තුරඟ තරග
තුරඟ තරග යනු, අශ්වයන් සම්බන්ධ ක්‍රීඩාවක් වන අතර, එහිදී වේදුරුවන් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙක්, නියමිත දුරක් තුල තරගයට අසුන් දුවවති. සමස්ත ක්‍රීඩා අතුරින් වඩාත් පුරාතන ඒවා අතුරින් එකක් වන එහි, මූලික සාධ්‍යය - නියමිත ගමන් මගෙහි හෝ දුරෙහි හෝ වේගවත්ම වන්නේ කුමන අසුන් දෙදෙනා හෝ කිහිප දෙනාද යන බව හඳුනාගැනීම සඳහා - , ආදිතම කාලයන්හී පටන් නොවෙනස්ව පවතයි.[1]
උසස්ම පාලන මණ්ඩලය | සාමාන්‍ය වශයෙන් තෝරාගත් ජාතික හෝ ප්‍රාදේශීය පාලක මණ්ඩල විසින් නියාමනය කෙරෙයි |
---|---|
ගුණාංග | |
සම්බන්ධය | නැත |
මිශ්‍ර ලිංග | ඔව් |
උපකරණ | අශ්වයා, සුදුසු අශ්ව මං පෙත |
ස්ථානය | අශ්වයන්ට සුදුසු තණ, ධූලි හෝ කෘත්‍රිම තරග මං තීරු පෘෂ්ඨ |
පැවතීම | |
රට හෝ ප්‍රදේශය | ලෝක ව්‍යාප්ත |
පවත්වන ආකෘතිය අනුව තුරඟ තරග විවිධ ස්වරූප ගනියි. බොහෝවිට, ඔවුන්ගේම සුවිශේෂ තුරඟ තරග සම්ප්‍රදායන්, රටවල් විසින් විකාස කර ගෙන ඇත. ප්‍රභේදනයන්ට අයත් වන්නේ, තරග සඳහා විශේෂිත අභිජාතීන් පමණක් යොදා ගැනීම, බාධක මතින් අසුන් දිවවීම, විවිධ දුර ප්‍රමාණයන් ඔස්සේ අසුන් දිවවීම, විවිධ මං තීරු පෘෂ්ඨයන් ඔස්සේ අසුන් දිවවීම සහ විවිධ ගමන් ලීලා සමගින් අසුන් දිවවීම වෙති.
සමහරවිට අසුන් තරගයෙහි යොදවන්නේ හුදෙක් ක්‍රීඩාවක් වශයෙන් පමණක් වුවද, තුරඟ තරගයන්හී ප්‍රධාන උනන්දුව සහ ආර්ථික වැදගත්කම රඳා පවතින්නේ එය හා බැඳි සූදුව මත වන අතර, [2] මෙම ක්‍රියාකාරිත්වය විසින් 2008 වසරෙහිදී US$115 බිලියන පමණ ලෝක-ව්‍යාප්ත වෙළෙඳ පොළක් ජනිත කරලීය.[3]