නීතිය - ගිවිසුම් කර සිද්ධාන්තය
නීතිය - ගිවිසුම් කර සිද්ධාන්තය ගිවිසුම්කර සිද්ධාන්තය ගිවිසුම් නීතියේ ප්‍රධානතම නිතිමය සිද්ධාන්තය වන අතර එමඟින් ගිවිසුම් නීතියේ නියමයන් හා සංකල්පිත සැකයක් පිළිබඳව සාකච්ඡා කරයි.මෙහිදී නැගෙන වැදගත්ම ප්‍රශ්නය වන්නේ ගිවිසුම බලාත්මක කළ යුත්තේ ඇයි ද යන්නයි. මෙම ප්‍රශ්නයට වඩාත් පිලිගත හැකි පිළිතුරැ ලෙස දිය හැක්කේ, ඉන් ලැබෙන ආර්ථික වාසි හා පොරොන්දු බලාත්මක කිරිම සැලකිය හැක. මෙම සෛද්ධාන්තික විවාදයේ තවත් පැතිකඩක් වන්නේ ගිවිසුමක් බැඳීම් නීතිය හා පවතින පුලුල් සබඳතාවයි. බැඳීමක් සාම්ප්‍රදායිකව ගිවිසුම් දෙකකට බෙදා වෙන්කර ඇති අතර එකක් ස්වේච්ඡාවෙන් ම වගකිම බාරගන්නා අතර එය එක් පුද්ගලයෙකුට හෝ කීප දෙනකුට සීමා වේ. සිවිල් වැරදි බැඳීම් (fort) නීතිය මඟින් පනවනු ලැබු අයිතිවාසිකම් වැරදිසහගත ලෙස කඩකිරීම් වලින් ආරක්ෂා කිරීම පදනම් කර ගනිමින් වන අතර එහිදී බහුතරයකට වගකිව යුතු වේ.
මෑතකදී ප්‍රතිෂ්ටාපන බැඳීම් ලෙස තුන්වන ආකාරයක බැඳීම් ආකාරයක් හඳුනා ගන්නා ලැබූ අතර එය අසාධාරණ ධනාරෝපනය මත පදනම් වේ. (වග උත්තරකරැ පැමිණිලි කරැගේ වියදමින්) සාමාන්‍යයෙන් ගිවිසුමක වගකීම වන්නේ ගිවිසුම මඟින් බලාපොරොත්තු වන කාර්යයන් හොඳින් ඉෂ්ට කිරීමට නොහැකිවීම ය. නමුත් සිවිල් වැරදිවල ක්‍රියාව (පැහැර හැරිම නොව) මඟින් තත්ත්වය නරක අතට හැරීම සහ අසාධාරණ ලෙස පැමැණිලිකරැගේ මුල්‍යමය ලාභය ගැනීම හෝ ලබා නොදී සිටිම වන අතර ඒ සඳහා වගකීම වන්නේ ඒවා ප්‍රතිස්ථාපනයයි.
එක්ත් ජනපද නීතියට අනුව ගිවිසුමක් යනු පාර්ශවයන්ගේ එකඟත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ පූර්ණ නීතිමය බැඳීමයි. නමුත් පොරොන්දුවක් ඉටු කිරීම තුලින් නෛතික යුතු කමක් ඇති කිරීම සඳහා අනිවාර්යයෙන්ම කල යුත්තේ කුමන ආකාරයේ ක්‍රියාවන් දැයි දක්වා නොමහැත. අයිතිවාසිකම් පැවත්ම, වරප්‍රසාද හා පොරොන්දුවකින් පැවරැ බලය නීතිය විසින් හඳුනා ගන්නා අවස්ථා පොදු නීතියේ විස්තර කර ඇත.