කැරිබියානු ගල්පර මෝරා

කැරිබියානු ගල්පර මෝරා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
වංශය: කෝඩේටා
වර්ගය: කොන්ඩ්රික්තියේස්
උපවර්ගය: විවෘත ක්ලෝමියා
ගෝත්‍රය: කාකරයිනිෆෝර්මීස්
කුලය: කාකරයිනිඩයි
ගණය: 'කාකරයිනස්'
විශේෂය: කා. පෙරේසි
ද්වීපද නාමය
කාකරයිනස් පෙරේසි
(Poey, 1876)
Range of the Caribbean reef shark
පර්යාය නාම(ය)

Eulamia springeri Bigelow & Schroeder, 1944
Platypodon perezi Poey, 1876

කැරිබියානු ගල්පර මෝරා Caribbean reef shark ("කාකරයිනස් පෙරේසි"-Carcharhinus perezi, often misspelled perezii)[1] කාකරයිනිඩයි කුලයට අයත් රික්වියෙම් මෝරුන් (requiem shark) විශේෂයකි. බොහෝවිට අත්ලාන්තික් සාගරයට අයත් ෆ්ලොරිඩා සිට බ්‍රසීලය දක්වා වූ නිවර්තන ජල කලාපයේ දැකිය හැක. තවද කැරිබියානු මුහුද ආශ්‍රිතව වැඩි වශයෙන් දැකිය හැකි ගල්පර මෝරුන් විශේෂයද වේ. ශක්තිමත් මනා ලෙස හැඩගැන්වුනු ශරීරයකින් යුත් මෙම රික්වියෙම් මෝරුන් එම කුලයටම අයත් අනෙකුත් මෝරුන් වන ඩස්කි මෝරා ( "සී. ඔබ්ස්කියුරස්"-C. obscurus)සහ සිල්කි මෝරා ("සී. ෆැල්සිෆෝමිස්"-C. falciformis)අතරින් වෙනකර හඳුනා ගැනීම දුෂ්කර කාර්යයකි. නමුත් වෙන්කර හඳුනාගතහැකි ලක්ෂණ වනුයේ, කැපී පෙනෙන සලකුනු නොමැති අළු පැහැයෙන් යුත් වරල්, දෙවන පිටුපස වරල කෙලවර කෙටි තුඩ හා දත් වල හැඩය සහ මෝරුන් සමූහය වේ.

දිගින් මීටර් 3 ක් (අඩි 10 ක්) පමණ වන කැරිබියානු ගල්පර මෝරා, ගල්පර පරිසර පද්ධතිය තුල මාලුන් සහ බූවල්ලන් විශාල වශයෙන් ගොදුරු කරගන්නා අග්‍ර විලෝපිකයෙක් ලෙස හැන්ඳින්විය හැක. සාමාන්‍යයෙන් ක්‍රියාකාරී ලෙස පිහිනන මෝරෙකු වශයෙන්, මොවුන්ගේ අසාමාන්‍ය හැසිරීම් රටාවක් ලෙස දැක්විය හැක්කේ, මුහුදු පතුලේ හෝ ගුහාවන් තුල නොසෙල්වී සිටිනු දක්නට ලැබීමයී. යම් අනතුරු හැඟවීමකදී මොවුන් ලය වරල් පහතට හෙලීමකින්ද ගමන් ගන්නා දිශාව වෙනස් කිරීමකින්ද ගර්ජන විදහා දැක්වීමක් පෙන්නුම් කරයි. අනෙකුත් රික්වියෙම් මෝරුන් විශේෂ මෙන් මොවුන් ජලාබුජ ගණයට අයත් වන අතර ගැහැණු සත්වයා විසින් අවුරුද්දකට පැටවුන් 4–6 අතර ප්‍රමාණයක් ප්‍රසූත කරයි. කැරිබියානු ගල්පර මෝරුන් ධීවර කර්මාන්තයේදී වැදගත් කමක් උසුලන්නේ මාංස, පදම් කල සම්, පීකුදු තෙල් වැනි ද්‍රව්‍ය ලබාගැනීමට වන අතර, නමුත් නොබෝදා සිට සංචාරක ආකර්ෂණයක් ලෙස වැඩි වටිනාකමක් දිනා ඇත. "මෝරුන් පෝෂ්‍ය කිරීම" සඳහා ඔවුන් සමූහයා වශයෙන් ආකර්ෂණය කරගැනීමට බහමාස් සහ එයින් ඔබ්බට ඇති රටවල් විසින් විවිධ ගොදුරු යොදාගැනීම මතභේදයට තුඩුදුන් කරුණක් වේ. මෙම විශේෂය මෝරුන්ගෙන් මිනිසා මත සිදුවූ ආක්‍රමණ සුලු ප්‍රමාණයකට වගකිව යුතුවේ.

වර්ගීකරණය සහ වංශ ප්‍රවේණිය සංස්කරණය

ෆෙලිප් පොයේ ("Felipe Poey") විසින් 1876 වසරේදී ලියා පලකරන ලද, අනාලෙස් ඩි ලා සොසයිඩාඩ් එස්පැනෝලා ඩි හිස්ටොරියා නැචුරල් – Anales de la Sociedad Española de Historia Natural යන විද්‍යාත්මක සඟරාව සඳහන් කරන පරිදි, කැරිබියානු ගල්පර මෝරා මුලින්ම හඳුන්වන ලද්දේ ප්ලැටිපොදොන් පෙරෙzසි – Platypodon perezi යන නමින් වේ. කියුබාව ආශ්‍රිත මුහුදුබඩ ප්‍රදේශයේ විශේෂ හයකට අයත් නිදර්ශක වර්ග දක්නට ලැබිණි. ප්ලැටිපොදොන් – Platypodon යන ගණය පසු ලේඛකයින් විසින් කාචාහිනස් – Carcharhinus ලෙස සමානාර්ථකරන ලදී.[2]

රූප විද්‍යාත්මක සමානතා පාදක කොටගෙන, 1982 වසරේදී ජැක් ගැරික් "Jack Garrick" විසින් මෙම විශේෂ බිග්නෝස් මෝරා "bignose shark"(සී. අල්ටිමස් – C. altimus) සහ සෑන්ඩ්බාර් මෝරා "sandbar shark" (සී. ප්ලම්බියස් – C. plumbeus) ලෙස කාණ්ඩ දෙකකට වර්ග කරන ලද අතර 1988 දී ලියොනාඩ් කොම්පැග්නෝ "Leonard Compagno" විසින් අලු පැහැ ගලපර මෝරා "grey reef shark" (සී. ඇම්බ්ලිරයින්චොස් – C. amblyrhynchos) ගේ සහෝදර කාණ්ඩය ලෙස දක්වන ලදී. තවද කැරිබියානු ගල්පර මෝරා යනු, ගලපගොස් මෝරා "Galapagos shark" (සී. ගලපගැන්සිස් – C. galapagensis), ඩස්කි මෝරා "dusky shark" (සී. ඔබ්ස්කියුරස් – C. obscurus), ඕශනික් වයිට්ටිප් මෝරා "oceanic whitetip shark" (සී. ලොන්ගිමානුස් – C. longimanus), සහ නිල් මෝරා "blue shark" (ප්‍රියොනේස් ග්ලෝකා – Prionace glauca) ගෙන් සමන්විත කාණ්ඩයක සහෝදරී ඒකකය බව, ඇලලීය එන්සයිම "allozyme" දත්ත පදනම් කරගෙන, ගාවින් නේලර් "Gavin Naylor" විසින් 1992 දී ප්‍රකාශිත වංශප්‍රවේණික විශ්ලේෂණයෙන් පෙන්වාදෙන ලදී. කෙසේ වුවත් "කාචාහිනස් – Carcharhinus" කුලය තුල අන්තර් සබැඳියාව නිශ්චය කරගැනීම සඳහා තව බොහෝ කාර්යය කිරීම අවැසි වේ. [3]

ව්‍යාප්තිය සහ වාසස්ථානය සංස්කරණය

කැරිබියානු ගල්පර මෝරා, බර්මියුඩා ඇතුලුව උතුරු කැරොලිනා ප්‍රදේශයේ සිට දකුණේ බ්‍රසීලය දක්වා, උතුරු මෙක්සිකන් බොක්ක, සහ කැරිබියානු මුහුද එක්වූ බටහිර නිවර්තන අත්ලාන්තික් සාගරය පුරාවට ම දැකිය හැකි වේ. කෙසේ නමුත් ෆ්ලොරිඩා කී හි මොවුන් දැකිය හැක්කේ ඉතාමත් කලාතුරකිනි. මොවුන් නොගැඹුරු ජලය ඇති හිරිගල් පර අවට සැරිසැරීමට වැඩි කැමැත්තක් දක්වන අතර ගල්පරයට පිටතින් වූ ගැටිති අවට පහසුවෙන් දැකගත හැකි වේ.[4] මෙම මෝරා 30 m (98 ft)ට වඩා නොගැඹුරු ජලයේ දැකගැනීම පහසු වන අතර මීටර් 378 ක්(අඩි 1240) දක්වා ගැඹුරකට පිහිනීමට හැකි බව වාර්තා වේ.[1]

විස්තරය සංස්කරණය

නියමානුකූල සරල කාර්යක්ෂම බාහිර පෙනුමක් සහිතව විශාල ශරීරයකින් හෙබි කැරිබියානු ගල්පර මෝරා අනෙකුත් විශාල රික්වියෙම් මෝරුන්ගෙන් වෙන්කර පැවසීම දුෂ්කර කටයුත්තකි. මොවුන් සාමන්‍යයෙන් දිගින් මීටර් 2 – 2.5 (අඩි 6.5 – 8) අතරද; වාර්ථාවී ඇති උපරිම දිග මීටර් 3 ( අඩි 10) ක් ද; වාර්ථාවී ඇති උපරිම බර කිලෝග්‍රෑම් 70 ( රාත්තල් 154) ක් ද වේ.[5][6] මොවුන්ගේ ස්වාභාවික වර්ණාවලිය අවධානය යොමුකිරීමේදී, ඇළපත්හි පහසුවෙන් නොපෙනෙන සුදු පැහැ පටිය ද, ඉහල ශරීරය අළු පැහැය හෝ අළු-ඳුඹුරු පැහැය ද, පහල ශරීරය සුදු පැහැය හෝ සුදු-කහ පැහැයද වන අයුරින් වර්ණ ගැන්වී ඇත. වරල් කැපී පෙනෙන ලෙස දර්ශනය නොවන අතර, යුගල වශයෙන් පවතින වරල් වල යටි පැත්ත, අධෝමුඛ වරල සහ පසුපස වරලේ යටි ඛණ්ඩිකාව, අඳුරු පැහැයක් ගනීයි.[4][2]

නාස් පුඩු දෙපස සමෙහි කැපී පෙනෙන එල්ලා වැටීම් නොමැති අතර, නාසය තරමක් කෙටි, පළල් සහ වටකුරු ස්වභාවයක් ගනී. ඇසිපිල්ලම් තුනීසිවියකින් (ආරක්ෂාකාරී තුන්වන ඇසිපිය) යුක්ත ඇස් විශාල වටකුරු ස්වභාවයක් ගනීයි. හනු දෙකෙහිම එක් අර්ධයක දත් පෙළ 11 – 13 අතර ප්‍රමාණයක් බැගින් පවති‍යි. දත් පළල් භස්මකින්ද, දැති තියුණු බවකින්ද, සියුම් තුඩකින්ද යුක්ත වේ. ඉදිරිපස එක් එක් පැත්තේ පිහිටා ඇති දත් 2-4 ක් සෘජු බවින් යුක්ත අතර අනෙකුත් දත් ක්‍රමයෙන් ආනත වේ. යුගල් පහක් වශයෙන් පවතින කරමල් සිදුරු ප්‍රමාණයෙන් කෙතරම් දිගු වන්නේද යත්, තුන්වන කරමල් සිදුර ලය වරලේ ආරම්භක ස්ථානයටත් වඩා එතෙරට පිහිටයි.[4] පළමු පෘෂ්ඨීය වරල උස්ව දෑකැති හැඩයකින් පිහිටා ඇත. අන්‍යෝන්‍ය ලෙස ගත්කල විශාලව පිහිටි, නිදහස් කෙටි පසුපස තුඩක් සහිත දෙවන පෘෂ්ඨීය වරල තෙක්, පළමු පෘෂ්ඨීය වරලෙන් පසු පෘෂ්ඨය තර්මක් පහත්ව පිහිටයි. පලමු පෘෂ්ඨීය වරලේ ආරම්භය, ළය වරල්හි නිදහස් පසුපස තුඩු වලට ඉහලින් හා සුලුවශයෙන් ඉදිරියෙන් පිහිටා ඇති අතර දෙවන පෘෂ්ඨීය වරල, අධෝමුඛ වරලට ඉහලින් හා සුලුවශයෙන් ඉදිරියෙන් පිහිටා ඇත. ළය වරල් දිග, පටු සහ තුඩක් දක්වා ක්‍රමයෙන් සිහින් වන ආකාරයකින් යුක්ත වේ.[2]කොන් පහක් සහිතව තිරස්ව පිහිටන චර්මීය කොරපොතු අතර අවකාශය ඉතාමත් අඩුව සහ එකිනෙක අතිච්ඡාදනය වෙමින් දෙකෙලවර දත් දක්වා ව්‍යාප්තව පවතී.[4]


ජීව විද්‍යාව සහ පරිසර විද්‍යාව සංස්කරණය

 
කැරිබියානු ගල්පර මෝරා බහමාස් හි හිරිගල් පර අතර සැරිසරමින්.

හඳුනාගත් නිශ්චිත ප්‍රදේශ වල මෙම මෝරුන් ගහණය අධික වුවත්, කැරිබියානු ගල්පර මෝරා රික්වියෙම් මෝරුන් අතරින් ඉතාමත් අවම වශයෙන් අධ්‍යයනයට ලක්වූ සත්වයෙකි. කැරිබියානු ගල්පර ප්‍රජාවන්හි විවිධ හැඩගැන්වීම් කෙරෙහි මොවුන්ගේ ඉතා විශාල දායකත්වයක් ඇති බව පිලිගත් කරුණකි. මෙම මෝරුන් සෘතු වෙනස්වීම් වලදී ක්‍රියාකාරීත්වයේ වෙනසක් හෝ සංක්‍රමණයක් නොපෙන්වන අතර රාත්‍රී කාලයේදී බොහෝ ක්‍රියාකාරී බවක් පෙන්නුම් කරයි. ළපටි කැරිබියානු ගල්පර මෝරුන් වසර මුලුල්ලේම සීමිත ප්‍රදේශයක රැඳෙන අතර වැඩිහිටි මෝරුන් විශාල ප්‍රදේශයක හැසිරෙනු දැකිය හැක.[7]

ඇතැම් අවස්ථා වලදී කැරිබියානු ගල්පර මෝරුන් මුහුදු පතුලේ හෝ ගුහාවන් තුල නොසෙල්වී අක්‍රීයව සිටිනු දැකිය හැකිය; මෙවැනි හැසිරීම් රටාවක් වාර්තා වූ ප්‍රථම ක්‍රියාකාරී මෝරුන් විශේෂය මොවුන් වේ. 1975 වසරේදී ඉයුජිනි ක්ලාර්ක් "Eugenie Clark" යුකටන් පෙනින්සුලා "Yucatan Peninsula" ප්‍රදේශයට ඔබ්බෙන් වූ ඉස්ලා මුජෙරෙස් "Isla Mujeres" අවට පිහිටා ඇති ගුහාවන් තුල "නිදන මෝරුන්" විමර්ශනය කරන ලදී. එහිදී තහවුරු කරගන්නා ලද්දේ මෝරුන්ගේ ඇස් විවිධ චලනයන් දැක්වීම හේතුවෙන් ඔවුන් සත්‍ය වශයෙන්ම නිද්‍රෝපගත නොවන බවයි. ගුහා තුල පවතින නැවුම් upwelling ජලය, මෝරුන්ගේ පරපෝෂිත බව ලිහිල් කරමින් සුඛදායක "මත් බවින් යුක්ත" බලපෑමක් ඇතිකරන බව ක්ලාර්ක් අනුමාන කරන ලදී. [8] යම් අනතුරු හැඟවීමකදී, කැරිබියානු ගල්පර මෝරුන් ඇතැම් අවස්ථා වලදී කෙටි ගැස්සෙන සුළු අන්දමකින් දිශාව වෙනස් කරමින් සහ ළය වරල් කෙටි (තත්පර 1-1.2 ක ප්‍රවර්ථන කාලය ), පුනරාවර්ත ආකාරයකින් පහත් කරමින් ගර්ජන විදහා දැක්වීමක් පෙන්නුම් කරයි. මෙම විදහා දැක්වීම අළු ගල්පර මෝරා ගේ "grey reef shark" (සී. ඇම්බ්ලිරයින්චොස් - C. amblyrhynchos) ඉහළින් පසක් කරගත් විදහා පෑම තරම් සුපැහැදිලි නොවේ.[8][9]

විශාල මෝරුන් වන කොටි මෝරා (ගැලියොසර්ඩෝ කුවියර් - Galeocerdo cuvier) සහ ගව මෝරා (සී.ලියුකස් - C. leucas) විසින්ළපටි කැරිබියානු ගල්පර මෝරුන් අල්ලා ගොදුරු කරගනු ලබයි. මෙම විශේෂය සඳහා පරපෝෂිතයින් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර අඳුරු පැහැ විචිත්‍ර කූඩැල්ලෙකු බොහෝවිට පෘශ්ඨීය වරලේ එල්ලී සිටිනු දක්නට ලබේ.[4] උතුරු බ්‍රසීලයට ඔබ්බෙන් ජීවත්වන කහනාසා ගෝබි (එලකැටිනස් රන්ඩල්ලි - Elacatinus randalli) නම් කුඩා මාලුන්, මෝරුන් මුහුදු පතුලේ නිසලව සිටින අවස්ථාවන්හිදී ශරීරයේ ඇලී සිටින පරපෝෂිතයින් පිරිසිදු කිරීමේ කාර්යයේ නිරතවන බැවින් ළපටි කැරිබියානු ගල්පර මෝරුන් බොහෝවිට ඔවුල්ගේ සහය පතයි.[10] හෝස් - අයි ජැක් (කැරන්කස් ලේටස් - Caranx latus) මාළුන් and බාර් ජැක් (කැරන්ගොයිඩෙස් රියුබර් - Carangoides ruber) මාළුන් පුරුද්දක් වශයෙන් කැරිබියන් ගල්පර මෝරා අවට ගැවසෙනු දැකිය හැකිය. [11]

ආහාර රටා සංස්කරණය

 
ජැක් මාලුන්ගෙන් වටවී සිටින කැරිබියානු ගල්පර මෝරා.

කැරිබියානු ගල්පර මෝරුන්ගල්පර වාසස්ථාන කරගත් කුඩා මාලුන්, බූවල්ලන්සහ ඊගල් රේ (ඒටොබටුවා නරිනාරි - Aetobatus narinari) හා යෙලෝ ස්ටින්ග්‍රේ (යුරොබාටිස් ජමයිසෙන්සිස් - Urobatis jamaicensis) යන එලස්මොබ්‍රාන්ච් elasmobranch සතුන්ද ආහාරයට ගනියි.[1] මාළුන්ගේ කැලඹීම් දක්වන අඩු සංඛ්‍යාත ශබ්ද තරංග සඳහා ආකර්ශනය වේ.[4] මීටර් 2 (අඩි 6.6) ක් දිග පිරිමි කැරිබියානු ගල්පර මෝරෙකු යෙලෝටේල් ස්නැපර් yellowtail snapper මත්ස්‍යයෙකු ගොදුරුකර ගැනීමක් නිරීක්ෂණය කල එක් අවස්ථාවක, මෝරා පළමුව උදාසීන අයුරින් වටකර කිහිපවිටක් නොසැලකිලිමත් ලෙස ලන්වී, හදිසියේ වේගය වැඩිකර ම්ත්ස්‍යයාගේ හනුවෙන් අල්ලාගැනීම උදෙසා හිස පසෙකට වනමින් ගමන් කරනු දැකිය හැකි විය.[8] නොමේරූ මෝරන් කුඩා මාලුන්, කූනිස්සන් සහ කකුලුවන් ගොදුරුකර ගනිමින් ජීවත් වේ.[8]දිරවිය නොහැකි ද්‍රව්‍යය, පරපෝෂිත‍යින් සහ ලාටු ඉවත් කිරීම සඳහා කැරිබියානු ගල්පර මෝරුන් හට ඔවුන්ගේ උදරය පිටතට පෙරළිමට හැකියාවක් ඇත. [11]


ජීව ඉතිහාසය සංස්කරණය

ප්‍රජනනය ජලාබුජ ආකාර වේ. කලලය තරමක් වර්ධනය වීමෙන් පසු, මෝර මවගෙන් පෝෂණය ලබාගැනීම සඳහා කලලය අඩංගු පටලමය කෝෂය විසින් කලල බන්ධයක් වර්ධනය කරගනියි. බොහෝවිට ගැහැනු සත්වයාගේ ශරීර්යේ දෙපස සැපීම් කැලැල් සහ තුවාල දැකියහැකි බැවින්, සංසර්ගය ආක්‍රමණශීලී ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකි වේ. [4] බ්‍රසීලයට ඔබ්බෙන් වූ ෆර්නැන්ඩෝ ඩි නොරොන්හා ආකිපෙලගෝ (Fernando de Noronha Archipelago) සහ ඒටොල් ඩාස් රෝකස් (Atol das Rocas) යන ප්‍රදේශන්හි වියළි කාලයේ dry season අග භාගය වන පෙබරවාරි සිට අප්‍රේල් දක්වා ප්‍රසව ක්‍රියාවලිය සිදුවන අතර දක්ෂිණ අර්ධගෝලයේ අනෙකුත් ප්‍රදේශය්න්හි ඇමේසන් ගිම්හාන සෘතු පවතින නොවැම්බර් සිට දෙසැම්බර් කාලයේ ගැහැණු සත්වයා විසින් ප්‍රසූත ක්‍රියාවලියේ යෙදෙයි.[4][12] ගර්භණී කාලය වසරක් වන අතර එක් වරක හතර-හය අතර ප්‍රමාණයක් උපත ලබයි. ගැහැණු මෝරා වසර දෙකකට වරක් පැටවුන් බිහි කරයි.[8] අලුත උපන් පැටවුන් සෙ.මී 74 () කට වඩා දිගු නොවන අතරද; පිරිමි මෝරුන් මීටර් 1.5-1.7 සහ ගැහැණු මෝරුන් මීටර් 2-3 පමණ දිගු වන විට පරිණත බවට පත්වේ.[4]

මානව අන්තර්ක්‍රියා සංස්කරණය

 
බොහෝ කැරිබියානු ගල්පර මෝරුන් ගොදුරු ඇමකට ආකර්ෂණය වීම.

සාමාන්‍යයෙන් කිමිදුම් කරුවන් අභියස උදාසීන හෝ ලැජ්ජාශීලී ලෙස හැසිරෙන කැරිබියානු ගල්පර මෝරා ආහාර ඇති තැන්හි ආක්‍රමණශීලී ලෙස හැසිරෙන් අතර අනතුරුදායක සත්වයෙකු ලෙස හැඳින්වීමට තරම් විශාල ලෙස වර්ධනය වේ.[6] 2008 වර්ශයේදී අන්තර්ජාතික මෝර ආක්‍රමණ ලිපිගොනුව ශ්‍රේණිගත කරන පරිදි මෙම විශේෂයට ආරෝපිත ආක්‍රමණ 27න් 4ක් ප්‍රකෝපයෙන් සිදුනොවුන සහ මාරාන්තික නොවන ලෙස හන්ඳුනාගෙන ඇත. [13]

මෙම විශේෂය වාණිජ, කාර්මික, longline සහ gillnet යන ධීවරයනි විසින් අල්ලනු ලබයි. මොවුන් මාංස, පදම්කල සම්, අක්මා තෙල් සහ මාළු ආහාර සඳහා වටිනාකමක් උසුලයි. කොලොම්බියා වේ ඉතාමත් බහුල ලෙස අල්ලනු ලබන මෝරුන් විශේෂය කෑරිබියානු ගල්පර මෝරා වේ. සඳහා මූලික හේතුව, ඔවුන්ගේ දළ, මෝර තෙල් හා හනු(විසිතුරු කර්මාන්ත සඳහා විකුණනු ලබයි) ලබාගෑනීම වේ. බෙලිස් හි මෙම වර්ගයා මූලික වශයෙන් bycatch ලෙස, grouper සහ snapper ඈල්ලීම සඳහා යොදනු ලබන කොකු ඈමෙහි පෑටලෙයි; දළ, ලාබදායී ආසියානු වෙළඳපලට විකුණනු ලබන අතර, මාංස කොටස්, "panades" (tortilla වෑනි ඖෂධයක්) නිපදවීම සඳහා, බෙලිස්, මෙක්සිකෝ සහ ගෝතමාලා වට විකුණනු ලබයි. 1900 මෑද භාගයේ පටන් 1990 මුල් අවධිය දක්වා බෙලිස් හි ක්‍රියාත්මක වූ මෝර ධීවර මධ්‍යස්ථානයක් හේතුවෙන් මෝර විශේෂයන්හි සීග්‍ර අඩුවීමක් සිදුවිය.[1] මෙම විශේෂයන්හි මාංස වල මෙතිල්මර්කරි සහ අනිකුත් බෑර ලෝහ විශාල වශයෙන් අඩංගු විය හෑක..[4]

මෝරුන් පෝෂණය සංස්කරණය

 
බහමාස් හි "මෝරුන් පෝෂණය"කදී, කෑරිබියානු ගල්පර මෝරුන් කිහිපදෙනෙක් පෝෂණය කරමින්

ඈම යොදාගෑනීමෙන් මෝරුන් කිමිදුම්කරුවන් වෙත ආකර්ෂණය කරගනිමින් සිදුකරන "මෝරුන් පෝෂණය" ඈසුරු කරගනිමින් ලාබදායක සංචාරක ආකර්ෂණ ව්‍යාපාරයක් ආරම්භ වී ඈත. US$6,000,000 ක පමණ මුදලක් මෝරුන් දර්ශනය සඳහා බහමාස් හිදී වාර්ශිකව යොදවන අතර සමහර ස්ථානයන්හිදී ජීවමාන කෑරිබියානු ගල්පර මෝරෙකුගේ වටිනාකම US$13,000 සහ US$40,000 අතර ප්‍රමාණයක් වේ ( ජීවමාණ මෝරෙකුගේ එක්වරක දර්ශන වටිනාකම US$50 සහ අජීවී මෝරෙකුගේ දර්ශන වටිනාකම US$60 ක් වේ).[14]මෙම ක්‍රියාව මතභේදයට තුඩුදුන් කරුණක් වනුයේ, ගල්පර මාළුන් ඉවත්කිරීමෙන් දේශීය පරිසර පද්ධතිය හානිවීම සහ මෝරුන්, ආහාර සඳහා මිනිසා ඈසුරු කිරීමෙන් මෝර ආක්‍රමණ වෑඩිවීමේ අවධානමක් ඈතිබව ප්‍රතිපාක්ෂිකයින් කරුණු ගෙනහෑර දෑක්වීම හේතුවෙනි. මෙයට ප්‍රතිවිරුද්ධව යෝජකයින් දරන මතය නම්, මෝරුන් ආරක්ෂාකරමින් ඔවුන් සංරක්ෂණය සඳහා දායක වීමත්, මෝරුන් පිළිබඳව ජනයා දෑනුවත් කිරීමට හෑකිවීමත්ය. මේ දක්වා ඒ අවට ප්‍රදේශයෙහි මෝරුන් පෝෂණය හේතුවෙන් මෝර ආක්‍රමණ අවධානම වෑඩිවී ඈතිබවට සාධක පවතිනුයේ ඉතා අල්ප වශයෙනි.[8][15] ෆ්ලොරිඩාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ මෝරුන් පෝෂණය නීතියෙන් තහනම් කර ඈතත් කෑරිබියානු මුහුදේ අනෙකුත් ස්ථානයන්හි එය තව දුරටත් ක්‍රියාත්මක වේ.[4]

සංරක්ෂණය සංස්කරණය

කෑරිබියානු ගල්පර මෝරා, ආසන්න තර්ජනයට ලක්වූ විශේෂයක් ලෙස International Union for Conservation of Nature (IUCN) විසින් තක්සේරුකර ඈත. අධික මසුන් ඈල්ලීම හේතුවෙන් බෙලිස් සහ කියුබාව අවට මෝරුන් ගහණය අඩුවී ඈති අතර අනෙකුත් කලාපයන්හිද එය සිදුවෙමින් පවතියි. හිරිගල්පර පරිසර පද්ධතිය කෙළෙසීම සහ විනාශය හේතුවෙන්ද ඔවුන් තර්ජනයට ලක්වී ඈත. [1] ඈමෙරිකා එක්සත් ජනපදය ආශ්‍රිත මුහුදේ මෙම විශේෂයෙහි වාණිජ මසුන් ඈල්ලීම තහනම්කර ඈත.[4] බහමාස් හි සහ බ්‍රසිල් වලට ඔබ්බෙන් ඈති අනෙකුත් සමුද්‍ර ආරක්ෂිත කලාප බොහොමයක ද පරිසර පද්ධතියේ ඔවුන්ගේ වෑදගත්කම හේතුවෙන් රක්ෂිත කර ඈත. කෙසේනමුත් මෙම සංචිතය කිහිපයක නීතිවිරෝධී මසුන් ඈල්ලීම කෙරෙහි බලපැම අඩු අතර බොහෝ කලාපවල මෙම විශේෂයන්හි බොහොමයක් ආරක්ෂිත බවින් තොරය.[1]


මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; IUCN නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. 2.0 2.1 2.2 කොම්පෑග්නෝ, ලියොනාඩ් ජේ. වී. (1984). ලෝකයේ මෝරුන්: දෑනට පසක් කරගන්නා ලද මෝර විශේෂයන්ගේ විවරණ සහ රූපිත නාමාවලිය. රෝමය: ආහාර සහ කෘෂිකර්ම සංවිධානය. pp. 492–493. ISBN 9251013845.
  3. නේලර්, ජී.ජේ.පී. (1992). "රික්වියෙම් සහ හෑමර්හෙඩ් මෝරුන් අතර වංශප්‍රවේණික සම්බන්ධතා: දහස් ගණන් එක ලෙස සමාන වූ ඉහළම සකසුරුවම් සහිත ශාඛ ප්‍රථිඵල අනුව වංශප්‍රවේණික අනුමානය". ක්ලෑඩිස්ටික්ස්. 8: 295–318. doi:10.1111/j.1096-0031.1992.tb00073.x.
  4. 4.00 4.01 4.02 4.03 4.04 4.05 4.06 4.07 4.08 4.09 4.10 4.11 ස්කාෆර්, ඒ. ජීවවිද්‍යා පෑතිකඩ: කෑරිබියානු ගල්පර මෝරා. ෆ්ලොරිඩා කෞතුකාගාරයේ මත්ස්‍ය විද්‍යාව පිළිබද ස්වභාවික ඉතිහාස අංශය. ලබාගන්නා ලද්දේ පෙබරවාරි 14, 2009.
  5. සැකිල්ල:මත්ස්‍යපාදක විශේෂ
  6. 6.0 6.1 ෆෙරාරි, ඒ. සහ ඒ. (2002). මෝරුන්. නිවි යෝක්: ෆයර්ෆ්ලයි ප්‍රකාශකයෝ. pp. 176–177. ISBN 1552096297.
  7. ගාර්ලා, ආර්.සී., චෑප්මන් ඩී.ඩී., වෙදර්බී බී.එම්. සහ ශිව්ජී, එම්. (2006). "නොමේරූ කෑරිබියානු ගල්පර මෝරුන්ගේ සංචලන රටා, කාකරයිනස් පෙරේසි, ෆර්නෑන්ඩෝ ඩි නොරෝනා දූපත් සමූහය, බ්‍රසීලය: මෝරුන් ඈති දෑඩි කිරීමේ සංරක්ෂිත සමුද්‍ර ආරක්ෂිත කලාප සම්බ්භව්‍ය". සමුද්‍ර ජීව විද්‍යාව. 149: 189–199. doi:10.1007/s00227-005-0201-4.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  8. 8.0 8.1 8.2 8.3 8.4 8.5 මාටින්, ආර්.ඒ. කෑරිබියානු ගල්පර මෝරා. මෝර පර්යේෂණය සදහා ගල්පර ගවේෂණ කේන්ද්‍රය. ලබාගන්නා ලද්දේ පෙබරවාරි 14, 2009.
  9. මාටින්, ආර්.ඒ. (මාර්තු 2007). "මාරාන්තික මෝර ප්‍රදර්ශන විචාරණය: මෝර-මිනිස් අන්තර්ක්‍රියා සදහා ප්‍රදර්ශන ලක්ෂණ සහ ගම්‍යතා සංසන්දනය". සමුද්‍ර සහ නෑවුම් ජල චර්යාව සහ භෞතවේදය. 40 (1): 3–34. doi:10.1080/10236240601154872.
  10. සසිමා, අයි. සහ මෞරා, ආර්.එල්. (2000). රොස්, එස්. ටී. (ed.). "Shark (කාකරයිනස් පෙරේසි), ගෝබි මත්ස්‍යයින් විසින් පවිත්‍ර කරන ලද( එලකෑටිනුස් රන්ඩල්ලි), ෆර්නෑන්ඩෝ ඩි නොරෝනා දූපත් සමූහය අවට, බටහිර දකුණු අත්ලාන්තික". කෝපියා. 2000 (1): 297–299. doi:10.1643/0045-8511(2000)2000[0297:SCPCBT]2.0.CO;2.{{cite journal}}: CS1 maint: date and year (link) CS1 maint: multiple names: authors list (link)
  11. 11.0 11.1 බෘන්ශ්වෙයිලර්, ජේ.එම්., ඈන්ඩෘස්, පී.එල්.ආර්., සවුත්හෝල්, ඊ.ජේ., පිකෙරින්, එම්., සහ සිම්ස්, ඩී.ඩබ්. (2005). "නිදහස් ජීවමාන මෝරකුගේ සීග්‍ර ආමාශ පෙරලීම". සමුද්‍ර ජීව විද්‍යාව පිළිබද ජර්නලය, Ass. එක්සත්.රාජධානිය. 85: 1141–1144.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  12. ගාර්ලා, ආර්.සී., චෑප්මන්, ඩී.ඩී., ශිව්ජී, එම්.එස්., වෙදර්බී, බී.එම්., සහ ඈමෝරිම්, ඒ.එෆ්. (2006). "ළපටි කෑරිබියානු ගල්පර මෝර වාසස්ථාන, කාකරයිනස් පෙරේසි, නිරිතදිග අත්ලාන්තික් සාගරයේ සාගර ආසන්න සමුද්‍ර දිවයින් ආරක්ෂිත කලාප දෙකක් අවට: ෆර්නෑන්ඩෝ ඩි නොරෝනා දූපත් සමූහය සහ ඈටොල් ඩාස් රෝකස්, බ්‍රසීලය". ධීවර පර්යේෂණ. 81: 236–241. doi:10.1016/j.fishres.2006.07.003.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  13. මෝර ආක්‍රමණ විශේෂ පිළිබද අයි.එස්.ඒ.එෆ් සංඛ්‍යානය . අන්තර්ජාතික මෝර ආක්‍රමණ ලිපිගොනුව, ස්වභාවික ඉතිහාසය පිළිඹඳ ෆ්ලෝරීඩා කෞතුකාගාරය, ෆ්ලෝරීඩා සරසවිය. ලබාගන්නා ලද්දේ අප්‍රේල් April 22, 2009.
  14. ෆවුලර්, එස්.එල්., රීඩ්, ටී.එම්. සහ ඩිපර්, එෆ්. (2002). එලාස්මොබ්‍රාන්ච් ​​​​ජෛවවිද්‍යාව, සංරක්ෂණය සහ කළමනාකරණය: අන්තර්ජාතික සම්මන්ත්‍රණය සහ වෑඩමුලුවෙහි වාර්ථා සටහන්, සබා, මෑලේසියාව. ස්වභාව ධර්ම සංරක්ෂණය සදහා අන්තර්ජාතික සංගමය සහ ස්වභාවික සම්පත් විශේෂ සදහා උරදීමේ අධිකාරිය. pp. 47–48. ISBN 2831706505. {{cite book}}: zero width space character in |title= at position 18 (help)CS1 maint: multiple names: authors list (link)
  15. මර්ච්, ඒ. මෝරුන් පෝෂ්‍යකිරීම. එලාස්මොඩයිවර්.කොම්. ලබාගන්නා ලද්දේ පෙබරවාරි 14, 2009

සැකිල්ල:Carcharhinidae

"https://si.wikipedia.org/w/index.php?title=කැරිබියානු_ගල්පර_මෝරා&oldid=349267" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි