආදර කතාවක් බවට පත් වුණේ අපේ හදවත් එකිනෙකාට නොදැනීම ලං වු නිසාවෙනි....
එ්ත් සමගම නැවත දුරකථනය නාද වීම නිසා සිහින ලොවක තනිවු මම නැවතත් පියවි සිහියට පැමිණ දුරකථනය දෙස බැලීය.
"මැට්ට අද ඔයා scl එනවද?"කියා විමසා තිබීය.
ඇයගේ දුරකථන අංකයට ඇමතුමක් ගත් මම
"ඔව්, අද මම ඉස්කෝලෙ එනව ඇයි ඔයා එහෙම ඇහුවේ?"
"එතකොට දැන් අද දවස මතකම නැද්ද?"
"අද සදුදානේ ඉතින් අද විශේෂත්වෙ මොකක්ද?"
"මෝඩයා අදට අපේ කතාවට අවුරුදු 4ක් වෙනවා එ්කවත් මතක නැද්ද ඔයාට?"
වාණිජ අංශයෙන් උසස් පෙලට පෙනී සිටීමට සූදානම් වෙමින් සිටි මට ඇත්තටම එය අමතක වී තිබුනේ විභාගයට තව මාස 06 ක් වැනි සුළු කාලයක් තිබූ නිසාවෙනි.
"ඇත්තටම මට මතක නැති වුණා මැට්ටි"
"හා ඒකට කමක් නෑ,අද මට මොනාද දෙන්නේ?"
"ඒක සප්‍රයිස් එකක්.ඉස්කෝලෙදි මම තෑග්ග දෙන්නම්"
"හා හොදයි,එහෙනම් ඉස්කෝලෙදි හම්බ වෙමු.පරිස්සමින් එන්න."
"බුදු සරණයි"යනුවෙන් පැවසූ මමත් දුරකථනය විසන්ධි කර වත්ත පහලට දිව්වෙ රෝස මලක් කඩා ගැනීමටයි.
ඉක්මනින් රෝස මල කඩා ගෙන නිවසට පැමිණි මම පාසල් නිල ඇඳුමින් සැරසී පොත්ටික සහ ලබන සතියේ ඇති තරූගේ උපන්දිනයට ගත් තෑග්ගද අතට ගත්තේ අැයගේ උපන් දිනයට වෙනත් තෑග්ගක් දීමට සිතමිනි.
උදෑසනම පාසල අසලට පැමිණි මම තරූ පැමිණෙන බස් රථය පාසල අසලට එනතෙක් බලා සිටියේ නොඉවසිල්ලෙනි.කෙමෙන් කෙමෙන් පාසල අසලට පැමිණි බස් රථයෙන් බැසගත් ඇය පාසල ඉදිරියෙන් ඇති කහ ඉර මාරු වුණේ සැමටම පිටුපසිනි.
එවිටම ඇසුනු හෝන් හඩත් සමග හැරී බැලූ මට දිස්වුනේ වේගයෙන් පැමිණෙන ටිපර් රථයකි. මගේ අතේ තිබුණ තෑග්ග පසෙකට විසිකර දැමූ මම කහ ඉර දිගේ වේගයෙන් දිව ගියේ එම රථය තරූ සිටි දෙසට ධාවනය වූ නිසායි.වේගයෙන් දිවගොස් තරූගේ අතිනුත් ඇදගෙන ඇය පැමිණි දෙසටම දිවීමට උත්සාහ කලමුත් ඇයගේ අතින් අල්ලනවාත් සමගම ටිපර් රථයේ වැදුනු අප දෙදෙනාම විසිවී ගොස් වැදුණේ කහඉරේ අනික් පස නවතා තිබූ වාහනයකයි.
එක් වරම සිහිය පැමිණියාක්මෙන් දැනුණු මා සිටියේ දිස්ත්‍රික් මහ රෝහලේ කොරිඩෝවක නවතා තිබූ ට්‍රොලියක් මතයි. අමාරුවෙන් එයින් නැගිටගෙන තරූව සොයමින් රෝහලේ කොරිඩෝවක ඇවිදිමින් සිටිය මම දෙසට සුදු රෙදි වලින් වැසූ ට්‍රොලි දෙකක් තල්ලු කරමින් පැමිණෙන රෝහලේ සේවකයින් දෙදෙනෙකුත් ඊට පසුපසින් හඩමින් පැමිණෙන මගේ මව පියා සහෝදරිය සහ ඥාති පිරිසත් තරූගේ මව පියා සහෝදරයා සහ සහෝදරියත් අපේ පාසලේ මගේ මිතුරුකැලත් දිස්වූයේ අහම්බෙනි.එදෙසට දිව ගිය මට ඒ සමගම පැමිණි තද සුළඟින් අර ට්‍රොලි දෙක වසා තිබ් සුදු රෙදි විසිවී ගිය නිසා දැකගන්නට ලැබුණේ ඒ මත තිබු මගෙත් තරූගෙත් නිසල දේහයන්ය.එය දුටු මම පසුපසට විසික් විය.
ඒ සමග පිටුපස සිටපු කෙනෙක්ගෙ වැදී නතර වුන මම පිටුපස බැලුවේ මම වැදුනේ කාගෙද කියල දැනගන්නයි.
ඒත් එක්වරම ඇසුනු ශබ්දයට මා වික්ෂිප්ත විය.
"මොකෝ සුදු මහත්තයෝ බය වෙලා වගේ "
"හෑ..තරූ ඔයත් ආවද? හපොයි.."
"ඇයි මොකෝ මම ආවම මොකද වෙන්නෙ."
"නෑ මම බැලුවේ මේ ලොකෙන් හරි අලුත් කෑල්ලක් දාගන්න දැන් කොහොමද ඒක කරන්නෙ." කියුවේ කොරිඩෝව දිගේ දුව යමිනි.
"සුදු මහත්තයෝ උඹට මම" කියමින් ඇයද මා පසුපස දිව එන්නට විය.
😉❤️😉❤️😉❤️😉❤️😉❤️😉❤️😉❤️😉❤️😉
කෙල්ලෝ කියන්නෙ බන් මැරුණට පස්සෙවත් අපිට සැනසීමෙන් ඉන්න දෙන්නෙ නැති ජාතියක් මුන් මැරිලත් අපේ පස්සෙ එලවනවා කියල හිතනවද?.
ඇත්ත බන් ඒක හරි.
ඔන්න එහෙම කිව්ව කියල දැන් රෙදි උස්සගෙන එන්න එපා.
එ් වුනාට එහෙම කරන්නෙ ආදරේටලු උන්ගෙ ආදරේ ඒ තරමට ලොකුයි.තමන් ආදරේ කරන එකා වෙන කාට හරි අයිති වෙයිද කියන බයට.
මතු සම්බන්ධයි....💕
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
මෙහි ඇති කිසිවක් කතෘගේ අවසරයකින් තොරව උපුටා ගැනීම හෝ කිසිම ආකාරයකින් වෙනත් කිසිදු Page එකක හෝ Group එකක පළකිරීම සපුරා තහනම්.
AR Perera .........