ගයි ෆෝක්ස් රාත්‍රිය

ගයි ෆෝක්ස් දිනය, ගිනිමැල රාත්‍රිය සහ ගිනිකෙළි රාත්‍රිය ලෙසින්ද හැඳින්වෙන, ගයි ෆෝක්ස් රාත්‍රිය යනු, නොවැම්බර් 5 වන දිනදී ප්‍රධාන වශයෙන් මහා බ්‍රිතාන්‍යයේදී වාර්ෂිකව සැමරෙන උත්සවයකි. එහි ඉතිහාසය ඇරඹෙන්නේ, වෙඩිබෙහෙත් කුමන්ත්‍රණයේ කුමන්ත්‍රණකරුවන් විසින් සාමි මන්ත්‍රී මණ්ඩලයට පහලින් සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය, එම කුමන්ත්‍රණයේ සාමාජිකයෙකු වූ ගයි ෆෝක්ස් නමැත්තා විසින් මුර කරමින් සිටියදී, 1605 නොවැම්බර් 5 දින ඔහුව අත් අඩංගුවට ගැනීමත් සමගය. තමාගේ ජීවිතය නැසීමට ගත් උත්සාහයෙන් ගැලවීමට, පළමුවන ජේම්ස් රජ සමත්වීමේ සිද්ධිය උත්සවකාරයෙන් සමරමින්, ලන්ඩනය පුරා ජනයා ගිනිමැල දල්වමින් කල සැමරුමට මාස කිහිපයකට පසුව සම්මත කෙරුණු නොවැම්බර් 5 දින සිහිකිරීමේ පණත විසින් කුමන්ත්‍රණයේ ව්‍යර්ථයට තුති පිදීමේ වාර්ෂික මහජන දිනයක් බලාත්මක කෙරිණි.

පෝල් සැන්ඩ්බි විසින් 1776 දී පමණ අඳින ලද වින්ඩ්සර් මාළිගාවෙහි උත්සවාංග ඇතුලත් චිත්‍රයක්
"https://si.wikipedia.org/w/index.php?title=ගයි_ෆෝක්ස්_රාත්‍රිය&oldid=349132" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි