අවුරුදු බිලියන ගණනකට පෙර ඇති වූ විශාල පිපිරීමකින් (SuperNova) චක්‍රාවාට නිර්මාණය වූ බව විශ්වාස කෙරේ. මේවා අතිවිශාල ගුරුත්වය මගින් එකිනෙක බැඳී ඇති මිලියන බිලියන ගණනක් වූ තාරකා, වායූන් සහ දූවිලි අංශුන් ගෙන් සැදුම්ලත් අන්තර්තාරකා මාද්‍ය(interstellar medium) සහ අඳුරු පදාර්ථයෙන් සමන්විත පද්ධති විශේෂයකි. සාමාන්‍යයෙන් ගත් කල චක්‍රාවාට පොදු ගුරුත්වකේන්ද්‍රයක් වටා භ්‍රමණයවන තාරකා මිලියන දහයකින්(107) පමණ සැදුම්ලත් වාමණයින්ගේ සිට ට්‍රිලියනයක්(1012) පමණ තාරකා ගහනයකින් යුතු යෝධ චක්‍රාවාට දක්වා පරාසයක පැතිර පවතී.

ක්ෂීර පථය

පැහැදිලි අහස ඇති රාත්‍රියක අහස දෙස බැලූ විට අපට අනන්ත අප්‍රමණ තාරකා පෙනේ. ඒවා බොහොමයක් සෞරග්‍රහ මණ්ඩලයට සහ එය අයත් ක්ෂීරපථයට අයත්ය.

චක්‍රාවාට අවිධිමත්, සර්පිලාකාර හා ඉලිප්සාකාර යනුවෙන් තුන් ආකාරයකි. අප අයත් වන චක්‍රාවාටය සර්පිලාකාරය. එය ආලෝක වර්ෂ 100000 පමණ විෂ්කම්භයකින් සමන්විතය. තවත් චක්‍රාවාට බොහෝ ප්‍රමාණයක්‌ විශ්වයේ ඇත. මේ චක්‍රාවාට දැනට අවුරුදු බිලියන 13.7 කට පෙර ඇති වූ supernova පිපිරීමෙන් පසු තවමත් අධික වේගයකින් අනෙක් චක්‍රාවාට වලට ප්‍රතිවිරුද්ධව ඈත් වීම සිදු වෙයි. එය ගැන ගැඹුරින් සොයාබැලූ විද්‍යාඥයන් එය Dark Energy නොහොත් අඳුරු ශක්තියේ බලපෑමෙන් සිදුවන බව අනාවරණය කරගෙන ඇත. Dark energy චක්‍රාවාට ඇතුලත තියෙන තාරකා හා සියලුම පද්ධති තවමත් එකිනෙකාගෙන් ඈත් කර නැත්තේ අඳුරු පධාර්තය මඟින් ඇති කරන බලය නිසයි. නමුත් Andromeda චක්‍රාවාටය සහ Milkyway චක්‍රාවාටය එකිනෙකාගෙන් ඇත් වීම වෙනුවට එකිනෙකාට ළංවීම සිදු වෙයි. එය තවත් වසර බිලියන 4 කට පසු ගැටමකට ලක්වෙයි. Andromeda and milkyway collision

"https://si.wikipedia.org/w/index.php?title=චක්‍රාවාට&oldid=371359" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි