කේ. ජයතිලක
කතෘවරයෙක්
කේ. ජයතිලක (කළුඅච්චිගමගේ ජයතිලක) සිංහල නවකතාකරුවකු සහ සාහිත්‍යය විචාරයකු වේ. ඔහු ශ්‍රී ලංකාවේ කන්නිමහර දී උපත ලැබු අතර මහගම සේකර සමඟ එකට උසස් පාසලේ ඉගෙන ගත් සමකාලිකයෙකු විය.[1] ඔහුගේ කුඩා කල පාසල වූයේ රදාවන්න පාඨශාලාවයි.
ජයතිලක K. Jayatillake | |
---|---|
උපත | 27 ජුනි 1926 කන්නිමහර, ගම්පහ, ශ්‍රී ලංකාව |
මියගිය දිනය | 14 September 2011 | (වයස 85)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
කලත්‍රයා(යන්) | සුමනා |
දරුවන් | 4 |
ආගම | බෞද්ධ |
කෘතින්
සංස්කරණය- පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා(1955)
- පොන්නයා
- එකගෙයි අවුරුද්ද
- නොනිමි සිත්තම හා තවත් කෙටි කතා
- අතීරණය
- කටු සහ මල්
- පරාජිකයෝ
- චරිතතුනක්
- පුංචිරාල
- පුංචිරාලගේ මරණය
- රාජපක්ෂ වලව්ව
- දෙලොවට නැති අය
- පිතාමහ
- පියා සහ පුතු
- අප්‍රසන්න කථාව
- අධිෂ්ඨානය
- කාලෝ අයං තේ
- මයා මාලිගා
- මනඃකල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නව කථාවක්
- මහල්ලකුගේ ප්‍රේම කථාවක්
- මතු සම්බන්ධයි
- එකකුගේ අවුරුද්ද
- වජිර පබ්බත
- ඉස්සරහ බලන්නෝ.
- පුංචි වළාකුළ සහ පුංචි පුතා
- ඉරුණු බළලා
- √ඩුං ඩුං ඩුඩු ඩුං
- කතන්දර පොත
- අයියයි නංගියි
- ඔරලෝසුවා සහ ලස්සන ළමයි
- වන සටන
- අමුතු කතා
- රුවන් කුමාරි
- පුංචි පැලේ ගස වෙනා
සටහන්
සංස්කරණය- ^ "K. Jayatilaka". ලංකා ප්‍රදීප. සම්ප්‍රවේශය 26 December 2021.