සිංහල අක්ෂර භාවිතය සඳහා උපදෙස් පිටුව

පටුන

1) සිංහල කියවීම
2) සිංහල ලිවීම
3) වෙනත් ගැටලු
4) යුනිකෝඩ් භාවිත කළ යුත්තේ ඇයි?
5) සිංහලෙන් ලිවීම සඳහා ඉඟි කිහිපයක්
6) අනෙකුත් අදාළ වෙබ් අඩවි

සිංහල කියවීම

මෙම වෙබ් අඩවිය තුළ සිංහල යුනිකෝඩ් අක්ෂර භාවිත කර ඇත. ඔබේ පරිගණකයේ සිංහල අක්ෂර නිවැරදිව දිස්වීම සඳහා පහත උපදෙස් භාවිත කරන්න. Internet Explorer හෝ Opera වෙබ් බ්‍ර‍ව්සර වෙනුවට Mozilla Firefox 2.0 වෙබ් බ්‍ර‍ව්සරය භාවිත කිරීම වඩා යෝග්‍ය වේ.

1)ඔබ Interner Explorer 6 වන වෙළුම හෝ ඊට ඉහළ වෙළුමක් භාවිත කරන්නේ නම් සිංහල පැකේජය Install කර පරිගණකය නැවත ක්‍රියාත්මක කරන්න.

2)ඩෙස්ක්ටොප් එක මත Right-Click කර Properties මනුව ලබාගන්න. එහි Advance/Appearance කොටසට ගොස් Effects තෝරා ගෙන එහි method to smooth edges of screen fonts සඳහා Clear Types තෝරන්න.

3)ඔබ භාවිත කරන වෙබ් බ්‍ර‍ව්සරයේ Character Encoding UTF-8 ලෙස වෙනස් කරන්න. (View->Encoding)

එසේ නොමැති නම්,
1)ඔබේ වෙබ් බ්‍ර‍ව්සරය Mozilla Firefox, Opera,Netscape හෝ Internet Explorer හි ඕනෑම වෙළුමක් නම් Malithi Web නමැති සිංහල අකුරු හැඩතල වර්ගය මෙහිදී ලබාගන්න.

2)එය ඔබේ පරිගණකය තුළ install කරන්න. ඔබේ මෙහෙයුම් පද්ධතිය ය Windows නම් Malithi Web අකුරු සහිත file එක Windows/Fonts ලිපිගොනුව තුළ තැන්පත්කරන්න. අනෙකුත් මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන්නේ නම් මෙම අකුරු හැඩතල වර්ගය installl කිරීම සඳහා අඳාළ උපඳෙස් මාලාව කියවන්න.

සිංහල ලිවීම


ඉහත උපදෙස් ක්‍රීයාත්මක කිරීමෙන් පසු ඔබට Windows මෙහෙයුම් පද්ධතිය විසින් සපයා ඇති Windows Character Map වැඩසටහන භාවිතයෙන් සිංහල අකුරු යතුරු ලියනය කළ හැක. (Start­› All programs ­› Accessories ­› System Tools ­› Character Map) මේ සඳහා ඔබගේ පරිගණකය තුළ Kaputadotcom, Malahi, Iskoola Pota හෝ වෙනත් යුනිකෝඩ් අකුරු හැඩතල වර්ගයක් install කර තිබිය යුතුය.

එසේ නොමැති නම්,
1)ඔබේ පරිගණකය තුළ Windows Service Pack 2 install කර ඇත්නම්, Sinhala Enabling Pack for XP යන මෘදූකාංගය මෙහිදී බාගත කරගෙන එය install කරන්න. (මෙම මෘදූකාංගය Microsoft සමාගම විසින් නිෂ්පාදනය කර ඇති අතර ශ්‍රී ලංකා රජය මඟින් අනුමැතියද ලබා ඇත.)

2)මෘදූකාංගය install කිරීමටපෙර එහි සඳහන් උපදෙස් හොඳින් කියවන්න.

3)මෙම මෘදූකාංගය ඔබට task bar එකේ ඇති Language විධානය භාවිතයෙන් ඉතා පහසුවෙන් ඉංග්‍රීසි හා සිංහල අකුරු යතුරු ලියනය කිරීමට ඉඩ ලබාදේ. එය සකස් කර ඇත්තේ සම්මත විජේසේකර යතුරු පුවරුවටඅනුරූපවය.

4)මෙමඟින් ඔබට අනෙකුත් ඉංග්‍රීසි හා සිංහල අකුරු හැඩතල භාවිත කරන්නාක් මෙන් පහසුවෙන් යුනිකෝඩ් භාවිත කිරීමට ඉඩ සැලසේ.

නැත්නම්,
1)ඔබේ පරිගණකය තුළ Windows Service Pack 2 install කර නැත්නම්, එහෙත් Office XP ඇත්නම්, මෙහිදී Sinhala Pack for Office XP බාගත කරගෙන එය install කරන්න.
2)එය ඔබට Office ලියකියවිලි වල සිංහල යතුරු ලියනය කිරීමට ඉඩ සලසා දේ. ඔබ Wikipedia වල ලියන යමක් Word ලියවිල්ලක් මතට Copy-Paste කිරීමට හැක. (වැදගත්: ඔබ සතුව Windows XP සංයුක්ත තැටිය තිබිය යුතුය.)

නැත්නම්,
1)ඔබ Windows XP Service Pack 2 නොවන වෙළුමක් භාවිත කරන්නේ නම්, KeyBoard Driver මෘදූකාංගය භාවිතයෙන් සිංහල යුනිකෝඩ් අකුරු යතුරු ලියනය කිරීමට හැක. එය ඔබ යතුරු ලියනය කරන වචන සිංහල යුනිකෝඩ් වලට අනූරෑප වන පරිදි පරිවර්තනය කරන කූඩා අතිරේක වැඩසටහනකි.
2)මෙහිදී ඔබට Phonetics, විජේසේකර පිළිවෙල ‍හෝ Singlish භාවිතයෙන් යතුරු ලියනය කල හැකි අතර,ඉහත වැඩසටහන එම වචන විවෘත කර ඇති window එක මත සිංහලෙන් යතුරු ලියනය කරයි.


තවත් ගැටළු තිබේද?

	ඔබට තිබෙන ගැටළු පිළිබඳව අනෙක් අයද දැනුවත් කරන්න. බොහෝ දෙනකුට සිංහල  යුනිකෝඩ් භාවිතය තවමත් අලුත් අත්දැකීමක් වන නිසා,
ඒ සඳහා ලෝකය පුරා සිටින සිංහල භාවිත කරන්නන්ගෙන් උපකාර ලබා ගැනීම අපහසුය.
කෙසේ වෙතත් ඔබ Windows XP Service Pack 2 මෙහෙයුම් පද්ධතිය තුළ Mozilla FireFox 2.0 භාවිත කරන්නේ නම් වඩා හොඳ ප්‍රතිඵල ලැබිය හැක.

යුනිකෝඩ් භාවිත කළ යුත්තේ ඇයි?

Kaputa, Kandy හෝ eKottu වැනි අකුරු හැඩතල වෙනුවට ඔබ යුනිකෝඩ් භාවිතයට ගත යුත්තේ මේ නිසාය: යුනිකෝඩ් යනු ලතින් නොවන භාෂා වල අකුරු ලිවීම සඳහා භාවිත කරන අන්තර්ජාතික සම්මතයකි. අන්තර්ජාතික තලයේ වෙබ් පිටු සඳහා යුනිකෝඩ් භාවිතා කිරීම Wikipedia තුළ පිළිගත් සම්මතයකි. එසේ කරනුයේ ලොව පුරා ඕනෑම තැනක එම වෙබ් පිටු අපහසුවකින් තොරව කියවීමට හැකි වනු පිණිසය. Wikipedia හි යම් වෙබ් පිටුවක් සෙවීමට ඔබට යුනිකෝඩ් නොවන අකුරු හැඩතල වර්ගයක් භාවිත කළ නොහැක. මේ පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා Tamil Wikipedia හෝ Hindi Wikipedia යන වෙබ් අඩවි වලට පිවිසෙන්න.

Linux මෙහෙයුම් පද්ධතියේ නවතම වෙළුම් වල සිංහල ලිවීම/කියවීම සඳහා නිතැතින්ම ඉඩ පහසුව ලබාදී ඇත. (Linux install කිරීමේදී සිංහල භාෂාව තේරා ගත යුතුය.) Windows XP හි සිංහල භාෂාව සඳහා නිතැතින්ම පහසුකම් ලබාදී නොමැති නමුත් Windows Vistaහි ඔබට සිංහල ලිවීම/කියවීමසඳහා නිතැතින්ම ඉඩ පහසුව ලබාදී ඇත.

සිංහල යුනිකෝඩ් අකුරු වල ‘පිලි’ අඩුකම පිළිබඳ බොහෝ පැමිණිලි පවතී. මෙය වැරදි මතයකි. මෙයට හේතුව සිංහල යුනිකෝඩ් කේත සටහනේ ‘්‍ය’(යංශය), ‘ී’(රේඵය)වැනි අකුරු සඳහා වෙනම කේත නොමැති වීමයි. කෙසේ නමුත් මෙම අකුරු හි ඇතුලත්කර ඇති අතර ඒ සඳහා යෝග්‍ය අකුරු සංයෝග භාවිතයෙන්එම අකුරු යතුරු ලියනය කළ හැක. ICTA විසින්අනුමත කර ඇති සිංහල යතුරු පුවරැ සැලැස්මේ මෙම අකුරු සඳහා යතුරු ඇතුලත් කර ඇත.

ඔබගේ ගැටළු පිළිබඳව ඔබට කතා–බහ පිටුව(talk page)තුළ සාකච්ඡා කළ හැක.

සිංහලෙන් ලිවීම සඳහා ඉඟි කිහිපයක්

ඔබේ මෙහෙයුම් පද්ධතිය Windows Service Pack 2 නම් හා පරිගණකය තුළ XP සඳහා සිංහල ක්‍රි‍යාත්මක කිරීමේ පද්ධතිය install කර තිබේ නම් ඔබට සාමාන්‍ය පරිදි සිංහල යතුරු ලියනය කළ හැක. පහත සඳහන්ඉඟි ඒ සඳහා අදාළ නොවේ. උ.දාඃ කොළඹ යනුවෙන් යතුරු ලියනය කිරීමට ෙ+ක+ා+ළ+ඹ ලෙස කළ හැක.

XP සඳහා සිංහල ක්‍රි‍යාත්මක කිරීමේ පද්ධතිය install කර නැත්නම් පහත ඉඟි අනුගමනය කරන්න.

පහත ඉඟි සකස් කර ඇත්තේ සිංහල යතුරු ලියනය කිරීමේදී බහුලව සිදු කරන වැරදි කිහිපයක් සැලකිල්ලට ගැනීමෙනි. එම ඉඟි භාවිතයට ගෙන ඔබ විසින් සිදු කරන වැරදි හැකිතාක් අඩු කිරීමට උත්සාහ දරන්න. • කොම්බුව (ෙ) යතුරු ලියනය කළ යුත්තේ අදාළ ව්‍යංජන අක්ෂරයට පසුවය. උ.දාඃ (ගෙදර) - ෙ+ග+ද+ර ලෙස නොව ග+ෙ+ද+ර ලෙස ලිවිය යුතුය.

• කොම්බුව හා ඇල පිල්ල(ො) සංයුක්ත අකුරක් ලෙස භාවිත කළ යුතය. උ.දාඃ (කොළඹ) - ක + ො+ළ+ඹ ලෙස ලිවිය යුතුය.

• අනෙකුත් සියලුම modifiers සඳහා සංයුක්ත අකුරු පවතී. උ.දාඃ ේ,ෛ,ො ,ෝ,ෞ

• රකාරාංශය (්‍ර) ලියනුයේ ්+zwj+ර යනුවෙනි. උ.දාඃ (ප්‍රෞඪ) - ප + ් + zwj + ර + ෞ + ඪ ලෙස ලිවිය යුතුය.

• යංශය (්‍ය) ලියනුයේ ් + zwj + ය යනුවෙනි. උ.දාඃ (උද්‍යෝග) - උ +ද+් + zwj +ය +ෝ +ග ලෙස ලිවිය යුතුය.

අනෙකුත් අදාළ වෙබ් අඩවි


1) Windows, Linux හා Mac මෙහෙයුම් පද්ධති සඳභා කපුටා සිංහල යුනිකෝඩ් අකුරු හැඩතල ‍
2) LKLUG සිංහල යුනිකෝඩ් අකුරු හැඩතල
3) Malithi සිංහල යුනිකෝඩ් අකුරු හැඩතල
4) Internet Explorer 6 සඳභා සිංහල ඇමුණුම් මෘදුකාංගය
5) යුනිකෝඩ් සංගමය
6) සිංහල යුනිකෝඩ් යතුරු ලියන මෘදුකාංගය
7) Windows XP Service Pack 2 මෙහෙයුම් පද්ධතිය සඳභා සිංහල පැකේජය
8) සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
9) Windows 98, 2000, XP මෙහෙයුම් පද්ධති සඳභා හෙලබස සිංහල අකුරු හැඩතල හා විජේසේකර යතුරු පුවරුව

"https://si.wikipedia.org/w/index.php?title=උදවු:Sinhala_Font_Guide&oldid=12919" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි