කර් සටන[lower-alpha 2] යනු පළමුවන ලෝක යුද්ධයෙහි ආරම්භක හමුදාමය ක්‍රියාවලීන් අතරතුර, සර්බියානු මෙහෙයුම ඇරඹී සති තුනක් ඇතුළත, ඕස්ට්‍රියා-හංගේරියාව සහ සර්බියාව අතර 1914 අගෝස්තු මාසයෙහිදී සටන් වැදුණු, හමුදාමය මෙහෙයුමකි. එය සිදුවූයේ කර් කන්ද සහ අසල පිහිටි ගම්මාන කිහිපයක් මෙන්ම සැබැක් නගරයද අසබඩ විය.

කර් සටන
පළමුවන ලෝක යුද්ධයෙහි බෝල්කන් රණ භූමියෙහි සර්බියානු මෙහෙයුම හි කොටසකි
සර්බියාව ආක්‍රමණය කිරීමෙහි ඕස්ට්‍රියානු සැලසුම් දැක්වෙන සිතියමක්, 1914.
සර්බියාව පිළිබඳ මුල් ඕස්ට්‍රියා-හංගේරියානු ආක්‍රමණ සැලසුම් දක්වන සිතියමක්, අගෝස්තු 1914.
දිනය15–24 අගෝස්තු 1914[lower-alpha 1]
පිහිටුම
සර්බියානු රාජධානියෙහි වයඹ දිග කොටසෙහි කර් කන්ද සහ සමීපයෙහි පිහිටි නගර සහ ගම්මාන
ප්‍රතිඵලය තීරණාත්මක සර්බියානු ජයග්‍රහණය [4][5]
යුද්ධාවතීරයන්
 ඕස්ට්‍රියා-හංගේරියාව  සර්බියාව
ආඥාපතියන් සහ නායකයන්
ඕස්ට්‍රියා-හංගේරියාව ඔස්කාර් පොටියොරෙක්
ඕස්ට්‍රියා-හංගේරියාව එඩුවාඩ් වොන් බර්ම්-එමෝලි
ඕස්ට්‍රියා-හංගේරියාව ලිබෝරියස් රිටර් වොන් ෆ්‍රැන්ක්
සර්බියානු රාජධානිය රැඩ්මිර් පුට්නික්
සර්බියානු රාජධානිය ස්ටෙප්පා ස්ටෙපානොවිච්
සර්බියානු රාජධානිය පාව්ල යූරිසිච් ස්ටෝර්ම්
සම්බන්ධිත හමුදා ඒකකයන්
2වන යුද්ධ හමුදාව
5වන යුද්ධ හමුදාව
2වන යුද්ධ හමුදාව
3වන යුද්ධ හමුදාව
හමුදාමය ප්‍රබලතාවය
200,000 180,000
අපාතිකයන් සහ හානි
6,000–10,000 මිය ගියෝය
30,000 තුවාල ලදහ
4,500 අල්ලා ගැනිනි
46 තුවක්කු අල්ලා ගැනිනි
30 මැෂින් තුවක්කු අල්ලා ගැනිනි
140 වෙඩි බෙහෙත් ගැල් අල්ලා ගැනිනි
සම්පූර්ණ: 40,500–45,500 ආපාතිකයෝ
3,000–5,000 මිය ගියෝය
15,000 තුවාල ලදහ
සම්පූර්ණ: 18,000–20,000 ආපාතිකයෝ
කර් සටන is located in Serbia
කර් සටන
නුතනසර්බියා සිතියමක දැක්වෙන සටන් අඩවිය
කර් සටන is located in Balkans
කර් සටන
බෝල්කන් සිතියමක දැක්වෙන සටන් අඩවිය

ඕස්ට්‍රියා-හංගේරියාව විසින් සර්බියාව වෙත සිදුකළ පළමුවන ආක්‍රමණයෙහි කොටසක් වන මෙම සටන අගෝස්තු 15 දින රාත්‍රියෙහිදී සිදුවූයේ, සර්බියානු පළමුවන ඒකාබද්ධ සේණාංකය විසින් කර් කන්දේ බෑවුම් මත ආක්‍රමණයෙහි මුල් අවදියෙහිදී පිහිටුවා තිබූ ඕස්ට්‍රියා-හංගේරියානු පිටමුරපොළ කිහිපයක් හමුවීම සමගය. . එයින් පසුව ඇතිවූ ගැටුම්, කන්ද අසබඩ නගර සහ ගම්මාන වල විශේෂයෙන් සැබැක් නගරයෙහි පාලනය නතු කර ගැනීම සඳහා වූ සටනක් බවට ව්‍යාප්ත විය. අගෝස්තු 19 දින වන විට, ඕස්ට්‍රියානු-හංගේරියානුවන්ගේ චිත්ත ධෛර්යය බිඳවැටුනු අතර, සොල්දාදුවන් දහස්ගණනක් ඕස්ට්‍රියානු-හංගේරියාව වෙත පසුබැසීම සිදුවූ අතර, ඔවුන් භීතියයෙන් පැනයෑමට තැත් කරද්දී බොහෝ දෙනෙක් ඩ්‍රීනා ගංගාවෙහි ගිලී නැසුනහ. අගෝස්තු 24 දින වන විට සර්බ්වරු සැබැක් වෙත යළි පැමිණ සටන කෙළවර කළහ.

දින දහයක් සටන් කිරීමෙන් අනතුරුව සර්බියානු ආපාතිකයන් මියගියවුන් 3,000–5,000 සහ තුවාල ලද්දන් 15,000 වූහ. ඕස්ට්‍රියානු-හංගේරියානුවන් අතර මෙම සංඛ්‍යා බෙහෙවින් ඉහළ වූ අතර, සොල්දාදුවන් 6,000–10,000 මිය ගෙසේ, 30,000 තුවාල ලබා සහ 4,500 දෙනෙක් යුද්ධ සිරකරුවන් ලෙසින් ගන්නා ලදහ. ඕස්ට්‍රියානු-හංගේරියානුවන්ට එරෙහිව සර්බියානු ජයග්‍රහණය සනිටුහන් කළේ, පළමුවන ලෝක යුද්ධය තුල මධ්‍ය බලවතුන්ට එරෙහිව මිත්‍ර පාක්ෂිකයන් ලද පළමුවන ජයග්‍රහණය ලෙසින්ද, යුද්ධයෙහි ගුවන් යානා අතර පළමුවන ගුවන් සටන මෙම සටනෙහිදී සිදුවීම යන හේතුවය.

අධෝසටහන් සංස්කරණය

  1. මෙම කාල පරාසය දැක්වීමෙහිදී සර්බ් සහ ඕස්ට්‍රියා-හංගේරියානු බලකායන් අතර පළමු ගැටුම් කර් කන්දෙහිදී අගෝස්තු 15 දින ඇරඹීමත්, සර්බියාව වෙත පළමුවන and that the first ඕස්ට්‍රියා-හංගේරියානු ආක්‍රමණය අගෝස්තු 24 දින අවසන් වීමත් සලකා බැලෙයි. සටන ඇවිළුනු වෙනස් දින පරසයන් මූලාශ්‍ර විසින් ගෙනහැර දක්වයි. සියළු ඉතිහාසඥයෝ සහ විශ්ලේෂකයෝ එකඟවන්නේ සර්බියාව වෙත එල්ලවූ පළමුවන ඕස්ට්‍රියානු-හංගේරියානු ආක්‍රමණය අගෝස්තු 12 දිනදී ඇරඹුනු බවයි. නෙයිබර්ග් සඳහන් කරන්නේ කර් සටන ඇවිලුනේ අගෝස්තු 16–23 බවයි.[1] එය සටන් වැදුනේ 15–20 අගෝස්තු බවට මිත්‍රොවිච් පවසා සිටින අතර,[2] ග්ලෙනී වාර්තා කරනුයේ සටන අගෝස්තු 15 ඇරඹී දින තුනක් පැවතුනු විට ඕස්ට්‍රියා-හංගේරියානු වළලු බිඳ වැටුනු බවයි.[3]
  2. සර්බියානු: Церска битка, Cerska bitka; ජර්මන්: Schlacht von Cer; හන්ගේරියානු: Ceri csata. ජඩාර් ගංගාව සටන ලෙසින්ද හැඳින්වෙයි [6][7] (Јадарска битка, Jadarska bitka; Schlacht von Jadar; Jadar csata).

සටහන් සංස්කරණය

  1. නෙයිබර්ග් 2006, p. 55.
  2. මිත්‍රොවිච් 2007, p. 69.
  3. ග්ලෙනී 2012, p. 315.
  4. පව්ලොවිච් 2002, p. 94.
  5. ජෝර්ඩ්න් 2008, p. 28.
  6. ටකර් & රොබර්ට්ස් 2005, pp. 604–605.
  7. හිකි 2002, p. 38.
"https://si.wikipedia.org/w/index.php?title=කර්_සටන&oldid=525099" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි