කැන්ටබරියෙහි අගරදගුරුතුමා


කැන්ටබරියෙහි අගරදගුරුතුමා යනු, එංගලන්ත සභාවෙහි ප්‍රමුඛතම නායකයා සහ ජ්‍යෙෂ්ඨ රදගුරුතුමා වන අතර, ලෝක ව්‍යාප්ත ඇංග්ලිකානු සංසදයෙහි චාරිත්‍රානුකූල නායකයා සහ කැන්ටබරි රදගුරුවසමෙහි රදගුරුතුමා වෙයි. 2013 මාර්තු 21 දිනදී කැන්ටබරි ආසන දෙව්මැදුරෙහිදී සිංහාසනාරූඬය ලත් ජස්ටින් වෙල්බි, වර්තමාන අගරදගුරුතුමා වෙයි. වෙල්බි වනාහී, මෙම තනතුර හොබවන 105වන තැනැත්තා වන අතර, මහා ග්‍රෙගරි පාප්වහන්සේ විසින් එංගලන්තය වෙත එවන ලද සහ වසර 597දී එහි ලඟාවූ "ඉංග්‍රීසි ජාතිකයන් වෙත අපෝස්තුළුවරයා" කැන්ටබරියෙහි ඔගස්ටීන් වෙත අනුප‍්‍රාප්ති සම්බන්ධතාවය දරයි. [1] අනාගතයෙහි ක්‍රියාත්මකවන, තවමත් අවිනිශ්චිත දිනයක සිට බලපැවැත්වෙන තම ඉල්ලාඅස්වීම, 2024 නොවැම්බර් 12 දිනදී වෙල්බි ප්‍රකාශයට පත් කලේය. [2]

අගරදගුරුතුමා කැන්ටබරියෙහි
අගරදගුරු බලප්‍රදේශය
ඇංග්ලිකානු
Coat of arms of the
තනතුරුධාරි:
ජස්ටින් වෙල්බි
2013 පෙබරවාරි 4 දින සිට
ශෛලියඅතිගරු සහ අත්‍යොත්තම (නැතහොත් ප්‍රසාදීන්වහන්සේ)
පිහිටුම
සමයානුකූල පළාතකැන්ටබරිය
පදිංචිය
තොරතුරු
පළමුවන තනතුරුධාරියාකැන්ටබරියෙහි ඔගස්ටීන්
පාර්ශ්වයඇංග්ලිකානු
සංස්ථාපනය597 (597)
රදගුරුවසමකැන්ටබරි
ආසන දෙව්මැදුරකැන්ටබරි ආසන දෙව්මැදුර

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ "අනවුස්මන්ට් ඔෆ් ද 105ත් ආච්බිෂප් ඔෆ් කැන්ටබරි". කැන්ටබරියෙහි අගරදගුරුතුමා වෙබ්අඩවිය. 9 නොවැම්බර් 2012. 12 නොවැම්බර් 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 නොවැම්බර් 2012.
  2. ^ "ආච්බිෂප් ඔෆ් කැන්ටබරි ජස්ටින් වෙල්බි රිසයින්ස් ඕවර් චර්ච් ඇබියුස් ස්කැන්ඩ්ල්– ලයිව් අප්ඩේට්ස්". බීබීසී නිවුස් (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-11-12.