දාම් යනු පුවරුවක් මත කෙරෙන ක්‍රීඩාවකි. මේ සඳහා කොටු 12 x 12 ප්‍රමාණයේ පුවරුවක් යොදා ගනී. එසේම මෙම ක්‍රීඩාවට එක වරකදී තරඟකරුවන් දෙදෙනෙකු පමණක් ක්‍රීඩා කල හැකි අතර උපායන් ඇසුරෙන් සිදුවන ක්‍රීඩාවකි. තරඟය අවසන් වන්නේ ප්‍රතිවාදියාගේ සියලුම ඉත්තන් පිටියෙන් ඉවත් කිරීමෙනි. ක්‍රීඩාවට සූදානම් වීමට මිනිත්තු 2ක් පමණ ගත වේ. නමුත් ක්‍රීඩාවට මිනිත්තු හෝ පැය ගණනක් ගත විය හැකිය. එසේම ජය- පරාජයකින් තොරවද අවසන් විය හැකිය.

දාම් ඉත්තන් ලී කබැල්ලකින් කපා ගත හැකිය. දාමා යනු දාම් ක්‍රීඩාවේ රජු ය.


ආරම්භක අවස්ථාවේ ඉත්තන්ගේ පිහිටීම සංස්කරණය

  a b c d e f g h i j k l  
12                         12
11                         11
10                         10
9                         9
8                         8
7                         7
6                         6
5                         5
4                         4
3                         3
2                         2
1                         1
  a b c d e f g h i j k l  
ආරම්භක අවස්ථාව

චෙස් ක්‍රීඩාවේදී මෙන්ම මෙම ක්‍රීඩාවේදී එක් ක්‍රීඩයකු කළු (හෝ රතු හෝ තද) වර්ණය සහිත ඉත්තන් වෙනුවෙන් ක්‍රිඩා කරන අතර අනෙක් ක්‍රීඩකයා සුදු (ලා පැහැති) වර්ණය වෙනුවෙන් ක්‍රීඩා කරයි. එක් ක්‍රීඩකයකුට ඉත්තන් 30 බැගින් තරග ආරම්භයේදී ඉත්තන් 60ක් පුවරුව මත සිටී. දකුණු පසින් දැක්වෙන රූපයේ පරිදි මෙම ඉත්තන් 30 තද පැහැ කොටුවල පමණක් එනම් එකක් හැර එකක් වන පරිදි පේළි 5කින් සමන්විත වන පරිදි පිහිටා ඇත.

ක්‍රීඩාවේ විලාසය සංස්කරණය

  a b c d e f g h i j k l  
12                         12
11                         11
10                         10
9                         9
8                         8
7                         7
6                         6
5                         5
4                         4
3                         3
2                         2
1                         1
  a b c d e f g h i j k l  
ඉත්තන්ට යා හැකි කොටුව දැක්වෙන පුවරුවක්

දාම් ඉත්තන්ගේ ගමන් මාර්ගය චෙස් ක්‍රීඩාවේදී මෙන් කෙලින්ම ඉදිරියට සිදු නොවෙයි. සෑමවිටම ගමන් කරන්නේ අදාළ කොටුවට ආසන්නේද, ඉදිරියෙන්ද ඇති කළු (තද) පැහැති කොටුවටය. d2 කොටුවේ ඇති සුදු ඉත්තට ගමන් කල හැක්කේ c3 හෝ e3 පමණකි. ඔහුට d3 ට ගමන් කල නොහැකිය. එමෙන්ම පසුපසටද ගමන් කළ නොහැකිය. තවද j4 හි සිටින කළු ඉත්තාට ගමන් කල හැක්කේ i3 හෝ k3 වෙතට පමණි. එසේම මෙම කොටුව හිස්ව තිබිය යුතු ය.

ඉත්තකු පුවරුවෙන් ඉවත් කිරීම සංස්කරණය

ඉත්තා කැපීම ලෙසින් බොහෝ දෙනා අතර ප්‍රචලිත වන මෙම ක්‍රියාව මගින් ප්‍රාතිවාදියාගේ ඉත්තකු පුවරුවෙන් ඉවත් කිරීම සිදු කෙරෙයි.

විශේෂ උසස්වීම් සංස්කරණය

එක් ක්‍රීඩකයකුගේ කිසියම් ඉත්තකු අනෙක් කෙලවර දක්වා ගමන් කළ විට ඔහුට විශේෂ උසස්වීමක් ලැබේ. එසේම දාමා ලෙසින් විශේෂ නාමයකුත් පටබැඳේ. අනෙක් ඉත්තන්ට මෙන් මෙන් නොව මෙම ඉත්තාට එක් කොටුවකට වඩා ගමන් කල හැකි වෙයි.දාමාට තිරස් අතට ඇති හිස්තැනක් කෙළවර ඇති ප්රතිවාදී ඉත්තෙකු කැපිය හැකි අතර එතැන සිට ද පෙර පරිදි ඉත්තන් කැපිය හැක.ඔහු අවසානයට කැපූ ඉත්තා සිටි තැනට පසුපස ඇති හිස් කොටුවක නතරවිය යුතුය.

උපක්‍රම සංස්කරණය

මෙම ක්‍රීඩාවේදීද අනෙක් පුවරු ක්‍රීඩා මෙන්ම උපක්‍රම යෙදිය යුතු වේ.මෙහිදී ප්‍රධාන වශයෙන් වන්නේ තමන්ගේ එක ඉත්තෙක් කැපීමට දී ප්‍රතිවාදියාගේ ඉත්තන් වැඩි ප්‍රමාණයක් කපා ගැනීමයි

එකට එක ගැනීම සංස්කරණය

කිසියම් අවස්ථාවකදී එක්ක්‍රීඩකයකුගේ ඉත්තන් ප්‍රමාණය අනෙකාට වඩා වැඩි වූ කල්හි මෙම උපක්‍රමය යොදා ගැනේ. මෙයින් අදහස්වනුයේ එක් ඉත්තෙක් බිලි දී ඒ වෙනුවෙන් එක් ඉත්තෙක් ලබාගැනීම යි.

එකක් දී දෙකක් ගැනීම සංස්කරණය

තමාගෙ ඉත්තකු සුක්ශම ලෙස බිලි දි එමගින් ප්‍රතිවාදී පිලේ ඉත්තන් දෙදෙනකු ලබා ගනිම අදහස් වෙයි.මෙමගින් ප්‍රතිවාදියාට වඩා පියවරක් ඉදිරියට යමින් ජයග්‍රහණය ලබා ගත හැකි වෙයි.

කඩ වැහීම සංස්කරණය

කඩ වැහීම යනු අතරින් පතර ඇති හිස් කොටු පිරවීමය.

ඉත්තන් හිර කිරීම සංස්කරණය

ප්‍රතිවාදියාගේ ඉත්තකු හිර කර තබා ගැනීම එක් ප්‍රධාන උපායක් වේ. මෙලෙස හිර කර ගන්නා ඉත්තා තමාට අවැසි අවස්ථාවකදී මුදා හරින්නේ එම ඉත්තාගේ අවසාන පිහිටීමෙන් වැඩි වාසියක් ගැනීමටය.

"https://si.wikipedia.org/w/index.php?title=දාම්&oldid=611959" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි