ටජිකිස්තානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

1994 නොවැම්බර් 6 දිනදී සම්මත කර ගත් සහ ජනමතවිචාරණය පරිදී 199 සැප්තැම්බර් 26 දිනදී සහ 2003 ජූනි 22 දිනදී සංශෝධනය කරන ලද ටජිකිස්තානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු ටජිකිස්තාන ජනරජයේ ශ්‍රේෂ්ඨතම නීතිය වෙයි (වගන්තිය10). ටජිකිස්තාන ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1999දී රැගෙන ආ සංශෝධන වෙතින් නව ද්වි-මංඩල පාර්ලිමේන්තුවක් (වගන්තිය 48) පිහිටුවන ලද අතර ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක සිට වසර හත දක්වා දිගු කරන ලදි (වගන්තිය 65). ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සංකල්පවේදීය සහ දේශපාලනමය බහුත්වවාදය ප්‍රකාශයට පත් කරනු ලබන අතර, මානව අයිතිවාසිකම් සහ සමාජ-නෛතික සහතිකයන් සුරක්ෂිත කරයි.