කාල තුවක්කු බල ඇණි

කාල තුවක්කු යනු යුද අවස්ථාවන්හි ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන අවියකි.මෙම ප්‍රහාර ක්‍රමය ආරම්භ වුයේ පළමු වැනි ලෝක යුද්ධයත් සමඟය. සතුරාට පෙනෙන දුරක සිට පෙනෙන ඉලක්කයට වෙඩි ප්‍රහාර ලබා දිම මෙහි අරමුණයි. තුවක්ක්‍ර 25 ක් එකතුව පහර දෙන සමුහයකට රෙජිමේන්තුවක් හෝ බ්‍රිගේඩයක් යනුවෙන් හඳුන්වනු ලබයි. අනියම් ඉලක්ක වෙත පවා තුවක්කු බලය පාවිච්චි කිරීමට තාක්ෂණය වැඩි දියුණු කර ඇත. යුද අගල් ක්‍රමයක් යුධ තාක්ෂණයට එක්වීම ද මේ සමඟ සිදුවිය.

French naval piece of the late 19th century

කාල තුවක්කු බල ඇණිවල වර්ධනය සංස්කරණය

මෙම යුධ ක්‍රමෝපායන් ප්‍රථමයෙන් ඉංග්‍රිසින් විසින් 1915 ද නිවි චැපල් යුද්ධයේ දී භාවිතා කරනු ලැබ ඇත. නොකඩවා සතුරා වෙත වෙඩි වරුසා එල්ල කිරීමේ තාක්ෂණය මඟින් විවිධ යුධ කලාප වලට වෙඩි වරුසා එල්ල කරමින් සතුරු හමුදා පීරමින් සතුරා වැනසීමේ ක්‍රමෝපායන් ද දියත් කරයි. විවිධ වෙඩි ප්‍රහාරක බල ඇණි පාබල හමුදා සමඟ පෙරට ගමන් කිරීම සාමාන්‍ය සිරිත විය. මෙවැනි බල ඇණි යුධ බිමෙන් ඉවත් කරගත්තේ යුධ බිමේ ද මතු වු ප්‍රායෝගික ගැටලු නිසාය.එනම් පාබල හමුදා සමඟ මෙම තුවක්කු බල ඇණි සමෝධානය නොවු විට ප්‍රායෝග ගැටලු මතු වු නිසාය. පළමු ලෝක යුද්ධය අවසානයේදී මෙම වෙඩි බල මුළුවල කාර්යභාරය සංකිර්ණභාවයට පත් වු අතර යුධ පිටියේ ඔබ මොබ යමින් අඩපණ වු සතුරු බල මුළු එක් ‍රැස්වීම පාලනය කර ඇත. නිෂ්චිත ක්‍රමවේදයකට අනුව මේවා සියල්ල පාලනය කරමින් කාර්යක්ෂමතාවය වැඩි කර ඇත.

‍ලෝක යුද්ධයෙන් පසුව සන්නිවේදනයේ දියුණුවක් සමඟ මුලින් මතු වු ප්‍රායෝගික ගැටලු නිරාකරණය කර ඇත. බ්‍රිතාන්‍ය මෙම තුවක්කු බල ඇණි වල කාර්යක්ෂමතාවය සන්නිවේදන පහසුකම් මඟින් ඉහළ නංවාගෙන ඇත.

බිම දුවන (බරාජ) කලාතුවක්කුවල විකාශනය සංස්කරණය

 
අඟල් 4.7 අවියක් මඟින් නිදහස් අවකාශ වෙඩි තැබිම. මෙගර්ස් ෆෝන්ටෙන් සටන, දකුණු අප්‍රිකාව -1899

කාලතුවක්කු නිෂ්පාදනය වුයේ පළමු ලෝක යුද්ධ සමයේදීය. 1915 වර්ෂය වන තුරුම ප්‍රහාර දියත් කලේ විවෘත ප්‍රදේශයන්හි ඇති දෘශ්‍ය ඉලක්ක වෙතයි. ඔවුන් හුරුවි සිටි විශාලම ඉලක්ක වුයේ අවි 25 ක් පමණ සහිත හමුදා රේජිමේන්තු හා හමුදා සේනාංකයි. අඟල් යොදා ගෙන කර සටන් වලදි වක්‍ර ප්‍රහාර දියත් කිරිමේ අවශ්‍යතාවක් මතු විය. මේ සඳහා නිරීක්ෂකයන් නවීන කලාතුවක්කු වෙඩිතැබීමේ සැලසුම් සහ ගිනි අවි සඳහා වු විද්‍යාත්මක විසදුම් යොදා ගැනින. මේ තුවක්කු සවිකිරිමට සංකිර්ණ ගණනයන් අවශ්‍ය විය. සෑම අවියක්ම අනෙකුත් අවි සමඟ සමායෝජනයේ පැවතිනි. බරාජ් පැවතියේ රේඛාවක පිහිටන ආකාරයටයි. "බරාජ' යන යෙදුම මුලින්ම ඉංග්‍රිසියෙන් යෙදුනේ 1915 නෙයුව් චැපැල් හි සටනේදීය.

" ඔසවන බරජය" කලින් කලට දුර ප්‍රමාණ වෙනස් කරමින් ප්‍රහාර දියත් කිරිමට යොදා ගැනිනි. "ඇවිනි බරාජ" එනම් එහා මෙහා ගෙන යා හැකි බරාජ කාලතුවක්කු අවි කුඩා වර්ධකයන්ගෙන් එසවිනි. එමනිසා ඒවා සෙමින් ඉදිරියට ගමන් කලහ. නමුත් පාබල හමුදාව සමඟම ගමන් කිරිමට හැකිවිය.

ආරම්භයේදි "ඇවිදින බරාජ" වල එසවීම් පෙර නිර්මාණ කර තිබිනි. මෙමඟින් විවිධ දුක්ෂරතා වලට මුහුණ දීමට හමුදාවට සිදුවිය. I වන ලෝක යුද්ධ‍ය අවසානයේ දී බරාජ සංකිර්ණ ලෙස එහා මෙහා යාමට හැකිවන පරිදි සකස් කෙරෙනි. නමුත් මෙය කාල සටහනක් මඟින් පාලනය කරති. දෙවන ලෝක යුද්ධය ආරම්භයේදී තාක්ෂණය හා සන්නිවේදනය දියුණු වූ නිසා බරාජ එසවීමට උපදෙස් දීමට පාබල හමුදාවටම හෝ ඉදිරි නිරික්ෂකයන්ට හැකිවිය. බ්‍රිතාන්‍යයන් විසින් නිෂ්පාදිත "වේගවත් බරාජය" සම්මත බරාජය ලෙස පිළිගත් අතර මෙය රේඩියෝ තරංග මඟින් හසුරවිය හැක. ‍මේ සඳහා ඉහල අවි සැලසුම් අවශ්‍ය නොවිනි.

පළමු ලෝක යුද්ධ සංග්‍රාමයේ කාලතුවක්කු ප්‍රහාර සංස්කරණය

පළමු වතාවට කාලතුවක්කු ප්‍රහාර ආරම්භ වුයේ Loos සටනේදී ය. මෙහිදි පාබල හමුදාවක් ක්‍රියා කළේ නැත. Somme සටනේ දී ප්‍රථම විශාල කාලතුවක්කු දිස් වු අතර, මෙහිදි පාබල හමුදාව ද එයට සහය දැක්විය. පහළොස්වන (xv) බල ඇණියේ කාලතුවක්කු පෙර සකසා තිබුණේ විනාඩියකට යාර 50 ක් උසට එසවීමටය. අවාසනාවකට එම කාලතුවක්කු පාබල හමුදාව ආරක්ෂා කිරීමට අසමත් විය. එසේ වූයේ පාබල හමුදාව හමුදා දෙකකට මැදි වු අර්බුදකාරී බිමක් තරණය කිරීමට යාමේදීය. තවද Somme පෙරමුණේදී පාබල හමුදාවට කාලතුවක්කු සමඟ පියවර තැබීමට අපහසු විය. 1916 සැප්තැම්බර් සිට පාබල හමුදා ප්‍රහාර වලදි භාවිතා වු උපායශීලි මෙහෙයුම වුයේ බිම ඇදෙනා කාලතුවක්කුය. එම උපක්‍රමය ප්‍රංශ හමුදාව විසින් උපයෝගී කරගත් අතර 1916 නොවැම්බර් මස verdun හි Vaux බලකොටුව ප්‍රංශය නැවත ජයග්‍රහණය කිරීමට මෙය උපකාරි විය. Somme සටනේ අවසාන භාගය වන විට බ්‍රිතාන්‍ය හමුදාවන් විසින් කාලතුවක්කු අසල සිටිමේ ආනිසංස දැන ගත්හ. BEF Aerial නිරීක්ෂකයෙකුගේ වාර්තාවක PERFECT WALL OF FIRE සංකල්පයටප්‍රශංශනීය තොරතුරු ඇතුලත් වි තිබිණ. එහිදි බ්‍රිතාන්‍ය හමුදාවේ 50 වන කණ්ඩයේ පාබල හමුදාවට කාලතුවක්කු වලට යාර 50 ක් සිට කටයුතු කිරීමෙන්, ‍ගමක් අවම විරෝධ හමුවේ අත්පත් කර ගැනීමට හැකිවිය. මෙවැනි යුධ අත්දැකීම් තුළින් පිළිබිඹු වන්නේ, විශාල තුවාලකරුවන් ප්‍රමාණයක් බෝම්බ වරුසාවන් ගැන ‍සෝදිසි නොවීමෙන් තුවාල ලබනවාට වඩා සුළු තුවාලකරුවන් ප්‍රමාණයක් තමන්ගේ කාලතුවක්කු වලින් ඉදහිට තුවාල ලැබිම උචිත බවයි.

 
ප්‍රථම කාලතුවක්කු උණ්ඩ

ප්‍රථමයෙන් බ්‍රිතාන්‍ය කාලතුවක්කු සමන්විත වූයේ උණ්ඩ කැබලි වලිනි. පසුව සම ප්‍රමාණයේ හීලියම් ද යොදා ගැනිණි. සම‍හර අවස්ථාවලදි smoke කොපුද යොදා ගැනිණි. මෙවැනි වර්ගයේ ඇඳි යන කාලතුවක්කු විනාඩියත්, විනාඩි 6ත් අතර කාලයේදී යාර 100 ක් ගමන් කළේය. එම උණ්ඩයේ වේගයට වම් ප්‍රදේශය මෙන්ම එහි තත්වය ද බලපැවේය. විනාඩි 6 ක කාලයක් ඇතුලත මෙම දුර ගමන් කිරීම මන්දගාමි ලෙස සැලකිණි.

1917 වසරේ Arros සටන් සමයේ මෙම බිම ඇදීයන කාලතුවක්කු ඉතා විශාල හා සංකිර්ණ ඒවා විය. එහි වෙඩි තැබීමට රේඛා 5 ක් හෝ 6 ක් තිබිණි. එය පාබල හමුදාවට ඉදිරියෙන් යාර 200 ක ගැඹුරක් ආවරණය කළේය. සතුරා මිත්‍ර චේතනාවෙන් රැවටීමට හා ඔවුන්ගේ ස්ථානය ආනාවරණය කිරීමට වාණිජ කාලතුවක්කු ප්‍රහාර යොදා ගැනිණි. කැනඩා Nimy වැටිය ජයග්‍රහණය කිරීමට බිම ඇදෙන කාලතුවක්කු ප්‍රහාර බොහෝ සේ උදව් විය.

Col george Bruchmuller නැගෙනහිර යුධ පෙරමුණෙහි දී බිම ඇදෙන ද්වන්ධ කාලතුවක්කු ප්‍රහාර ආරම්භ කළේය. එහි පළමු පෙළ සැකසි තිබුණේ වායුමය පිටසැකැස්මකිනි. ඔහුගේ අදහස් 1918 වසරේ ජර්මානු වසන්ත සමයේ ආක්‍රමණ වලදි භාවිතා කෙරිණි.

බටහිර ජාතීන් අතර විශාල කාලතුවක්කු ප්‍රහාර භාවිතය පළමු ‍ලෝක යුධ සංග්‍රාමය සමඟ අවසන් වුයේ ඒ පිළිබඳ යම් කරුණක් ඔප්පුවීමෙන් පසුවය. එනම් ඉස්තරම් ප්‍රතිඵල ලබා ගත හැකි වනුයේ සතුරාට භෞතික හෝ ශාරීරික විනාශ එල්ල කිරීමට වඩා සතුරාගේ බල නැති කිරීමෙන් බවයි. තවද සතුරාගේ බල නැති කිරීමට බිම දුවන කාලතුවක්කු මඟින් කෙටි ප්‍රහාර එල්ල කිරීම, බෝම්බ හෙලීමට වඩා උචිත බව සොයාගැනිණි. 1918 වසරේ සැප්තැම්බර්හිදී Hindenburg මාර්ගය වෙන් කිරීමෙන් පසු විවෘත රණකාමය පටන් ගැනීමේදී බ්‍රිතාන්‍යයන් එම දුවන කාලතුවක්කු වලින් එල්ල කල ප්‍රහාර අවම කළේය. වැඩිපුර‍ ආරෝහක(lifts) ඒකාග්‍රතාව යොදා ගැණිනි.

යුධ ටැංකි මඟින් ප්‍රහාර එල්ල කිරීමේදි විශාල කාලතුවක්කු හමුදාවක් අවශ්‍ය ‍නොවේ. 1917 වසරේ Cambrai සටනේ ඉදිරි ආක්‍රමණයන්හිදී එක් කාලතුවක්කු ප්‍රහාරයක හෝ භාවිතා නොකරන ලදි. නවීන වෙඩි තැබීමේ පාලන ක්‍රම භාවිතා කළ පාබල හමුදාව, කාලතුවක්කු ප්‍රහාර වල සහාය ඍජුව ලබා ගැනීම අඩු කළහ. හඳුනාගත් සතුරු ස්ථාන ඉලක්ක කිරීමේදී එම සහාය හමුදාව විසින් යොදා ගැනීමට අවම කෙරිණි.

එහෙත් කාලතුවක්කු මඟින් නොනවත්තා වෙඩි තැබීම තවදුරටත් සිදුකෙරිණි. 1918 අ‍ගෝස්තු 31 ප්‍රහාරයේදී ඇමරිකානු 32 වන හමුදාංශයේ පෙරමුණ ගත්තේ පදික කාලතුවක්කුය.

 
French soldiers in the Franco-Prussian War 1870-71.

දෙවැනි ලෝක යුද්ධ සංග්‍රාමයේ කාලතුවක්කු ප්‍රහාර සංස්කරණය

බටහිර, දෙවන ලෝක යුධ සමයේ සන්නද්ධ හමුදාවන්හි පෙරමුණ ප්‍රහාර වල කාලතුවක්කු පිහිටුවීමට අවශ්‍ය තරමට තුවක්කු නොතිබුණි. මෙම කාලතුවක්කු භාවිතයෙන් නොකඩවා ප්‍රහාර එල්ල කිරීමට භාවිතා වුයේ සුළු ප්‍රමාණයකි. උදාහරණයක් වශයෙන් El Alamein සටන ආරම්භයේදී මෙම කාලතුවක්කු ප්‍රහාර Montogomerys සැලසුම්කරුවන් විසින් භාවිතා කිරීමට කල්පනා කර ඇත. නමුත් එය ඉවත දමා ඇත්තේ සැක සහිත ඉලක්ක වල වාසි තකාය. යාර 12,000 ක් පමණ දිග ඇති යුධ පෙරමුණකට කාලතුවක්කු 456 ක් නොසෑහේ. නමුදු බිම දිගේ යන හා පෙරළමින් යන කාලතුවක්කු සමහර ප්‍රදේශ වලදී භාවිතා කළ හැකිය. Almein සටනේ අවසන් භාගයේදී එම උපක්‍රමය භාවිතා විය. 1942 වසරේ නොවැම්බර් 1 හා 2 පැවති operation surchoge හි නවසීලන්ත 2 වන කාණ්ඩයේ ප්‍රහාරයට පෙරමුණ දුන්නේ බිම දිවෙන කාලතුවක්කුය. එහිදී යාර 4000 ක පෙරමුණකට තුවක්කු 192 ක් භාවිතා කෙරිණි. වෙඩි තැබීම් මඟවල් 3 කින් සමන්විත විය. යුධ පෙරමුණේදී යාර 20 කට රාත්තල් (pounder) 25 කාලතුවක්කු එක බැගින් ද, සාමාන්‍ය රෙජිමේන්තුවකට කාලතුවක්කු දෙක බැගින් ද සහායට දී තිබුණි.

කාලතුවක්කු ප්‍රහාර උපාය මාර්ග ලෝක යුද්ධයන්හිදී පරිණාමය විය. බ්‍රිතාන්‍ය Larkhill කාලතුවක්කු පිළිබඳ ශාස්ත්‍ර පාසල සීඝ්‍ර කාලතුවක්කු ප්‍රහාර පාලනය හා සමායෝජනය පිළිබඳ වැදගත් ශිල්පිය ක්‍රම දියුණු කළ ආයතනයක් විය. මෙහි බලපෑම පළමුව පිළිබිඹු වුයේ බටහිර කාන්තාර යුධ ව්‍යාපාරයේය. පළමු ලෝක යුද්ධ සංග්‍රාමයේ තුවක්කුවල පිහිටීම නිශ්චිතවම ලකුණු කිරීම අත්‍යාවශ්‍ය විය. නමුදු බ්‍රිතාන්‍යයන් තමන්ගේ තුවක්කු සියල්ල එක් නිර්දේශිත ස්ථානයකට යොමු කරන ලදී. මෙමඟින් සෑම කාලතුවක්කුවක්ම අදාල පරාසය තුළ ප්‍රහාරක සැලසුමකට, සෑම අවශ්‍ය විනාඩියකදීම සම්බන්ධ වීමට හැකිවිය.

 
French soldiers in the Franco-Prussian War 1870-71.


Tunisia ප්‍රහාරවලදී තුවක්කු වැඩි ප්‍රමාණයක් තිබු අතර, ප්‍රතිවිරුද්ධ ආරක්ෂකයන් බටහිර කාන්තාරවලට වඩා ඒකාග්‍රතාවයකින් යුතුව කටයුතු කළහ. Wadi Akrait හි 1943 අප්‍රේල් ප්‍රහාරයේ බ්‍රිතාන්‍ය කාලතුවක්කු ප්‍රහාර සැළැස්මට කාලතුවක්කු 8 ක් කලාප 3 ක තිබුණේ 50 වන හා 51 වන කාණ්ඩ පෙරමුණෙහිය. අඳුරෙහි ආරම්භක මඟ හඳුනාගැනීමට එක් ස්ථාවර කාලතුවක්කුවක් තැබු අතර, එමඟින් පාබල හමුදාවට නිවැරදි එල්ලයට පැමිණීමට හැකිවිය. ප්‍රහාරවලදී පාබල හමුදාව මත පමණක් විශ්වාසය තැබුවේ ඉතා කලාතුරකිනි. Wadi Akrait හිදි පෙර සැකසු ඉලක්ක වලට තිබු ඒකාග්‍රතාවය අඩු කරන ලද්දේ ප්‍රහාර ගමන් මඟේ නිරික්ෂකයන් විසිනි. 7000 කට‍ අධික මෝටාර් හා තුවක්කු ස්ටාල්හාඩ්හි ප්‍රතිප්‍රහාර වලට භාවිතා විය. තවද ඉතුරු කාලයේ යුද්ධය රැදී තිබුනේ විශාල බෝම්බ හෙලීමේ උපක්‍රමය මතය.

නමුදු ඉතාලියේ ප්‍රහාරයේදීද මෙම ක්‍රමය භාවිතා කෙරිණි. 1944 මැයි 23 වන දින ප්‍රහාරයේදීද, තුවක්කු 810 ක්, කැනේඩියානු 1 වන කාණ්ඩය සඳහා රැස්කර තිබිණි. එයින් තුවක්කු 300 ක් ප්‍රහාර එල්ල කළේ පළමු මාර්ගයේ යාර 3200 ක පුළුල් බාධකයක සිටය. ප්‍රහාරය ඇරඹියේ පාබල හමුදාව අයින් වීමට විනාඩි 3 කට පෙරය. කාලතුවක්කු ප්‍රහාරය ප්‍රථම පරමාර්ථයට ළඟාවීමෙන් පසු පැයකට නැවතීමට නියමිත විය. පසුව යාර 100 ක් විනාඩි 3 ක් ඇතුලත ගමන් කොට අනෙකුත් පරමාර්ථ කරා යෑමටද නියමිත විය. නමුදු මෙම කාලය කඩාකප්පල් වුයේ ප්‍රතිවාදීන්ගේ බරපතල විරෝධය හා කාලතුවක්කු ප්‍රහාර මධ්‍යයේය. මෙම යුධ මෙහෙයුම පසුව ‍දෝෂාරෝපණයට ලක්වුයේ යුධ පෙරමුණ පිළිබඳව පටු ලෙස සැලකීම නිසාය.


 
බ්‍රිතාන්‍ය හමුදාව 4.5 අඟල් කාලතුවක්කුව යොදා ගනිමින් ප්‍රහාර එල්ල කිරීම. Normandy, 1944.

1945 දී Senio ප්‍රහාරයේදී සතුරා ව්‍යාකූල කිරීමට හා සතුරාට ප්‍රහාර දෙන බවට ඒත්තු ගන්වා ඔවුන්ව ආවරණය තුළින් පිටතට ගෙන්වා ගැනීමට ව්‍යාජ කාලතුවක්කු යොදා ගැනිණි. හතුරා එයට රැවටී එළියට ආවිට ගිනි කාලතුවක්කු ප්‍රහාර හෝ ගුවන් ප්‍රහාර මඟින් සතුරා විනාශ කළේය. Monte sole හිදී ඇ‍මරිකානු කාලතුවක්කු ප්‍රහාරයක් මඟින් උණ්ඩ 75,000 ක් එල්ල කළේ පැය භාගයක් ඇතුළතය. මෙම දකුණු අප්‍රිකානුවන් ආක්‍රමණය කළ අවස්ථාව ඇමරිකානු හමුදාවේ බරපතලම කාලතුවක්කු ප්‍රහාරය ලෙස සැලකේ. Normandy හිදි බිම යන කාලතුවක්කු මඟින් කැනේඩියානු හා ස්කොට්ලන්ත ප්‍රහාර ජයගනු ලැබිණ. මෙය Epsom යුධ මෙ‍හෙයුමට අදාල විය.

Veritable යුධ මෙහෙයුම් ආරම්භයට බරපතල තුවක්කු ප්‍රහාරක 1050 ක් එකතු කළේ බැරල 850 ක pepper pot කාලතුවක්කු මඟිනි. මෙහි භාවිතා වු අනෙක් අවි ආයුධ වුයේ මොටාරා, කුඩා කාලතුවක්කු, ටැංකි, යුධ ටැංකි නාශක තුවක්කු, ගගන යාත්‍රා නාශක තුවක්කු හා ආකාස වෙඩිලිය. බ්‍රිතාන්‍ය XXX සේනාංක කාලතුවක්කු ප්‍රහාර ඇරඹියේ 09.20 ට ය, වේගය පසු පැයේදී වැඩි කළ අතර තුවක්කු 500 ක් යාර 500ක් ගැඹුරින් ප්‍රහාර එල්ල කළේය. කාලතුවක්කුවල දුම් කාච තිබුණේ කාලතුවක්කු පිටුපස සිට ප්‍රහාරයන් දැක ගැනීමටය. 10.30 සිට කාලතුවක්කු අධි පිපිරුම් ඇති කරමින් ඉදිරියට ඇදිනි. විනාඩි 12 ක් ඇතුලත යාර 300 ක් ආවරණය කළ අතර, කහ දුම් කාච මඟින් කාලතුවක්කු ප්‍රහාර පාබල හමුදාවට සංඥා දැක්වීය. තවද කාලතුවක්කු සෑම ආරක්ෂක රේඛාවකම පැය භාගයක් නවතා තැබිණි. උණ්ඩ 2500 ක් පැයක් ඇතුලත 1 km වේගයෙන් ප්‍රහාර එල්ල කිරීම අවසන් වුයේ 4.30 ට කාලතුවක්කු නැවතීමෙන් අනතුරුවය.

දිවෙන කාලතුවක්කු 2 වන ලෝක යුධ සංග්‍රාමයේ ‍සෝවියට් හි භාවිතා විය. මෙම දිවෙන කාලතුවක්කු ප්‍රහාර පාබල හමුදා ප්‍රහාර වලට සම්මත සහායකයා විය. රුසියානු කාලතුවක්කුවල සියුම් ප්‍රහාර සඳහා අවශ්‍ය නවීන සන්නිවේදන ජාල නැතිවුවද තුවක්කු බහුල විය.

සටහන් සංස්කරණය

Barrage artillery World War II
"https://si.wikipedia.org/w/index.php?title=කාල_තුවක්කු_බල_ඇණි&oldid=364521" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි