දෘෂ්‍ය කලාවට අදාළ තොරතුරු ගවේෂකයෙකි.ශ්‍රී ලංකාවේ සමකාලීන දෘෂ්‍ය කලා ඉතිහාසයට අදාළ සෑම තොරතුරක්ම කාලානු පිළිවෙළට යාවත්කාලීන කිරීම, සෑම පුද්ගල සංරචකයක් ම සහ බලපෑම්සහගත සෑම සිද්ධියක් ම අලලා තොරතුරු ගවේශකයෙකි. විජයන්ති ආර්ට්ස් යනු විලී රත්නායක යන කලාකරුවා සිය අත්සන හැටියට ව්‍යවහාරික කලා කටයුතු මත තැබූ අත්සනේ නම යි. එය විජයන්ති කලා හැටියට සුලබ වශයෙන් ව්‍යවහාර කළ අතර විජයන්ති කලා යනුවෙන්ද ව්‍යවහාර කෙරිණ. ඔහුගේ වැඩිමහල් පුතු වන සමකාලික දෘෂ්‍ය කලාකරුවකු වන සුජිත් රත්නායක යන අය වෙනත් නමක් හැටියට විජයන්ති කලා හෝ විජයන්ති ආර්ට්ස් යන්න භාවිතා කරනු ලැබේ. දෘෂ්‍ය කලාවට අදාල තොරතුරු ගවේෂණය හා තොරතුරු අනාවරණය කිරීමෙහිලා ‘විජයන්ති ආර්ට්ස්‘ යන පරිශීලක විකිපීඩියානුවකු හැටියට මහත් ඕනෑ කමින්තම විෂය පථයට අනුව කටයුතු කිරීමට සැදී පැහැදී සිටියි.