ඉත්ස්කුෂිමා විහාරය
ඉත්ස්කුෂිමා සිද්ධස්ථානය (厳島神社 ඉත්ස්කුෂිමා-ජින්ජා?) යනු, එහි "පාවෙන" තෝරී ද්වාරය සඳහා පසිඳු, ඉත්ස්කුෂිමා ( මියාජිමා ලෙසින් ජනප්‍රිය) දිවයිනෙහි පිහිටි, ෂින්තෝ සිද්ධස්ථානයකි. [1] ජපානයෙහි හිරෝෂිමා ප්‍රාන්තයෙහි හට්සුකයිචි නගරයෙහි එය පිහිටා ඇත. මෙම සිද්ධස්ථාන සංකීර්ණය, යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙසින් නම් කර ඇති අතර, ජපාන රජය විසින් එහි ගොඩනැගිලි සහ දේපල කිහිපයක් ජාතික වස්තූන් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇත.
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
![]() ඉත්ස්තුෂිමා සිද්ධස්ථානයෙහි "තොරී" නම් සාම්ප්‍රදායික ද්වාරය, මෙම ස්ථානයෙහි වඩාත් වඩාත් සිහිරැඳෙන මංසලකුණ වන මෙය, ජලය මත පාවෙන සෙයක් පෙනේ | |
පිහිටුම | ඉත්ස්තුෂිමා , ජපානය |
නිර්ණායකය | සංස්කෘතික: i, ii, iv, vi |
ආශ්‍රිත | 776 |
ශිලා ලේඛනය | 1996 (20 වන සැසිය) |
ප්‍රදේශය | 431.2 හෙක් |
අවරෝධක කලාපය | 2,634.3 හෙක් |
වෙබ් අඩවිය | en.itsukushimajinja.jp |
ඛණ්ඩාංක | 34°17′45″N 132°19′11″E / 34.29583°N 132.31972°E |
Itsukushima Shrine හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
ඉත්ස්කුෂිමා විහාරය | |||||
---|---|---|---|---|---|
![]() | |||||
"ඉත්ස්කුෂිමා සිද්ධස්ථානය" යන්න කන්ජි අක්ෂරයෙන් | |||||
Japanese name | |||||
Kanji | 厳島神社 | ||||
|
ඉත්ස්කුෂිමා සිද්ධස්ථානය යනු, ජපානයෙහි ඉතාමත් ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් වෙයි. එය වඩාත් ජනප්‍රිය වනුයේ, සිද්ධස්ථානයෙහි අසල පෙදෙසෙහි පිහිටි තෝරී නමැති විස්මයජනක ද්වාරය, [2] මිසෙන් කන්දෙහි ශුද්ධවූ මුදුන්, පතළ වනාන්තර සහ, එහි සෞන්දර්යාත්මක සාගර දර්ශනය යන දේ සඳහා වෙයි.[1][3]
තෝරී ද්වාරය වර්තමානයෙහි සම්පූර්ණ වශයෙන් අර්ධ-පාරදෘශ්‍ය පලංචි භාවිතයෙන් ආවරණය කර ඇති අතර, 2020 ඔලිම්පික් තරගාවලියට සූදානමක් වශයෙන් එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙමින් පවතියි [4]
- ↑ 1.0 1.1 නුස්බාවුම්, ලුවිස්-ෆ්‍රෙඩිරික් (2005). ජපන් එන්සයික්ලොෆීඩියා වෙහි " ඉත්ස්කුෂිමා-ජින්ජා", පි. 407.
- ↑ කාලි, ජෝසප්; ඩොගිල්, ජෝන්; සියෝටි, ජෙෆ් (2013). ෂින්තෝ ශ්‍රයින්ස්: අ ගයිඩ් ටු ද සේක්‍රඩ් සයිට්ස් ඔෆ් ජැපෑන්ස් ඒන්ෂන්ට් රිලිජන්. හවායි විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 9780824837136.
- ↑ "රාම්සාර් ඇන්ඩ් වර්ල්ඩ් හෙරිටේජ් කන්වෙන්ෂන්ස්: කන්වර්ජිං ටුවර්ඩ්ස් සක්සස් - කේස් ස්ටඩි: ඉත්ස්කුෂිමා ෂින්තෝ ශ්‍රයින්, ජැපෑන්" (PDF). රාම්සාර්. 15 සැප්තැම්බර් 2017.
- ↑ https://www.stripes.com/not-even-restoration-work-can-detract-from-the-beauty-of-japan-s-island-of-the-gods-1.599621