පරිශීලක:මුදලේ අගය
මුදලේ අගය
මුදල් ඒකකයකින් මිලට ගතහැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය මුදලේ හෙවත් මුදලේ ක්‍රය ශක්තිය ලෙස හැඳින්වේ. මෙය කොටස් දෙකකට බෙදිය හැකි ය.
1.මුදලේ අභ්‍යන්තර අගය/ දේශීය අගය,
මුදල් ඒකකයක් භාවිතා කර රටතුළ මිලදී ගැනීමට හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය "මුදලේ අභ්‍යන්තර අගය/ දේශීය අගය" ලෙස හදුන්වන අතර එය මුදලේ මූර්ත වටිනාකම ලෙසද හඳුන්වයි. "දේශීය මිල මට්ටමට" අනුකූලව අභ්‍යන්තර අගය තීරණය වේ.
මුදලේ අභ්‍යන්තර අගය = (මුදලේ නාමික අගය/ මිල මට්ටම) * 100
2. මුදලේ බාහිර අගය/ විදේශ අගය,
මුදල් ඒකකයක් භාවිතා කර වෙනත් විදේශ රටකදී මිලට ගැනීමට හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය "විදේශීය අගය" වේ. මෙය එම රටවල් දෙක අතර පවතින විනිමය අනුපාතිකය මත තීරණය වේ.