ඩේවි ලාම්පුව

(ඩේවිගේ ලාම්පුව වෙතින් යළි-යොමු කරන ලදි)

1815 දී ශ්‍රීමත් හම්ප්‍රි ඩේවි විසින් නිපැයුනු ඩේවි නිරාපද ලාම්පුව, ඩේවි ලාම්පුව, ඩේවි නිරාපද පහන එසේත් නැත්නම් සරලව නිරාපද පහන (ඉංග්‍රීසි:  Davy lamp) යනු ඉටිපන්දමක් සහිත ආරක්ෂිත ලාම්පුවකි. මෙතේන් සහ පතල් වායු ලෙසින් හැඳින්වෙන අනෙකුත් දැවෙනසුළු වායුන් තිබියදී පවා, ගැඹුරු ඉල්ලම් කැනීමට ඉඩ සලසමින්, ගල්අඟුරු ආකරයන්හී භාවිතය සඳහා එය නිමැවුණි.

ඩේවිගේ ලාම්පුව, රූප සටහන

කිසියම් ඝනකමකින් යුතු දැලක් තුලවූ දැල්ලක් විසින් පතල් වායුව දල්වනු නොලබන බව ඩේවි සොයා ගත්තේය. කඩතිරය ක්‍රියා කරන්නේ ඇවිලීම් නිවාරකයක් ලෙසිනි; වාතය (සහ පවතිනා කිසියම් පතල් වායුවක්) දැල තුලින් නිදහසේ ගමන් කරමින් දහනයට උපකාර විය හැකි නමුත්, සිදුරු ඉතා කුඩා බැවින් ඒවා තුලින් දැල්ල පිටතට ප්‍රචාරණය වී දැල පිටත ඇති පතල් වායුව ජ්වලනය කිරීම සිදු කල නොහැක. කම්බි පෙනේරයක් සහිත ඩේවිගේ ලාම්පුවෙහි පළමු අත්හදාබැලීම 1816 ජනවාරි 9 දී සිදුකෙරුනේ හෙබ්බර්න් ගල් අඟුරු ආකරයෙහිදීය.

වායු අනාවරකය සංස්කරණය

 
දැල්ලේ උස මැන ගැනීම සඳහා පහසුකම් සහිත ඩේවි ලාම්පුවක්

වායුන් පවතීද යන වග පිළිබඳ රළු පරික්ෂණයක් ලෙසද මෙම ලාම්පුව භාවිතා කෙරිණි. දැල්වෙන සුළු වායු මිශ්‍රණ පැවතියේ නම්, ඩේවිගේ ලාම්පුවෙහි දැල්ල නිල් පැහැයක් සහිත උඩට දැල්විණි. වාතයට වඩා ඝනත්වයෙන් වැඩි බැවින් පතලෙහි පහත් තැන්හී එකතු විය හැකි, කාබන් ඩයොක්සයිඩ් වැනි, වායුන් අනාවරණය කරගැනුමටද පතල් කරුවන් විසින් ආරක්ෂිත ලාම්පුව බිමට කිට්ටු තැන්හි තැබිය හැකිය; පතල තුල වායුව ඔක්සිජන්-හීන (නිෂ්ඵූරණකාරී වායුව), නම් ලාම්පු දැල්ල නිවී යනු ඇත (ශ්වාසරෝධ වායුව).

ජියෝඩි ලාම්පුව සමග සංසන්දනය සංස්කරණය

ජෝර්ජ් ස්ටීවන්සන් විසින්ද, 1816 දී ජියෝඩි ලාම්පුව නමින්, මෙවැනි ආරක්ෂිත ලාම්පුවක් තැනූ බැවින් තරමක මතභේදකාරී තත්ත්වයක් පැන නැඟුනි .

මෙම පුද්ගලයන් දෙදෙනාගේ ආධාරකරුවන් දෙගොල්ලම විසින් චෝදනා කරනු ලැබුයේ අනෙකා විසින් තමන් නිවැරැදි යයි සිතන පුද්ගලයාගේ අදහස සොරකම් කල බවකි. ජියෝඩි ලාම්පුව ( දැල්ල වටා කම්බි දැලක් විරහිත) දීප්තිමත් ආලෝකයක් ලබා දුන් අතර එය පතල් කම්කරුවන් අතර ජනප්‍රිය විය. ඩේවිගේ ලාම්පුව සරල සහ ලාභ වූ අතර පතල් අයිතිකරුවන් අතර ජනප්‍රිය විය.[තහවුරු කර නොමැත]

දෙවර්ගයෙහිම ආරක්ෂාව පිළිබඳ විතර්ක ඉදිරිපත් විය: මූලධර්මයක් ලෙසින් ගතහොත්, දුර්වල ලෙස නඩත්තු කල (හෝ දුර්වල අන්දමට සැලසුම් කෙරුණු) ඩේවිගේ ලාම්පුවක කම්බි දැල, අධික සාන්ද්‍රණයක මෙතේන් හමුවේ අධි-උෂ්නත්වයකට රත්විය හැක. තෙත බරැති පතල් වලදී කම්බි දැල පහසුවෙන් මල කෑම නිසා ලාම්පුව උපද්‍රව සහිත විය හැක. ජියෝඩි ලාම්පුව ආරක්ෂා විරහිත විය හැක්කේ වීදුරුව බිඳී ගියහොත් ය. මුල් ලාම්පු දෙවර්ගයම දුර්වලතා සහිත වූ අතර, ඒවායේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා දැරුණු උත්සාහයන් අතර, දැල්ලට උඩින් කම්බි දැල් කිහිපයක් භාවිතා කිරීම, සහ දීප්තිය වැඩි කිරීම සඳහා වටකර වීදුරුවක් භාවිතා කිරීම සිදු කරන ලදි. මේවා දුර්වල ආලෝක ප්‍රභවයන් වූ අතර, වික්ටෝරියානු සමයෙහිදී විදුලිමය හස්තීය ලාම්පු හඳුන්වාදෙන තුරුම තත්ත්වය යහපත් නොවුණි.

අනතුරු සිදුවීමේ සීඝ්‍රතාවය සංස්කරණය

ඩේවිගේ ලාම්පුව හඳුන්වාදීමත් සමගින්, ඇත්තවශයෙන්ම පතල් වල අනතුරු ඉහල යාමක් සිදුවූයේ, ආරක්ෂක හේතුන් මත පෙරදී වසා දමා තිබූ පතල් වල කැණිම් සිදු කිරීමට ලාම්පුව විසින් රුකුල් ලැබුනු බැවිනි.[1]

ලාම්පුව විසින් අනතුරු සිදුවීමේ සීඝ්‍රතාවය වැඩි කර ලීමට එක් හේතුවක් වූයේ, මෙතේන් වායුව තිබීම නිසා ආරක්ෂා-විරහිත තත්ත්වයන් තුල මිනිසුන් වැඩෙහි යෙදීම, එයින් සිදු වීමයි. ඉහල යෑමට අනෙකුත් හේතුවක් වූයේ, වැඩ කෙරෙන පරිසරයෙහිදී මෙතේන් ප්‍රතිශතය අඩු කරලනු වස්, එක් එක් පතලෙහි නිස්සාරණ වාතාශ්‍ර පංකාවන් සවි කල යුතුව තිබීමයි. මෙය මිල අධික නිසා, පතල් හිමියන් විසින් මග හරින්නට ඇත. ලාම්පුද පතල් හිමියන් විසින් නොව පතල් කම්කරුවන් විසින්ම සපයා ගත යුතුව තිබූ අතර සාම්ප්‍රදායික ලෙසින් පතල් කම්කරුවන් විසින් සමාගම් වෙළෙඳසැලෙන් අධික මිලකට ඉටිපන්දම් මිලදී ගත්හ. මහා පිපිරීම් හා ජීවිත විනාශ වලින් අනතුරුව ඉදිරිපත් කෙරුනු අවම වායු තත්ත්ව ප්‍රමිතීන් හේතුවෙන් පංකා සවිකිරීම අවශ්‍යතාවයක් බවට පත් කෙරිණී.

නූතන ලාම්පු සංස්කරණය

ඩේවිගේ ලාම්පුවෙහි නූතන සමතුල්‍යය ප්‍රොක්ටර් ගාර්ෆෝර්ත් GR6S ආරක්ෂිත දැල්ල ලාම්පුව වන අතර [2] සියළු ll එරා ගල් අඟුරු පතල් වල පතල් වායුව පරික්ෂා කිරීමට එය භාවිතා කෙරේ. පන්දම කඩින් කඩ රැගෙන යෑමේදී ඔලිම්පික් දැල්ල රැගෙන යෑමට මෙම ලාම්පුවෙහි විකරිත අනුවාදයක් භාවිතා කෙරේ. සිඩ්නි, ඇතන්ස්, හා ටියුරින් පන්දම් කඩින් කඩ ගෙන යෑමට මෑතදී මෙය භාවිතා කර ඇති අතර බීජිං විශේෂ ඔලිම්පික් කඩින් කඩ ගෙන යෑමටද භාවිතා කල අතර, ලන්ඩන් 2012 කඩින් කඩ ගෙන යෑමටද භාවිතා කරනු ඇත. ලාම්පු තවමත් එක්ලෙස් හි තනනු ලැබේ.


ආශ්‍රිත සංස්කරණය

  1. Christopher Lawrence, The power and the glory: Humphry Davy and Romanticism, reference in Andrew Cunningham and Nicholas Jardine, Romanticism and the Sciences Cambridge: University Press, 1990 page 224
  2. Methonometer.com ආරක්ෂිත දැල්ල ලාම්පුව, http://www.methanometer.com/apptek/methanometercom/index.html#Q21, ප්‍රතිෂ්ඨාපනය 2009-05-31 
"https://si.wikipedia.org/w/index.php?title=ඩේවි_ලාම්පුව&oldid=592147" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි