ඒ. පී. ජේ. අබ්දුල් කලාම්

ඉන්දීය අගමැතිවරයෙක්, විද්‍යාඥයෙක්, ලේකඛයෙක්

ඉන්දියාවේ 11 වන ජනාධිපතිවරයා ලෙස වසර ගණනක් එරට උන්නතිය වෙනුවෙන් කැප වුණ ආචාර්ය අබ්දුල් කලාම් පිළිබඳ ව යි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ.

ජනාධිපතිවරයෙකු ලෙසත්, එරට මිසයිලේ පියා ලෙසත් ඔහුව ඉන්දියානුවන් විසින් හඳුන්වා දෙනවා. මේ කරුණුවලට අමතර ව ලෝකය ම පිළිගත් ලෝකයා ම ගෞරව බුහුමන් දක්වන විද්‍යාඥයෙකු ලෙසත්, කතුවරයෙකු ලෙසත් අබ්දුල් කලාම් ප්‍රසිද්ධ යි.

ඉංජිනේරුවෙකු හා ගගන විද්‍යාඥයෙකු ලෙස ඉන්දියානු අග්නි මිසයිල ව්‍යාපෘතියේ අභිවෘද්ධිය වෙනුවෙන් හා න්‍යෂ්ටික බලය අත්පත් කරගැනීමේ මෙහෙයුම්වල දීත් කැපී පෙනෙන කාර්යයක් ඉටුකළ පුද්ගලයෙකු ලෙස ආචාර්ය කලාම් ව හැඳින්විය හැකි යි.

ගණිතයට දක්ෂ කුඩා අබ්දුල් කලාම් සංස්කරණය

1931 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී Avul Pakir Jainulabdeen Abdul Kalam උපත ලබන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ යි. එහි දමිළ මුස්ලිම් පවුලක උපත ලබන අබ්දුල් කලාම්, කුඩා කල සිට ගණිතයට විශේෂ කැමැත්තක් දක්වනවා. එසේ ම ගණිතය පිළිබඳ ව විශිෂ්ට අන්දමේ දැනුමක් ඔහු සතු වෙනවා.

ප්‍රාථමික හා ද්විතික අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව මැඩ්රාස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. 1954 වසරේ දී එම විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ ව උපාධිය ලබා ගැනීමට සමත් වෙනවා.

ඉන්පසු ව, 1955 වසරේ දී අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව හැදෑරීම සඳහා මැඩ්රාස් හි තාක්ෂණික ආයතනයට ඇතුළත් වෙනවා.

එම පාඨමාලාව සාර්ථක ව සම්පූර්ණ කිරීමෙන් පසුව ඔහු, ඉන්දියානු “Aeronautical Development Establishment” ආයතනයට ඇතුළු වෙනවා. ඒ 1960 වසරේ දී යි. එය ඉන්දියානු රජයේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ එක් කොටසක් ලෙස ක්‍රියාත්මක වෙනවා.

විද්‍යාඥයෙක් ලෙස සංස්කරණය

එවකට ඉන්දියාවේ ප්‍රසිද්ධ විද්‍යාඥයෙකු වූ වික්‍රම් සර්භායි යටතේ එම ආයතනයේ සේවය කරන තරුණ අබ්දුල් කලාම් ඉන්දියානු ගුවන් හමුදාව සඳහා කුඩා හෙලිකොප්ටරයක් සැලසුම් කරනවා. මේ කාලය තුළ ඔහු නාසා ආයතනයේ සංචාරය කරමින් බොහෝ දැනුම් ප්‍රමාණයක් රැස් කර ගන්නවා. එම කාලය අතරතුර යි ඉන්දියාව පළමු වතාවට රොකට් තාක්ෂණය අත්හදා බැලීම් සඳහා සැලසුම් සකස් කරන්නේ.

ඉන්දියානු රජය විසින් ගුවන්ගත කරන ප්‍රථම චන්ද්‍රිකාව සඳහා ආරම්භ කරන ලද ව්‍යපෘතියේ අධක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ ද අබ්දුල් කලාම්. ටික කාලයකින් අනතුරුව Indian Space Research Organisation (ISRO) වෙත ඔහු ව මාරු කර යවනවා. පෙර කී ව්‍යපෘතිය දිගින් දිගටම ක්‍රියාත්මක වෙන අතර, 1980 වසරේ ජුලි මාසයේ දී ඔහුගේ කණ්ඩායම විසින් පළමු ඉන්දියානු චන්ද්‍රිකාව වන රෝහිනී සාර්ථක ව අභ්‍යවකාශගත කිරීමට සමත් වෙනවා.

Valiant හා Devil යන ව්‍යාපෘති දෙක ආචාර්ය අබ්දුල් කලාම්ගේ මෙහෙයවීම මත නිර්මාණය වූ අතර, එම ව්‍යාපෘතිවල මූලික අරමුණ වන්නේ බැලස්ටික් මිසයිල තාක්ෂණය අත්හදා බැලීම යි. ඒ සඳහා ඊට පෙර ඔවුන් විසින් සිදුකළ චන්ද්‍රිකා ව්‍යාපෘතියේ තාක්ෂණය ද උපයෝගී කර ගන්නවා.

යම් අවස්ථාවක මෙම පර්යේෂණ සඳහා අවශ්‍ය මුදල් කැබිනට් මණ්ඩලය හරහා අනුමත නොවන විට දී ඉන්දිරා ගාන්ධි අගමැතිනිය එය රහස් අරමුදලක් ඔස්සේ ලබා දුන් බව ද ප්‍රකට කාරණයක් ලෙස සඳහන් කළ හැකි යි.

පසුව ඉන්දියානු රජයේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ “Integrated Guided Missile Development Programme” ව්‍යාපෘතිය මොහුගේ යෝජනාවක් මත ආරම්භ කරන අතර එහි ප්‍රධානියා ලෙස ද කටයතු කරන්නේ ආචාර්ය අබ්දුල් කලාම් ය. ඒ 1982 වසරේ දී යි. ලෝක ප්‍රසිද්ධ ඉන්දියානු අග්නි මිසයිල ව්‍යාපෘතිය ද, ප්‍රිත්වී ව්‍යාපෘතිය ද  ක්‍රියාත්මක වෙන්නේ මෙම වැඩසටහන හරහා යි.

මේ හේතුවෙන් ඉන්දියානු මිසයිලයේ පියා යන ගෞරව නාමය ඔහු ඇමතීම සඳහා යොදා ගැනීමට බොහෝ දෙනෙක් පුරුදු වෙනවා. නමුත් මෙම ව්‍යාපෘති සඳහා වැය වූ කාලය අතිමහත් මුදල් කන්දරාව පිළිබඳ ව විවේචන නැතුවා ම නොවේ.

1992 වසරේ සිට 1996 වසර දක්වා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන විද්‍යා උපදේශක ලෙස ද ඔහු කටයුතු කරනවා.

ජනතාවගේ ජනාධිපතිවරයා සංස්කරණය

2002 වසරේ ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන අබ්දුල් කලාම්, එහි දී 89.5%ක ඡන්ද ප්‍රතිශතයක් සමග ජයග්‍රහණය කරනවා. ඉන්දියාවේ ප්‍රධාන පක්ෂ දෙක වන භාරතීය ඉන්දීය ජනතා පක්ෂය හා ඉන්දියානු කොන්ග්‍රස් පක්ෂය යන පක්ෂ දෙක ම ජනාධිපතිවරණයේ දී ඔහුට සිය සහාය පළ කරනවා. ඒ හේතුවෙන් ඔහු ව හඳුන්වන්නේ, ජනතාවගේ ජනාධිපතිවරයා ලෙස යි.

ඉන්දියානු සිවිල් නිලධාරියෙකුට ලබා ගත හැකි ඉහළ ම සම්මානය වන “භාරත රත්නම්” සම්මානයෙන් මොහු ව පිදුම් ලබනවා. එම සම්මානය ලබා ගත් තුන්වන ජනාධිපතිවරයා වන්නේත් මොහු යි.

ඉන්දියානු ජනාධිපති මන්දිරය වන “රාශ්ට්‍රපති භවන”ට ගිය පළමු විද්‍යාඥයා වන්නේ ද කලාම් ය.

විශ්‍රාමික ජනාධිපතිවරයෙකු ලෙස සංස්කරණය

ජිවිත කාලය ම ඉන්දියාවේ විද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමේ අරමුණෙන් තම සේවය ලබා දුන් ඔහු, විවාහ ජීවිතයට පවා ඇතුළත් වෙන්නේ නෑ. ඔහුට පැවරී තිබූ රාජකාරී හමුවේ එවැනි දෙයක් පිළිබඳ ව සිතීමට කාලය නොතිබුණා විය හැකි යි. ජනාධිපති තනතුරෙන් විශ්‍රාම ගිය පසු තාක්ෂණික ආයතන කිහිපයක හා විශ්වවිද්‍යාල කිහිපයක ආරාධිත මහාචාර්යවරයෙකු ලෙස සේවය කරනවා.

2015 වසරේ ජූලි 27 වන දා අබ්දුල් කලාම් ගුවාටි ප්‍රදේශයේ ශිලොන්හි දී පැවැත්වූ දේශනයක් අතරේ දී මරණයට පත්වෙනවා. ජනතා සුභසිද්ධිය වෙනුවෙන් තම ජීවිතය ම කැප කළ ඔහුගේ කියමනකින් ම මෙම ලිපිය අවසන් කිරීමට අපි තීරණය කළා.

“එක් හොඳ පොතක් හොඳ මිතුරන් 100කට සමාන ය. නමුත් හොඳ එක් මිතුරෙක් පුස්තකාලයකට සමාන ය.”


 
කලාම් මහතා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක දී, ට්‍රිවෙන්ඩ්‍රම්, 2014
11වන ඉන්දීය ජනාධිපති
තනතුර දරමින්
2002 ජූලි 25 – 2007 ජූලි 25
අග්‍රාමාත්‍යවරයාඅතල් බිහාරි වජ්පායි
මන්මෝහන් සිං
උප ජනාධිපතිවරයාක්‍රිශන් කාන්ත්
Bhairon Singh Shekhawat
පූර්වප්‍රාප්තිකයාකේ. ආර්. නාරායනන්
අනුප්‍රාප්තිකයාප්‍රතිභා පටිල්
පුද්ගලික තොරතුරු
උපත
අවියුල් පකිර් ජේනුලබ්දින් අබ්දුල් කලාම්

15 ඔක්තෝබර් 1931(1931-10-15)
රාමේශ්වරම්, රාමනාතපුරම් දිස්ත්‍රික්කය, බ්‍රිතාන්‍ය ඉන්දියාව
(වර්තමාන තමිල්නාඩුව, ඉන්දියාව)
විපත27 July 2015(2015-07-27) (වයස 83)
ෂිල්‍‍ලොං, මෙඝාලයා, ඉන්දියාව
Cause of deathCardiac arrest
ජාතියඉන්දියානු
උගත් ශාස්ත්‍රාලයSt. Joseph's College, Tiruchirappalli
Madras Institute of Technology
වෘත්තියමහාචාර්ය
ලේඛක
අවකාශතල විද්‍යාඥ
වෙබ් අඩවියabdulkalam.com

ඒ. පී. ජේ. අබ්දුල් කලාම් (1931 ඔක්තෝබර් 15 – 2015 ජූලි 27) වර්ෂ 2002 සිට 2007 දක්වා කාලය තුළ එකොළොස්වන ඉන්දීය ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ය.

ආශ්‍රිත ලිපි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඒ._පී._ජේ._අබ්දුල්_කලාම්&oldid=493599" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි