ගිවිසුම් නියමයන්
ගිවිසුම් නියමයන්
ගිවිසුමක නියමයක් යනු ගිවිසුමේ කොටසක් වන ඕනෑම ප්ේරතිපාදනයකි. සෑම නියමයක්ම ගිවිසුම්ගත බැඳීමක් ඇති කරනු ලබන අතර ඒවා කඩකිරීම නඩු මාර්ගයට අවතීරණ වීමට හේතුවනු ඇත. සෑම නියමයක්ම ප්නරකාශිතව සඳහන්ව නොමැති අතර සමහර නියමයන්හි නෛතික වැදගත්කම අඩුවීම හේතුවෙන් ඒවා ගිවිසුමේ පරිවාරීය කාරණාවන් ලෙස හැඳින්විය හැක.
නියමයන් වර්ගීකරණය කිරීම
• කොන්දේසි හෝ වගකීම කොන්දේසි යනු ගවිසුමක මූලය කරාම දිවයන්නකි. මෙම නියමයන් කඩකිරීම අනෙක් පාර්ශ්වය විසින් ගිවිසුම අවංගුකර දැමීමට හේතුවනු ඇත. වගකිම අත්‍යාවශ්‍ය නොවන අතර එය කඩකළද ගිවිසුම අඛණ්ඩව පවතිනු ඇත. මේ දෙකින් කවරක් කඩ කළද අලාභ අයකරගත හැක. කිසියම් නියමයක් ගිවිසුමේ මූලය කරා විහිදුනක්ද යන්න වාස්තවික කරුණකි. උදා. වේදිකා නිෂ්පාදනයක සමාරම්භක රාති්ළරයේ නිළියකට රැඟුම් දැක්වීමට ඇති බැඳීම කොන්දේසියකි. පෙරපුහුණුවක පළමු දින තුනේදී සහභාගිවීමට ගායකයෙකුට ඇති බැඳීම වගකීමකි. කිසියම් නියමයක් ස්වභාවය අනුව කොන්දේසියක්ද නොඑසේනම් වගකීමක්ද යන්න තීරණය කිරීම නීතියක් මඟින්ද සිදුකරනු ලැබිය හැක. 1979 භාණ්ඩ විකිණීමේ පනත නාමය, විස්තරය, ගුණාත්මකබව සහ සාම්පල (පනතේ විස්තර කරඇති පරිදි) පිලිබඳ නියමයන් විස්තර කර ඇති තත්වයන් තුල කොන්දේසි ලෙසින් සැලකෙන බව දක්වා සිටියි.
• අනාමික නියමය හොංකොං දේවදාර නැව් සමාගම එ. කවසාකි කිසන් කයිෂා සමාගම නඩුවේදී ඩිප්ලොක් සාමිවරයා මෙම සංකල්පය නිර්මාණය කරන ලදී. මෙහිදී ප්ුරකාශවූයේ කිසියම් නියමයන් කඩකිරීමක් ගිවිසුමක මූලය දක්වා යන්නේද නැතිද යන්න එකී කඩකිරීමේ ස්වභාවය මත තීරණය වන බවයි. මේ අනුව නියමයන් මෙන්ම වෙනත් ඕනෑම නියමයක් කඩ කිරීමද හානි සඳහා වන්දි ලබාගැනීමට හිමිකම ලබාදෙයි. එය ගිවිසුමේ ප්යරතික්ෂේපකොට තිබුණද නැතිද ගිවිසුමේ අහිංසක පාර්ශ්වයෙන් එකී නෛතික ප්යරතිලාභය අහිමි කළ නොහැක.
නියමයක් ප්ෑරකාශිත හෝ ව්‍යංග එකක් වියහැක. ප්මරකාශිත නියමයක් සාකච්ඡා අවස්ථාවේදී දෙපාර්ශ්වය විසින් ප්මරකාශයට පත්කොට ඇති අතර ගිවිසුමේ ලිඛිතව අන්තර්ගත වෙයි. ව්‍යංග නියමයක් එසේ අන්තර්ගත නොවූවද එය ගිවිසුමේ ප්්‍රතිපාදනයක් බවට පත්වේ.
• ගිවිසුමක කාර්ය පටිපාටික කරුණු තුල නියමයක් ව්‍යංගයෙන් අන්තර්ගත වියහැක. කිසියම් කරුණක් ව්‍යංග නියමයක් සංයුක්ත කරන්නේද යන්න තීරණය කිරීම සඳහා බී.පී. රිෆයිනරි වෙස්ටර්න් පෝර්ට් එ. ෂෙයාර් ඔෆ් හැස්ටිංග්ස් නඩුවේදී පි්ිරවිකවුන්සිලය පියවර පහකින් යුත් පරීක්‍ෂණයක් ස්ථාපිත කරන ලදී (මෙය අදාල වන්නේ ඕස්ටේ්්‍රලියාවේ විධිමත් ගිවිසුම්වලට පමණකි). •
ඕස්ටේ්මරලියාව, ඉන්දියාව, ඊශ්ාරායලය වැනි සමහර රටවල් සද්භාවය පිලිබඳ නියමයන්ද ගිවිසුම්වලට අන්තර්ගත කරයි. මේ අනුව සාමාන්‍ය වෙළඳ පරිචයන් හේතුකොටගෙන සමහර කරුණු ව්‍යංග ගිවිසුම් ලෙසින් මේ අනුව අර්ථ නිරූපනය කලහැක.
පොදු නීතිය
• ලිවර්පූර් නගර සභාව එ. අර්වින් හිදී පොදු පහසුකම් අලූත්වැඩියා කිරීම නිවාස හිමියා විසින් සිදුකළ යුතු බවට වන සියලූ නිවාස හිමියන් හා කුලීකරුවන් අතර ගිවිසුම් වලදී අදාල විය යුතු ව්‍යංග නියමයක් ප්මරකාශයට පත්කෙරින. • එක්සත් රාජධානියේ නීතිය තුල වැදගත් නීති සම්පාදනයන් වනුයේ 1979 භාණ්ඩ විකිණීමේ පනත, 2000 පාරිභෝගික ආරක්‍ෂණ නියමයන් සහ 1982 භාණ්ඩ හා සේවා සැපයීමේ පනතයි. මෙම පනත් මඟින් භාණ්ඩ විකිණීමේදී හා සේවා සැපයීමේදී වන ව්‍යංග නියමයන් ප්මරකාශිතව දක්වයි.
ව්‍යවස්ථාපිත ප්්‍රතිපාදන
බොහෝ ගිවිසුම් පාලනය වන රීතීන් අදාල විෂයන් සම්බනධයෙන් අදාල වන්නාවූ විශේෂ ව්‍යවස්ථාපිත ප්ලරතිපාදනයන් තුල සපයනු ලැබ ඇත. බොහෝ රටවල භාණ්ඩ විකිණීම, කුලී ගණුදෙනු සහ වෙළඳ පරිචයන් සම්බන්ධයෙන් බලපවත්වන්නාවූ ව්‍යවස්ථාපිත ප්පරතිපාදනයන් මේ යටතේ දැක්විය හැක. උදාහරණයක් ලෙස බොහොමයක් ඇමරිකානු ජනපදයන් භාණ්ඩ විකිණීමේ ගිවිසුම් සම්බන්ධයෙන් බලපවත්වන්නාවූ ඒකීය වානිජ සංග්ඇරහයේ 2 වන වගන්තිය සිය නීතිය තුලට අන්තර්ගත කොටගෙන ඇත. මේ සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ නීතිය තුල වැදගත් නීති සම්පාදනයන් වනුයේ 1979 භාණ්ඩ විකිණීමේ පනත, 2000 පාර්භෝගික ආරක්‍ෂණ නියමයන් සහ 1982 භාණ්ඩ හා සේවා සැපයීමේ පනතයි.