ව්‍යාජ කඳ කොළ පැහැතිය‍. ව්‍යාජ කඳ මීටර් 2.5-3 උස් වන අතර පත්‍ර කඳ මීටර් 0.3-1 උස්ව වැඩේ. කඳ මහත් වේ. පත්‍ර නටුව පිටතට වක් වී නොමැත. පත්‍රයේ මැද නාරටිය කොළ පැහැතිය‍. පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පාටය, යටි පෘෂ්ඨය ලා කොළ පාටය. වැඩි වශ‌යෙන් කඩුපත් මො‌රෙයියන් හටගනී. කෙසෙල් මුහය දම් පාටට හුරුය. මිහිරි සුවදක් ඇති අතර ගෙඩි තරමක් වක්වී ඇත.කෙසෙල් ‌ගෙඩියේ මදය රසවත්ය, පිටි සහිතයි. මෙම කෙසෙල් ප්‍රභේදය ඉදුණු විට කහ පැහැයට හැරේ. කැන පහලට එල්ලා වැටෙන අතර කැනේ මැද නාරටිය දම් පාටට හුරුය. කැනක බර කි.ග්‍රෑම් 18-20 ක් පමණ වේ. මෙම කෙසෙල් ප්‍රභේදයට පැනමා රෝගය වැළඳීමට වැඩි ප්‍රවණතාවක් ඇත. මෙම කෙසෙල් ප්‍රභේදයට වෙළඳපොලෙහි සාමාන්‍ය වටිනාකමක් පවතී. මෙම කෙසෙල් ප්‍රභේදය 2005 වසරේදී නිර්දේශ කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=කෝලි_කුට්ටු&oldid=492628" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි