[1]දොම්පෙ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රදේශයකි. කොළඹ අග නගරයේ සිට කි.මී. 30 පමණ දුරින් ප්‍රදේශය පිහිටා ඇත.

දොම්පෙ
Dompe
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
පරිපාලන දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

ඓතිහාසික පසුබිම සංස්කරණය

දැහැමි සිරිසඝබෝ රජතුමාගේ සමයේ ජනයාට වින කළ රක්තාක්ෂි නම් රාක්ෂයා රජු විසින් දමනය කළ පසු අනුරාධපුරයෙන් පළාවිත් දකුණෙන් වූ ප්‍රදේශයක දැඩි දොම්නසින් විසීය. ඒ ප්‍රදේශය පසු කලෙක දොම්පෙ නම් විය.[2]

දොම්පෙ මැතිවරණ බල ප්‍රදේශයේ පිහිටි මයිලවලාන ගම (388 මයිලවලාන ග්‍රාම නිලධාරී වසම) විජයාවතරණය දක්වා ඉතිහාසයකට නෑකම් කියන ගම්මානයකි.

විජය කුමරුගේ ලඞ්කාගමනයෙන් පසු කුවේණියගේ උදව් උපකාර ඇතුව ඇයගේ ඤාතීන් සංහාරය කළ අවස්ථාවේ යක්ෂ පිරිස අතර සිටි "මයිල" නමැති යක්ෂ සෙන්පතියා කඩු පහරකින් අතක් අහිමි වීමෙන් පසු දිවි බේරාගෙන මයිලවලාන ප්‍රදේශයේ බදුවත්ත නමැති ඉඩමට පැමිණ බෝධි වෘක්ෂයක වාසය කර ඇත. ඔහුගේ ඇවෑමෙන් මේ ප්‍රදේශය "මයිලවලාන" ලෙස හඳුන්වා තිබේ. මෙම මයිලවලන් යක්ෂ සේනාපති තුමා ගේ යැයි සැලකෙන සිතුවමක් මයිලවලාන ශ්‍රී ගෞතම විහාරස්ථ සධාතුක මන්දිරයේ සිතුවම් කර ඇත.

ගමේ ජීවත් වන පැරණි පරම්පරාවක් ලෙස "මයිලවලන් ආචාරිගේ " යන වාසගම සහිත පිරිස හඳුන්වා දිය හැක. එමෙන්ම විසි වන සියවසේ මුල් භාගයේ තුන්වෙනි දශකයේ පමණ ගම්මුලාදෑනි තනතුර හෙබවූ විජයසිංහ පරම්පරාවට අයත් විජයසිංහ ආරච්චිගේ දොන් ඒමිස් විජයසිංහ ගම්මුලාදෑනි මහතා ද ගමේ විසූ වැදගත් චරිතයකි. ඔහුගේ බිරිඳ පතිරාජවසන් කුඩාහිටිගේ දෝන ඇල්පියානා රණසිංහ හාමිනේ ය.

මෙම ගම් ප්‍රදේශය පරම්පරාගත රන් රිදී කර්මාන්තය ට, කම්මල් කර්මාන්තය ට සහ පහතරට ශාන්තිකර්ම සම්ප්‍රදායට ප්‍රසිද්ධියක් උසුලා ඇත. "කළුහාමි " යනු එවැනි දක්ෂ පහතරට නර්තන ශිල්පියෙකි. සීතාවක රාජධානි සමයේ ආයුධ නිෂ්පාදනය කළ ස්ථානයක යබොර අවශේෂ දැකගත හැකි අතර, පන්සල් ඉඩම නමැති පැරණි භූමි භාගයේ කුඩා ටැම්පිට විහාරයක් තිබූ බවට සාක්ෂි සාධක හමුවී තිබේ.

ජනගහනය සංස්කරණය

සංචාරක ආකර්ෂණ සංස්කරණය

ආර්ථිකය සංස්කරණය

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. මයිලවලාන දොම්පෙ මැතිවරණ බල ප්‍රදේශය තුළ පිහිටි ජනශ්‍රුති වලට අනුව විජයාවතරණය දක්වා ඉතිහාසයකට නෑකම් කියන ගමකි. සීතාවක රාජධානි සමයේ රන්රිදී කර්මාන්තයට සහ කම්මල් කර්මාන්තයට සම්බන්ධ ප්‍රදේශයක් බව සැලකේ.
  2. ගම්පහ දිසාව, දේවප්‍රිය, සිරිසේන, පරි 13, 157

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=දොම්පෙ&oldid=567801" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි