ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාවේදී වස්තුවක සිට පැමිණෙන ආලෝක කිරණ එකට එකතුවන ස්ථානය නාභිය හෝ ප්‍රතිබිම්බ ලක්ෂ්‍ය ලෙස හඳුන්වයි. සංකල්පයක් ලෙස සැලකීමේදී මෙය ලක්ෂ්‍යයක් වුවද, ඇත්ත වශයෙන් මෙය බොඳ වෘත්තය ලෙස හැඳින්වෙන අවකාශයේ පැතිරෙන්නකි. සැලකිය යුතු දෝෂයක් නොමැති විට ප්‍රකාශ පද්ධතියේ සිදුරෙන් ඇතිවන විවර්තනය නිසා හටගන්නා කුඩාම බොඳ වෘත්තය Airy disk ලෙස හැඳින්වේ. සිදුරේ විෂ්කම්භය වැඩිවීමත් සමඟ දෝෂයද වැඩිවේ. නමුත් විශාල වන සිදුරේ විෂ්කම්භයත් සමඟ Airy disk කුඩා වේ.

අර්ධ වශයෙන් නාභිගත වී ඇති රූපයක්

වස්තුවක ලක්ෂ්‍යයේ සිට පැමිණෙන ආලෝකය ප්‍රතිබිම්බයේදී එකට එකතු වන්නේ නම් රූපය හෝ එහි කොටසක් හෝ නාභිගත වී ඇත. එසේ එකතු නොවන්නේ නාභිගත නොවී ඇතිවිටදියි. මෙම දෙක අතර මැදී අවස්ථාව වියවුල් වෘත්ත සංසිද්ධිය මඟින් පැහැදිලි කෙරේ.

ප්‍රධාන නාභිය හෝ නාභි ලක්ෂ්‍යය විශේෂ නාභියකි

  • කාචයක් හෝ ගෝලාකාර හෝ පරාවලිය දර්පණයක, ප්‍රධාන අක්ෂයට සමාන්තරව එන සමාන්තර ආලෝක කිරණ එකතු වන ස්ථානයකි. කාචයක් හරහා ‍ආලෝකය දෙපසටම ගමන් කළ හැකි බැවින් කාචයක් සතුව නාභි දුරවල් දෙකක් වේ. මෙම ලක්ෂ්‍යයට කාචයේ හෝ දර්පණයේ සිට ඇති දුර නාභිය දුර ලෙස හැඳින්වේ.
  • ඉලිප්සාකාර දර්පණ සඳහා නාභිය ලක්ෂ්‍ය දෙකක් ඇත. මෙම එක් ලක්ෂ්‍යයක් හරහා පැමිණෙන ආලෝකය දර්පණයේ වැදී පරාවර්තනය වීමෙන් පසුව අනෙක් ලක්ෂ්‍ය හරහා ගමන් කරයි.
  • බහුවලයික දර්පණය නාභි ලක්ෂ්‍ය දෙක සතු ගුණාංගයක් නම් එක් ලක්ෂ්‍යයක් හරහා පැමිණි ආලෝකය අනෙක් ලක්ෂ්‍යයෙන් පැතිරි යනසේ පරාවර්තනය වේ.
POV - කිරණ මඟින් සැකසු, පර්යන්තයේ නාභිගත බොඳවීම පෙන්නුම් කිරීමට සාදන ලද වීදුරු

අවතල කාචයක් හෝ උත්තල දර්පණයක් සමාන්තර ආලෝකය එක් ලක්ෂ්‍යයකට එකතු නොකරයි. මේවායේ එක් ලක්ෂ්‍යයක සිට ආලෝකය විහිදෙන්නාක් සේ පෙනේ. එම ලක්ෂ්‍යය නාභියයි. උත්තල පරාවලයික දර්පණයක් කරා පැමිණෙන සමාන්තර ආලෝක කදම්බයක්, නාභියේ සිට විකිරණය වන්නා සේ පෙනේ. පරාවර්තනයෙන් පසුවද සමාන්තර ආලෝක කදම්බක් ලෙස නාභිය දෙසට ගමන් කරයි. ඉලිප්සාකාර උත්තල දර්පණයක එක් නාභියකින් ආරම්භ වුවා සේ පෙනෙන පරිදි අනෙක් නාභිය වෙත ආලෝකය පරාවර්තනය කරයි. මෙම නාභිය ලක්ෂ්‍ය දෙකම ඇත්තේ කාචයෙන් පසුපසටය. බහුවලයක උත්තල දර්පණයක් කාචය ඉදිරිපිට ඇති නාභි ලක්ෂ්‍යයෙන් පැමිණෙන ආලෝකය, දර්පණය පසු පස ඇති නාභි ලක්ෂ්‍යයෙන් විහිදෙන ආලෝකය ලෙස පරාවර්තනය කරයි.


සටහන් සංස්කරණය

Focus optics

"https://si.wikipedia.org/w/index.php?title=නාභිය_(ප්‍රකාශ)&oldid=471739" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි