කුඩා ඉටිපහන් දිනය (ස්පාඤ්ඤ: ඩියා ඩි ලස් වෙලිටාස්) යනු කොළොම්බියාවේ බහුතරයක් විසින් සමරනු ලබන සාම්ප්‍රදායික නිවාඩු දිනයන් අතුරින් එකකි. එය සමරනු ලබන්නේ, කොළොම්බියාවේ රජයේ නිවාඩු දිනයක් වන මරියතුමියගේ නිර්මල පිළිසිඳීම සිහිකෙරෙන දිනයට පෙරදිනය වන, දෙසැම්බර් 7 දිනදීය. මෙම දිනය, රටෙහි නත්තල් උත්සව කාලයෙහි නිලනොවන ඇරඹීම සනිටුහන් කරයි. [1]

ඩියා ඩි ලස් වෙලිටාස්
කුඩා ඉටිපහන් දිනය
කිම්බායියා, කින්ඩියෝහී කඩදාසි ලන්තෑරුම්.
Official nameමරියතුමියගේ නිර්මල පිළිසිඳීමේ දිනය
Observed byකොළොම්බියාව
Typeරාජ්‍ය සහ ආගමික
Celebrationsඉටිපහන් හා ලන්තෑරුම් දැල්වීම
Observances‍විවිධ ආගමික පෙරහැර
Beginsහිරු බැස යාම දෙසැම්බර් 7
Endsහිරු නැගීම දෙසැම්බර් 8
Dateදෙසැම්බර් 8
Frequencyවාර්ෂික
Related toකොළොම්බියාවේ නත්තල් උත්සවය

ජනයා මෙම දිනයේදී, කන්‍යා මරියතුමියට සහ එතුමියගේ නිර්මල පිළිසිඳීමට ගරු කරනු වස්, ඔවුන්ගේ ජනේල, සඳලුතල, ද්වාරමණ්ඩප, පැති මං පෙත්, වීදි, උද්‍යාන සහ චතුරස්‍ර, කොටින්ම කියතොත් ඒවා දැකිය හැකි සියළු තන්හී, ඉටිපහන් සහ කඩදාසි ලන්තෑරුම්, දල්වති.

ආශ්‍රිත සංස්කරණය

ෆෝටෝස් ඔෆ් ද නයිට් ඔෆ් ලිටිල් කැන්ඩ්ල්ස් (ඉමාහැනෙස් ඩෙල් ඩියා ඩි ලස් වෙලිටාස්)

  1. "කොන් ලස් වෙලිටාස් සෙ ප්‍රෙන්දේ ලා නවිදාද්" (ස්පාඤ්ඤ බසින්). එල් තියෙම්පෝ. 6 දෙසැම්බර් 2003. http://www.eltiempo.com/archivo/documento/MAM-1043130. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 නොවැම්බර් 2008. 
"https://si.wikipedia.org/w/index.php?title=කුඩා_ඉටිපහන්_දිනය&oldid=387337" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි