නේපාලයේ ප්‍රතිමා කලාව

නේපාලයේ ප්‍රතිමා කලාව සතුව දීර්ඝ ඉතිහාසයක් ඇත. එහි දී වීදුරු, ලෝහ, පාෂාණ, දැව එසේ නොමැති නම් මැටි වැනි මාධ්‍ය යොදා ගනිමින් වෙනස් හැඩයෙන් සහ ප්‍රමාණයෙන් යුත් ප්‍රතිමා නිර්මාණය කිරීම සිදු විය.[1] චිත්‍ර කලාව සේම මූර්ති ශිල්පය ද නේපාලයේ ආගමික සම්ප්‍රදායයන් සහ රීතීන් ඔස්සේ එකිනෙකට බැඳී පවතී.[2] ලෝහයෙන් සහ පාෂාණ භාවිතයෙන් විවිධ දෙවිවරුන් උදෙසා ප්‍රතිමා නිර්මාණය කිරීම සම්බන්ධයෙන් නේපාලයට දීර්ඝ සම්ප්‍රදායයක් ඇත. රාජ්‍ය ඉතිහාසය පුරා මූර්ති ශිල්පය සංවර්ධනය විය.[3]

අවලෝකිතේශ්වර පද්මපාණී බෝධිසත්ත්ව ප්‍රතිමාවක්; සංක්‍රාන්ති යුගය, ක්‍රි.ව. 11වන සියවස; මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.
මෛත්‍රෙය බෝධිසත්ත්ව ප්‍රතිමාවක්; ඨාකුරී යුගය, ක්‍රි.ව. 11වන සියවස; මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.

ලිච්ඡවී රජකු වූ මන් දේව් විසින් ඉදිකරවන ලද බාමන් ත්‍රීබික්‍රම් ප්‍රතිමාව නේපාලයෙන් හමුවන පැරණිතම ප්‍රතිමා ලෙස සලකනු ලැබේ. ලිච්ඡවී සමය තුළ නිර්මාණය වූ ප්‍රතිමා නිර්මාණ අතර පාලන්චෞක් භගවතී, බුධනිල්කාන්ථ වැනි ප්‍රතිමා වැදගත් වේ. ලිච්ඡවී රාජ්‍ය සමය තුළ ආරම්භ වී ගොඩනැගුණු ප්‍රතිමා කලාන මල්ල රාජ්‍ය සමයේ උච්චස්ථානයට පත්ව ඇත.[4] සැබැවින්ම මල්ල යුගය නේපාලි ප්‍රතිමා කලා ඉතිහාසයේ ස්වර්ණමය යුගය වශයෙන් සැලකේ.[5] චන්ගු නාරායන් දේවාලය තුළ සහ එය වටා දක්නට ලැබෙන ප්‍රතිමා, පාලන්චෞක් භගවතී, බුධනිල්කාන්ථ යනාදී මූර්ති ලිච්ඡවී සමය තුළ නේපාලයේ නිර්මාණය වූ මූර්තීන්වලට නිදසුන් කිහිපයකි.[6]

නේපාලි ප්‍රතිමා ශිල්පීන් සිය ප්‍රතිමා නිර්මාණයේ දී පාෂාණ, දැව, සහ ටෙරාකොටා වැනි විවිධ මාධ්‍ය යොදාගෙන තිබේ. ඔවුන්ගේ ලෝහමය ප්‍රතිමා බොහෝ විට රන් ආලේප කොට ඇති අතර, එහි රන් වියෝජනය වී ඇති ස්ථානවල මඳක් රතු දුඹුරු පැහැ තඹ පෙද බැඳීම සිදු වේ. මෙයට හේතුවී ඇත්තේ ප්‍රතිමාවල අනර්තර්ගත වන ඉහළ තඹ ප්‍රමාණයයි. මේ අතුරින් බොහෝමයක්, විශේෂයෙන්ම පසුකාලීනව නිර්මාණය වූ ප්‍රතිමා තරමක් වටිනා පාෂාණවලින් අලංකාර කොට ඇත. දැවමය ප්‍රතිමා නිර්මාණ ද තිබූ අතර, ඒවා බොහෝවිට ගෘහනිර්මාණ අංග සඳහා භාවිතා විය. ටෙරාකොටා මාධ්‍යයෙන් තැනූ නිර්මාණ තරමක් දුර්ලභ ය.[7]

ඉන්දියානු සම්ප්‍රදායේ ආභාසය ලබමින් බුද්ධාගමේ සහ හින්දු ආගමේ ආගමික ප්‍රතිමා ශිල්ප ක්‍රම අනුව යමින් නේපාලි ප්‍රතිමා කලාව එයටම අනන්‍ය ස්වභාවයක් ගොඩනගා ගත්තේ ය. මෙහි දී වඩාත් විසිතුරු, අතිශයෝක්තියෙන් යුත් ඉරියව් හුවා දැක්වෙන දිගටි මුහුණුවලින් යුත් ප්‍රතිමා නිර්මාණය විය. [8]

ලිච්ඡවී යුගය සංස්කරණය

ලිච්ඡවී නම් පාලන වංශයක් විසින් පාලනය ගෙනගිය ලිච්ඡවී රාජ්‍ය කාලය තුළ (ක්‍රි.ව 330-879) නේපාලයේ මූර්ති කලාව දියුණුවට පත් වූයේ ය.[9] මෙම යුගය තුළ දී මූර්ති නිර්මාණය කිරීම සඳහා බහුල වශයෙන් භාවිතා කොට ඇත්තේ බැසෝල්ට් නම් පාෂාණ විශේෂය වන අතර මුලින්ම පාෂාණය කැපීමෙන් අනතුරුව ඔප දැමීම සහ යකඩ කුඩු භාවිතයෙන් වලිච්චි ගෑම සිදුකරන ලදි. [10]

මල්ල යුගය සංස්කරණය

 
තාරා දෙවඟන; මල්ල යුගය, ක්‍රි.ව. 14වන සියවස; මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.

මල්ල යුගයේ පාලකයෝ බුදු දහම මෙන්ම හින්දු ආගම යන සම්ප්‍රදායයන් දෙකටම අනුග්‍රහ දැක්වූහ. මේ නිසා ‍බෞද්ධ මෙන්ම හින්දු යන ප්‍රතිමා කලාවන් දියුණුවට පත් විය.[11] මුලින් කත්මණ්ඩු මිටියාවතේ පදිංචිව සිටි නෙවාර් ජනයා එම කලාපය ඔස්සේ ව්‍යාප්ත වූ අතර, හිමාලය තෙක් විහිදෙන හම කලාපයේ කලා සම්ප්‍රදායය කෙරෙහි ආධිපත්‍යය පැතිරවීමට ඔවුහු සමත් වූහ.[12] මෙම යුගයේදී, ගනේෂ, ශිව, විෂ්ණු, සූර්ය, ලක්ෂ්මී, සරස්වතී, ගෞතම බුදුන් වහන්සේගේ වැනි පූජනීය ප්‍රතිමා නිර්මාණය විය. මේ යුගයේ දක්නට ලැබෙන වෙනත් ප්‍රතිමා අතර රජවරුන් සහ දෙවියන් ප්‍රතිමා ද දක්නට ලැබේ. තාක්ෂණයේ දියුණුවත් සමග අච්චු භාවිතය යන ක්‍රම භාවිතයෙන් වස්ත්‍ර සැරසිළි කැටයම් කිරීම සහ තන්ත්‍රික අදහස් සහ චාරිත්‍ර පදනම් කරගත් ක්‍රියාවලි අත්හදා බලන ලදි.


ගැලරිය සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Selig Brown, Katherine. "Independent Scholar". Heilbrunn Timeline of Art History. The Metropolitan Museum. සම්ප්‍රවේශය 19 November 2017.
  2. Sculptures information on blogspot
  3. Selig Brown, Katherine. "Independent Scholar". Heilbrunn Timeline of Art History. The Metropolitan Museum. සම්ප්‍රවේශය 19 November 2017.
  4. “Himalayan Region, 500–1000 A.D.” In Heilbrunn Timeline of Art History. The Metropolitan Museum of Art https://www.metmuseum.org/toah/ht/06/ssh.html. සම්ප්‍රවේශය 19 November 2017. {{cite web}}: Missing or empty |title= (help)
  5. Nepalese sculptures history on blogspot about Nepal
  6. Nepalese sculptures history on blogspot about Nepal
  7. Nepalese Sculpture Kathryn Selig Brown, October 2003, Heilbrunn Timeline of Art History, Metropolitan Museum of Art
  8. Selig Brown, Katherine. "Independent Scholar". Heilbrunn Timeline of Art History. The Metropolitan Museum. සම්ප්‍රවේශය 19 November 2017.
  9. “Himalayan Region, 500–1000 A.D.” In Heilbrunn Timeline of Art History. The Metropolitan Museum of Art https://www.metmuseum.org/toah/ht/06/ssh.html. සම්ප්‍රවේශය 19 November 2017. {{cite web}}: Missing or empty |title= (help)
  10. Sculptures of Nepal of_nepal.php in manang.com[permanent dead link]
  11. Nepal: Early Malla Period Sculpture. Himalayan Art Resources Inc. https://www.himalayanart.org/search/set.cfm?setID=1604. සම්ප්‍රවේශය 19 November 2017. {{cite web}}: Missing or empty |title= (help)
  12. Nepal: Early Malla Period Sculpture. Himalayan Art Resources Inc. https://www.himalayanart.org/search/set.cfm?setID=1604. සම්ප්‍රවේශය 19 November 2017. {{cite web}}: Missing or empty |title= (help)

බාහිර සබැඳි සංස්කරණය

මේවාත් බලන්න සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=නේපාලයේ_ප්‍රතිමා_කලාව&oldid=602287" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි