බොදු දහම තුලින් ජීවිතාවබෝධය ලබාගැනීමත් තමන් ලබාගත් අවබෝධය අන්නයයන් සමග බෙදා හදා ගැනීමත් මාගේ පිවිසීමේ අරමුණ වේ.

හඳුනා ගනිමුද ඔබ කවුද කියා == දැක්කද ඔබ ඔබව හොදින්

ඔබ උත්සාහ කලාද ඔබව හදුනා ගන්න. කොහොමද හදුනා ගත්තද හොදින්? සමහරවිට ඔබ බොහෝ දෙනෙකුට චරිත සහතික නිකුත්කල අයෙක් විය හැක. ඔබට ඔබ දෙනු ලබන්නේ කුමන විදිහේ චරිත සහතිකයක්ද? පොඩ්ඩක් ඉන්න. විමසිලිමත්ව බලන්න ඔබ කුමන චරිතයක්ද කියා.

මේ සදහා මම ඔබට මිණුම් දඩු තුනක් හදුන්වා දෙන්නෙමි.

රාග චරිත, ද්වේෂ චරිත හා මෝහ චරිත ඒ මිණුම් දඩු තුන වේ. හැකිද ඔබට දැන් මැනබලන්න ඔබව කුමන චරිතයක්ද කියා. කලබලවන්න එපා. බොහොම හෙමින්, සීරුවෙන්, සිහිනුවණින් මේ පිලිබදව සොයා බලන්න. එවිට ඔබට හැකිවෙයි ඔබතුල ඇති දුර්වල චරිත ලක්ෂණ හදුනාගෙන ඒවා අවම කරගනිමින් යහපත් ච්රිත ලක්ෂණ වර්ධනය කරගනිමින් ජීවිතයේ යථාර්තය අවබෝධ කරගැනීමට. ඔබ රාග චරිතයක් නම් ඒ දුර්වලකම් මගහරවා ගැනීමට ඔබ කලයුත්තේ ශරිරය පිලිබද අනිත්‍ය ස්වභාවය හා අසුබය හොදින් මෙනෙහි කිරීමත් අවබෝධකර ගැනීමත්ය.

පුරුෂයා නිතරම ස්ත්‍රියවෙතත් ස්ත්‍රිය නිතොරම පුරුෂයා වෙතත් ආකර්ෂණයවීම ප්‍රථග්ජන ස්වභාවයයි. 

නමුත් ශීලයෙන්දැමුනු කල්හි සමාධිගතවු සිතින් ප්‍රඥාවන්ත ලෙස ඇතිකරගත් දැක්ම (නිවැරදි දැක්ම) ඉහතකී බැමි මුදාලීම උදෙසා තමාට සරණවනු ඇත. එබැවින් ප්‍රථමකොට ශීලය ජීවිතයට ලංකරගන්න. දිවි දෙවැනිතොට ශිලය ආරක්ෂාකරන්න. අධික රාගී තත්වයෙන් අත්මිදීමට එයින් ඔබට පිහිටක් ලැබෙනු ඇති. එයින් ඔබට ලැබෙන අපමණ සිසිල අත්විදින්න. ඔබ රාගගින්නෙන් දැවී විනාශ නොවනු ඇත. අතිශය සුන්දර ජීවිතයකට ඔබ උරුමකමි කියනු ඇත. ඔබ දෙව්ෂ සහගත චරිතයක් නම් නිතොර ඔබේ සිත තුල තරහ සිතුවිලි ඔබව අපහසුවට පත්කරත් නම් ඔබ කලයුත්තේ මෛත්‍රිය නිතොර වැඩීමයි. ප්‍රථමයෙන් තමන්ට මෛත්‍රි වඩන්න. තමන් අපහසුවට දුකට පත් කරන කාරනාවලින් අත්මිදෙන්න. දෙවනුව ලෝවැසි සයලු සත්වයන්හට මෙත්සිත පතුරුවන්න. ද්වේෂ සහිත සිතුවිලිවලින් මදී ඔබ සුවපත් වනු ඇත. එයින් ඔබ මානසිකව හා කායිකව නිරෝගි සක්තිමත් පුද්ගලයෙක් වනු ඇත. ඔබ මොහ චරිතයක් නම් ධ්ර්මාවබෝධය වර්ධනයකරගැනීමට වැඩිපුර වෙහෙසෙන්න. යාග හෝම යන්ත්‍ර මන්ත්‍ර බලිතොවිල් සදහා ඔ‍බගේ කාලය ධනය නාස්තිකර නොගෙන උතුම් බුද්ධ ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකරගන්න. සදහම් මගට පිවිසෙන්න. බුද්ධ රත්නය,ධම්ම රත්නය,සංඝ රත්නය ඉතසිතින් සරණ කරගන්න. මෝහාන්ධකාරය දුරුවී ඔබ සුවපත්වනු ඇත. ප්‍රඥාලොකයෙන් ඔබ බැබලෙනු ඇත. රාග ද්වෙෂ මෝහ ඔබෙන් දුරුවූකල්හි ඔබ සත්‍යවශයෙන්ම දහමින් සිසිල ලත් උතුම් මිණිසෙක්වනු ඇති. ඔබට තෙරුවන් සරණයි.

අනාගතය ගැන බලාපොරොත්තු නොතබන්න අතිතය ගැන පසුතැවිලි නොවන්න


සංස්කාරක ගෙන් නිවන ගැන අදහසක් හා මගේ පිළිතුරු - ජයසිරි සංස්කරණය

බුදුන් වහන්සේ පෙන්න දුන් පරිදි සිත කියා ශරීරයෙන් බැහැරවූ දෙයක් නොමැත. සිත යනු ශරීරයේම ක්‍රියාකාරකමකි.සිත කොටස් තුනකින් යුක්තවේ. එනම් විඤ්ඤාණය ,මනෝ සහ චිත්ත වේ.එය ශරීරයේම ක්‍රියාකාරකමකි. හැගීම් ඉබේම ක්‍රියා කරන බව බුදුන්වහන්සේ පෙන්වා දී ඇත.

ඔබගේ මෙම ප්‍රකාශයට අනුව මෙය ඔබේ අදහසක් නම් "බුදුන් වහන්සේ විසින් පෙන්නා දුන් පරිදි යැයි සඳහන් කිරීම උචිත නොවේ යනු මගේ මතයයි. අඩුම තරමින් ත්‍රිපිටක ධාරි භික්ෂුන් වහන්සේනමක් විසින් පාඨ ගෙන හැර දක්වමින් කල දේශනාවක් අසා හෝ ඔබ මෙවන් ප්‍රකාශයක් කලානම් එය නිවැරදියි පිළිගත හැක. හුදෙක් ඔබේ හිතේ හෝ මනසේ සකස් වූ අදහසක් මෙසේ ඉදිරිපත් කිරීමෙන් වැලකුනොත් වඩාත් උචිත යයි මගේ විශ්වාසයයි.--ජයසිරි (talk) 07:52, 26 අගෝස්තු 2016 (යූටීසී)

ඔබේ පලවන ප්‍රශ්නයට පිළිතුරු දීමට ප්‍රථම 'අපට නිවන අසලටවත් යන්න බැරි' යයි ඔබ දරන දුර් මතය පිළිබඳව මගේ බලවත් කනගාටුව ප්‍රකාශකරමි.

යමෙකුට නිවනට ළඟා වීමට නොහැකිවන ප්‍රධානම බාධකය වන්නේද මට නම් නිවන අසලටවත් යා නොහැක යන සිතුවිල්ලමවේ. අදට දශකයකට පමණ ඉහත ධර්මය දේශනාකළ දේශකයන් වහන්සේලා අනුදැන වදාළේ මෙතේ (මෛත්‍රි) බුදුන් දැක නිවන් දැකීමක් ගැනයි. නමුත් ඒ අදහස අදවනවිට නිවැරදිව ධර්මය අවබෝද කරගනු ලැබූ (උතුම් නිවන අවබෝධකරගත්) ධර්මධර භික්ෂුන් වහන්සේලා විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. (එවැනි රහතන් වහන්සේලා අද මේ ධර්මද්ධිපයේ වැඩසිටින බව බොහෝදෙනා දන්නා කරුණකි) එවන් උතුමන්ගෙන් නිර්මල බුදු දහම අසා දැනගන්න. ඉතා සරලව හා පැහැදිලිව ඒ මගින් ඔබට නිවන දැකගත හැක. සිත ශරීරයෙන් වෙන්ව පැවතීමක් ගැන හෝ එක්ව බැඳී පැවතීමක් ගැන හෝ මම කිසිම තැනක ප්‍රකාශකළ බවක් මගේ මතකයේ නැත. බුදුන් වහන්සේ එවන් දේශනාවක් කර ඇති බවක් ද මම අසා නැත. එබැවින් ඔබගේ දෙවන ප්‍රශ්නය මට අදාළ වන්නේද නැත.

සිත පවතින්නේ මේ මොහොතේ පමණක්ම බවත් අතීත සිතක් හෝ අනාගත සිතක් කියා කිසිවක් නොමැති බවත් තේරුම් ගැනීමට උත්සාහ කරන්න. අතීතය මතකයක් පමණි. අනාගතය යනු බලාපොරොත්තු හෝ ප්‍රාර්ථනා මිස යතාර්ථයක් නොවේ (තව මොහොතකින් මා මිය නොයාවියයි කිවහැක්කේ කාටද) නිවන දකින්නාහු විසින් එය දැකිය යුත්තේ මේ මොහොතේම මිස එලඹේවියයි විශ්වාසයක් හෝ නැති අනාගතයේදී නොවන්නේය. උපන්දා සිට මේ දක්වා ගෙවාගෙන එන මේ සසර ගමනේ මා සිටින්නේ මේ මොහොතේම පමණක් බව නුවනින් දකින්න. (අතීතයේ සිටි මා දැන් නැත. අනාගතයේ මා පැමිණ නැත.) මේ මොහොතේ මගේ සිතිවිලි අතීත සිදුවීමක් හෝ අනාගත බලාපොරොත්තුවක් ගැන විය හැක. පසිඳුරන් නිසා ලබන වේදනාවක් සම්බන්දව වියහැක. මේ වේදනාවේ ලක්ෂණයයි වේදනාව නිසා ඇතිවන්නේ තණ්හාවයි ( ඇලීමත් ගැටෙන ස්‌වභාවයත් දෙකම තන්හාවේම ලක්ෂණ වේ)තන්හාවට බැඳී ගිය කල්හි (උපාදාන) භවය සකස්වේ. නැවත උපතක් කරා යන්නේ එබැවිනි. මෙයයි හේතු ඵල ධර්මතාවය. මේ මොහොතේ සිතුවිලි නිරුද්ධ වේ නම් තන්හා උපාදාන නැත . නැවත උපතක් නොවේ.මෙය දැකිය හැක්කේ ප්‍රඥාවෙන්ම පමණි. 

නිවන් දැකීමෙන් පසු සිතට මොකද වෙන්නේ? (මේ ඔබගේ ඉලඟ පැනයයි)

සිතේ ස්වබාවය සිතුවිලි ඇසුරු කිරීමයි(අතීත හෝ අනාගත සිතුවිලි සහ වින්දනය මුල් කරගත් සිතුවිලි = සසර ) නිවන යනු සිතුවිලි වලින් නිරුද්දවිමයි. සසරින් එතෙර වීමයි. නිවන් දැකීමෙන් පසු සිත හෝ පුද්ගලයෙක් නොමැත. දුක් විඳින්නේ පුද්ගලයෙක් ඇති නිසාවෙනි. පුද්ගලයෙක් නොමැති කල්හි දුක් විඳීමට කෙනෙක් නැත. නිවන  එවන් අවින්දනාත්මක තිර ශර එකකි. ( ඔබ දුක් විඳීමට කැමතිනම් සිත දිගටම පවත්වාගෙන යන්න, එය මට හෝ වෙනත් අයෙකුට අදාළ වන්නේ නැත, ඔබටම පමණි.)  


වර්ථමානය සකස් කරගන්න රාග ද්වේශ මෝහ දුරුකර සසර මගින් එතර වන්න.


නිවන ඔබ ලගම ඇත.

නිවන යනු ප්‍රාර්ථනා කිරීමෙන් ලැබිය හැක්කක් නොවේ.

එය පුරුදු පුහුණු කලයුතු ක්‍රියා මාර්ගයකි. 

ජීවිතය දුකින් පිරී ඇතිබව දැකීමට සමත් කල්හි අපමණ ආසාවන් සිත්හි දරා සිටීම කෙතරම් අනුවන කමක්ද? යන්න අවබෝධවේ.

ආසාවන් බලාපොරොත්තු සිත්තුල පවතිනතාක් කල් අප නැවත නැවත උප්පත්තියක් කරා යොමුවනුඇත .
උපන්නොත් ලෙඩ දුක් කරදර ව්‍යසන වලට මුහුණදිය යුතුවේ. 

නැවත ඉපදීමක් සිදුනොවන කල්හි ලෙඩ දුක් කරදර වලට මුහුණ දීමට සිදුවන්නේ නැත.

එසේනම් නැවත උප්පත්තියක් සිදුනොවන තැනට සිත පත්කරගැනීමට අවැසිමගට අප සපැමිනිය යුතුවේ. 

සිතතුළ පවතින සියලු ආසාවන් දුරුකලහැකි මගට පැමිණීමට නම්.

1. ඉපදීම දුකක් බව නිවැරදිව දැකීය යුතුය 2. බලාපොරොත්තු ආසාවන්ගෙන් හා වෛරී සිතුවිලි වලින් සිත නිදහස් කලයුතුය 3.රැවටිලි කපටි හා රළු බසින් තොරවිය යුතුය 4. හිංසන,ඝාතන, චෞර ක්‍රියාවන්ගෙන් හා අදම ක්‍රියාවන්ගෙන් දුරුවිය යුතුය5. දිවිපැවැත්ම උදෙසා සමාජ අසාදාරන කිසිවක් නොකලයුතුය 6. හැමවිටම අකුසල් දුරුකරමින් කුසල් වඩාවර්දනය කිරීම සඳහා වෙහෙසිය යුතුය 7.කරන සැම ක්‍රියාවක්ම හොඳ සිහියෙන් හා නුවනින් සිදුකලයුතුය 8.සිත තමාට අවැසි පරිදි පවත්වාගැනීමට දක්ෂවියයුතුය නිවන ඔබ අසලමය නිවන අත්විදිමු.

නිවනට සපැමිනිමේ පළමු පියවර වනුයේ සෝවාන් ඵලය ලැබිමය . ඒ සඳහා සක්කාය දිට්ටි , විචිකිච්චා , සීලබ්බත පරාමාස, යන මේ සංයෝජන අවබෝදයෙන් දුරු කල යුතුවේ.

සක්කාය දිට්ඨි

යමෙක් තුල තමා පිළිබඳව හෝ අන් වස්තුන් පිළිබඳව ආසාව බැඳීම තදින් පවතීනම් ඔහුට මේ දුකින් පිරුනාවු සංසාරයෙන් ගැලවීමක් ඇත්තේ නැත. ඇසට පෙනෙන සියලු වස්තුන්ද, සබ්ධ, රස, ස්පර්ශ ආදී වූ සියලු ආරම්මනද මොහොතින් ඇතිවී නැතිවන අනිච්ච ස්වාබාවයම ප්‍රකට වන්නාවූ දේමය. සතර මහා භූතයන්ගෙන් සදුනාවූ මේ සියලු වස්තුන් නොබෝ දිනකින් ඒ සතර බිඳී අවසන් වන්නේය. පෙර කර්ම හේතුවෙන්ම වින්ඥානය සමග බැඳී සත්වයෙක් පුද්ගලයෙක් ලෙස දකින්නේය. එබැවින් මේ හා බැඳීම අනර්තයක්ම මිස අර්ථයක් නොවන්නේය (අනත්ථ). නැවත නැවත සසර ඉපදෙමින් අනන්ත දුකටම පත්වේ. එසේනම් සසරින් එතර වීමට හෙවත් දුකින් මිදීමට කැමැත්ත ඇති අය විසින් අනිවාර්යයෙන්ම තමා පිළිබඳව හෝ වෙනත් වස්තුන් පිළිබඳව ඇති ආසාව ටිකින් ටික දුරු කරගත යුතුවේ. එවිට සක්කාය දිට්ටිය නම් වූ සංයෝජනය දුරුකර ගත හැක. එය සෝවාන් මගට තබන පළමු පියවර වන්නේය.

විචිකිච්චා

යමෙක් තුල බුදුන් දහම් සඟුන් යන තිසරණය පිළිබඳවත්, පෙර භවය මතු බවය පිළිබඳවත් , දෙවියන් බඹුන් පිළිබඳව හෝ මාපිය ගුණ පිළිබඳව හෝ සැකයක් පවතී නම් එය විචිකිච්චාව ලෙස හඳුන්වනු ලැබේ.

සෝවාන් මගට පැමිණෙන්නහු  විසින් මෙකි සැකය නැතිකරගත යුතුය. විස්වාසය දැඩිකරගත යුතුය. එසේම මන්දබුද්ධික නොවන ඕනෑම අයෙකුට සෝවාන් මගට පැමිණිය හැකිය යන්න දැඩිව විස්වාස කලයුතුය. 

එවිට වීචිකිච්චාව නැතිවේ සෝවාන් මගට පැමිණීමට එය ඉමහත් රුකුලක් වන්නේය.

ශිලබ්බත පරාමාශ

නොයෙක් ආකාරයේ ශිල සමාදානයන් කෙරෙහි හෝ වෘත සමාදානයන් පිළිබඳව විස්වාසය තුලින් දුකින් මිදියහකියයි විස්වාසකිරීම තුන්වන සංයෝජනයයි.

නිවනට මග වන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳ නිවැරදි අවබෝදය පමණක්ම බවත් ඒ සඳහා වෙනත් සීල වෘත සමාදන් වීම නිවැරදි මග නොවන බවත් විස්වාස කල යුතුවේ. 

ගෞතම බුද්ධසාසනය තුල දීම නිවන් මගට පැමිණීමට බලාපොරොත්තුවන බුද්ධශ්‍රාවකයා මෙසේ තම අවබෝදය නිවැරදි කරගතයුතු වන්නේය.

එසේම සෝවාන් මගට පැමිණ මිස මේ බවයෙන් ඉක්ම නොයන බවට දැඩිව තීරණය කරගත යුතුය .

සක්කාය දිට්ටිය , විචිකිච්චා , සීලබ්බත පරාමාස, යන මේ සංයෝජන දුරුකොට මේ බවයෙදීම සෝවාන් මගට පැමිණිය යුතුමය.


මෙය දැඩිව අධිෂ්ටාන කොටගෙන අවබෝදය වඩා වර්දනය කරගනිමු.

සත්‍ය වශයෙන්ම ඔබ බෞද්ධයෙක් නම් ඔබ මේ බවයෙහි දීම සෝවාන් විය යුතුමය. සන්දිට්ටික වූ අකාලික වූ බුදුදහම පවතින මෙකල්හි එසේ සෝවාන් මගට නොපැමිණෙන අය මියයන්නේ බෞද්ධයෙකු ලෙස නොව මිත්‍යා දෘෂ්ටිකයෙකු ලෙසමයි. ශ්රුතවත් ආර්ය ශ්‍රාවකයෙකු ලෙස මියයාමට අදිටන් කර ගනිමු .


ඔබ සත්‍ය වශයෙන්ම බෞද්ධයෙකුනම් මේ භවයේදීම සතර අපායෙන් මිදීමේ මග තහවුරුකොට ගෙනම පමණක් මේ භවයෙන් නික්මීමට අදිටන් කට ගන්න.

සතර අපායෙන් මිදීම අවබෝද කර නොගන්න තාක් කල් ඔබ සාමාන්‍ය පෘතග්ජන අයෙක් පමණක් වන්නේය. එවන් පුගලයින් අතින් මව මැරීම පියා මැරීම වැනි ආනන්තරිය ගනයේ භයානක පාප කර්ම සිදුවිය හැකිය. එවිට ඔබ පත්විය හැකි තත්වය ගැන සිතා බලන්න. එසේනම් ඔබ මේ තත්වයෙන් මිදීම අනිවාර්ය නොවන්නේද? බුදුපියාණන් වහන්සේ සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් පාරමී පිරුවේ ඔබත් මාත් මේ භයානක කමින් අත්මුදවා ගැනීමටයි. ගිහියෙක් ලෙස අරිහත් බව නොලැබුවත් අඩුම තරමින් සතර අපායෙන් මිදීමනම් අනිවාර්ය ය .

ප්රුතග්ජනයෙකු ලෙස නොව ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයෙකු ලෙස මේ හවයෙන් නික්මීමට තරයේ අදිටන් කර ගනිමු

ඔබ මියයන විට සෝවාන් මගට නොපැමිණ සෝවාන් ඵලය නොලබාම මිය යන්නේ නම් ඔබත් වෙනත් ආගමික මිත්‍යා විශ්වාසයන් ගෙන් යුත් අයෙකුත් අතර කිසිදු වෙනසක් දැකිය නොහැකිය සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:ජයසිරි&oldid=375837" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි