ඇමරිකානු සිවිල් යුද්ධයේ සංගීතය

ඇමරිකානු සිවිල් යුද්ධය අතරතුර, එම අර්බුදයේ දෙපාර්ශවය වූ රාජ්‍ය පාර්ශවය සහ ගිවිසුමෙන් බැදුනු පාර්ශවය යන දෙකොටසම උදෙසා සංගීතය සැපයීමේ කාර්යය කැපීපෙනෙන අංගයක් විය.ඇමරිකානු සිවිල් යුද්ධයේ යුද්ධභූමිය මත,ආචාරපෙළපාලි විධාන ලබාදීමට හෝ සමහර අවස්ථාවන් වලදී හමුදා සෙබළුන් දිරිගැන්වීම සඳහා හොරණෑ , බෙර, සහ නළා , වැනි විවිධ සංගීත භාණ්ඩ වාදනය කරන ලදී. යුද්ධ කිරීමෙන් ඇතිවන ආතතියෙන් මිදීම සඳහා ගායනය යොදාගත් අතර එය රැකියාවක් ලෙස ප්‍රතිස්ථාපනය කරන ලදී. කඳවුරු වලදී සෙබළුන්ට ලේ වැගිරීම් අමතක කරවීමට , නිවස බලා යෑමට ඇතිවන ආශාව අවම කරවීමට සහ පීඩාවෙන් මිදීමට සංගීතය උපකාරී විය.දෙපසම සෙබළුන් සංගීත භාන්ඩ භාවිතාකරමින් විනෝදාත්මක කටයුතු වල යෙදුනු අතර ඔවුනොවුන් ඉතා ආසන්නව සිටින අවස්ථාවල යුද්ධයට පෙර දින රාත්‍රියේදී ඔවුන්ගේ සංගීත කණ්ඩායම් එකිනෙකාට එදිරිව සංගීතය වාදනය කරන ලදී.

Stylized drawing of a man on a mule, dressed in suit coat with feathers in his hat; the sheet music is entitled "How Are You John Brown, Comic song, Sequel to Here's Your Mule."
ලිඛිත සංගීතයට අදාල ප්‍රකෘති මුල් කවරය සහ යුගයේ චරිත චිත්‍රණය කොට දක්වන ගීත,ජෝන් හන්ට් මෝගන් වැනි


සෑම කණ්ඩායමක්ටම ඔවුන්ගේ කැමතිම තාල තිබුණු අතර සමහර සංගීතයන් උතුරුදිග වාසීහු හා දකුණුවාසීහු එක ලෙස රසවින්දේය.උදාහරණයක් ලෙස ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ ඩික්සී ගීතයට තිබූ ඇල්ම ගතහැකි අතර එය තාවකාලික එක්සත් වීමේ නිළනොවන ජයගීතය සලකනු ලැබිණි. මෙම දිනවල බහුතරයක් ගීත ගායනා කරන ලද්දේ දේශප්‍රේමිත්වය වර්ධනය කිරීමට අවශ්‍ය වූ විටයි. මෙම යුද්ධය හා බැඳුණු සංගීතය ලින්යර්ඩ් ස්කයින්යර්ඩ් සහ එල්විස් ප්‍රෙස්ලි වැනි සංගීතඥයින් දිරිගන්වන ලදී.

ඇමරිකානු සංගීතයේ පිබිදීම සංස්කරණය

සිවිල් යුද්ධය යනු අමරිකානු සංගීතයේ වැදගත් කාල පරිච්චේදයක් විය.සිවිල් යුද්ධය අතරතුරදී, විවිධ පළාත්වල සොල්දාදුවන් එකිනෙකා සම්මිශ්‍රණය වන විට ඇමරිකානු සංගීතයේ විවිධාකාර ආරයන් පරසංසේචනය වීම ආරම්භ වූ අතරම මෙම ක්‍රියාවලිය ගමනාගමනය හා සන්නිවේදනය පහසු කළ,වේගයෙන් වර්ධනය වුණු දුම්රිය මාර්ග කර්මාන්තයෙන් හා තාක්ෂණික දියුණුවෙන් පන්නරය ලැබීය.හමුදා ඒකක රටින් පිට පිරිසගෙන්ද සමන්විත වූ අතර ඔවුන් ගීතනු , සංගීතභාණ්ඩ හා තාක්ෂණය සිඝ්‍රයෙන් ව්‍යාප්ත කරන්නට විය. මෙම සුසංයෝගයෙන් බිහිවුණු ගීත "ඇමරිකාවටම ආවේණික වූ ප්‍රථම ජනගී විශේෂය ලෙස සැලකිය හැක".[1] මෙම සිවිල් යුද්ධය ප්‍රසිද්ධියට පත් මෙන්ම අදටත් එලෙසම ප්‍රසිද්ධව පවතින බොහෝ ගීතවල නිර්මාණ කාර්ය්‍යට මහත් රුකුලක් විය; සිවිල් යුද්ධය නිසා හටගත් සියළුම විවිධාකාර වූ ඛේදවාචක සහ නැවත නැවතත් දෝංකාරදුන් යුද්ධයේ සියළුම සිදුවීම් මෙම ගීත නිර්මාණය උනන්දු කරවන ලදී. ජෝන් ටාස්කර් හෝවාර්ඩ් මහතා පවසන ආකාරයට මෙම අවධියේ බිහිවූ ගීත විධිමත් පිළිවෙලකට සකස් කිරීම මගින් මෙම යුධ අර්බුදයේ සියලු සිදුවීම්, එහි ප්‍රධාන චරිත,පරමාදර්ශ හා විරුද්ධවාදීන්ගේ න්‍යායන් වලින් සමන්විත වූ ඉතිහාසකතාව ගොඩනැගිය හැක..[2]

මීට අමතරව මෙන්ම මීට සම්බන්ධව දේශමාමකත්වය ගරුකළ ගීත සිවිල් යුධ සමයෙදී නිමැවුණු අතර ගීත නිර්මාණකරණයට පිත්තල ආශ්‍රයෙන් නිමැවූ සංගීත භාණ්ඩ උතුරු හා දකුණු සංගීත කණ්ඩායම් [3]දෙපාර්ශවයම බෙහෙවින් භාවිතා කර ඇත්තේ "ටැප්ස්" යන හොරණෑ භාවිතා කළ වෙනත් සංගීත ආරයන් හා ගලපමින් බව පෙනේ.

රෙගුලාසි සංස්කරණය

Boy wearing Union uniform, hat and boots, looks into the camera.
ජෝන් ක්ලෙම්, අවුරුදු දොළහක් වයසැති බෙර වාදකයෙක්

1861 දී ඇමරිකානු යුධ දෙපාර්තමේන්තුව විසින් සියළු පාබළ හා කාලතුවක්කු රෙජිමේන්තු සතුව සාමාජිකයින් 24 කින් යුක්තවන සංගීත කණ්ඩායමක් සිටිය යුතු බව නීත්‍යානුකූලව ප්‍රකාශයට පත් කරන ලද අතර අශ්වාරෝහක රෙජිමේන්තුව සතුව සාමාජිකයින් 16කින් සමන්විත සංගීත කණ්ඩායමක් සිටිය යුතු බවටද නියම කරන ලදී. ඒකාබද්ධ හමුදා සතුවද පිත්තලයෙන් කරවූ සංගීත භාණ්ඩ භාවිතා කරන සංගීතකණ්ඩායමක් සිටිය යුතු විය.මෙය සියළුම පාබළ, කාලතුවක්කු හා ඒකාබද්ධ රෙජිමේන්තු සතුව කලාකරුවන් දෙදෙනෙකු සහ 24 දෙනෙකුගෙන් සමන්විත සංගීතකණ්ඩායමක් සිටිය යුතු බවට 1861 දී පනවන ලද රෙගුලාසි ප්‍රකාරව විය.[4] 1861 ජූලි මස සිදු වූ මෙම වෙනස යුද්ධය වර්ධනය වූ හෙයින් ප්‍රතික්ශේප කරන්නට සිදු වූයේ කලාකරුවන්ට වඩා තුවක්කුකරුවන්ගේ අවශ්‍යතාවය හමුදාවට වැඩි වූ බැවිණි. 1862 ජූලි මාසයේදී මෙම සංගීත කණ්ඩායම් විසිරුවා හැරීමට අණදෙන නිලධාරීවරයා කටයුතු කළ අතර එයට අදාල වූ සොල්දාදුවන් සංගීතඥ තනතුරේ පිහිටුවන ලදී.1861 පවත්වන ලද සමීක්ෂණයකින් සොයාගත් පරිදි හමුදාවේ 75%ක් පමණ රෙජිමේන්තු සතුව සංගීත කණ්ඩායම් පැවතිණ. [4] 1861 දෙසැම්බර් මස වන විට ඇමරිකානු හමුදාව සතුව සංගීතඥයින් 28,000ක් සිටි අතර ඔවුන් සංගීත කණ්ඩායම් 618 කට අයත් විය;සෑම සොල්දදුවන් 41 න් එක් සොල්දාදුවෙක්ම සංගීතඥයෙක් වූ අතර ගිවිසුම්ගත හමුදාවන්ද මෙම පරිමාණයම සුරැකීමට උත්සුක විය.[5] සංගීතඥයින් හට විශේෂ වරප්‍රසාද හිමි විය. හමුදා ජෙනරල්වරයා වූ පිලිප් ෂෙරිඩෑන් විසින් ඔහුගේ අශ්වාරෝහක හමුදාවට හොඳම තත්වයේ අශ්වයන් හා විශේෂ නිල ඇඳුම් ලබාදුන් අතර "යුධ ජයග්‍රහණය උදෙසා සංගීතය එහි කොටස උපරිමයෙන් ඉටුකළ බව" ඔහු තරයේ විශ්වාස කළේය.[6]

යුධපිටියේ සංගීතඝ්නයින් යනු බෙර වාදකයින් හොරණෑකරුවන් හා නළාකරුවන් විය. හොරණෑකරුවන් විසින් පාබළ හමුදා සෞදෙසා පමණක් එකිනෙකට වෙනස් විධානයන් 49ක් ඉගෙන ගතයුතු වූ අතර ඔවුන්ගේ විධානයන් අශ්වාරෝහක හමුදා උදෙසාද විය.මෙම විධානයන් වල යුධ විධානයන් මෙන්ම ආහාර වේලාවන් දන්වන විධානයන්ගෙන්ද සමන්විත විය.[7] සමහර බෙරකරුවන් ඔවුන්ගේ නවයොවුන් වියද පසුකර නොතිබිණ. මෙම අඩු වයස් සංගීතඥයින් අතරින් විශිෂ්ටතමයා ජෝන් ක්ලෙම් වූ අතර ඔහු "ජොනී ශිලෝහ්" ලෙසද හදුන්වන ලදී. බෙරකරුවන් විසින් සුදු තහඩුවක් වැනි යමක් තබාගත් අතර එය ඔවුන්ගේ බෙර වලට ආධාරක උපකරනයක් විය.බෙර හා සංගීත කණ්ඩායම් මේජර්වරුන් ස්කන්ධ මේකලාවන් පැලඳ සිටියේ ඔවුන්ගේ තත්වය පෙන්වීමටයි; යුද්ධයෙන් පසු මෙම ක්‍රමය සිවිල් සංගීත කණ්ඩායම් වලද දැකිය හැකි විය.බෙරකරුවන් ආචාරපෙලපාලියේ දකුණුපසට වන්නට ගමන් කළහ.හොරණෑකරුවන් මෙන්ම බෙරකරුවන්ටද වෙනස් වාදනයන් 39ක් හුරුවීමට නියම වූ අතර එයින් 14ක් සාමාන්‍ය භාවිතයට වූ අතර 24ක් පෙළපාලි සඳහා විය.කෙසේවෙතත් මෙහිදී බෙරකරුවන්ට වඩා හොරණෑකරුවන්ට වැදගත් තැනක් හිමිවිය.[8]

යුධ පිටිය මත සංස්කරණය

සමහරවිට සියලුම ගීත යුද්ධය අතරතුර වාදනය කළහ.තුවාලකරුවන් ආපසු රැගෙන එනු ලැබුවේනියරර් මයි ගෝඩ් ටු දී යන තනුව වාදනය වන අතරතුරදිය.[9]බැට්ල් ඔෆ් ෆයිව් ෆෝල්ක්ස් ලෙස හදුන්වන යුධ සමයේ ඉදිරි ආරක්ෂක වළළ්ළේ සොල්දාදුවන්ට වෙඩි වදින අතරතුර ස්ටෙෆාන් ෆෝස්ටර්ගේ විශිෂ්ඨ ගීයක් වූ නෙලී බ්ලී ගීතය වාදනය කරන ලද්දේ ඉහළ නිලධාරීන්ගේ අණපරිදිය.[9]ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරියාවූ සැමුවෙල් . පී. හෙයින්ට්ස්ල්මන් ඔහුගේ සංගීතඥයින් විලියන්සන්බර්ග් යුද්ධයේදී පසුපස කලාපයේ සිටිනු දැක ඔවුන්ට රුචි දෙයක් වාදනය කරන්නට අණ කළේය.[9] ඔවුන්ගේ සංගීතය යුද්ධයට ජීවිත කැපකිරීමට වුවද මනස සකසන ආකාරයේ වූ බැවින් සංගීත්ය යනු දහසක් මිනිසුන්ට සමවන දෙයක් ලෙස හැදින්විණ. රොබර්ට් .ඊ. ලී පවසා ඇත්තේ "සංගීතයෙන් තොරව අපට හමුදාවක් පවත්වාගතහැකියයි මා සිතන්නේ නැත."ලෙසයි.[10]

සමහර අවස්ථාවන් වලදී සන්ගීතඥයින් හට යුධබිම අතහැර ගොස් වෛද්‍යවරුන්ට සහයවන්නට අණ ලැබිණි. එක් විශේෂිත අවස්ථාවක් ලෙස ලිට්ල් රවුන්ඩ් ටොප් හිදී‍ 'මෙයින්' හි‍ ස‍ංගීතඥයින් කටයුතුකල ආකාරය දැක්විය හැක. මෙහිදි අනෙක් සියළුම රෙජිමේන්තු සාමාජිකයින් පසුබසින විට සංගීතඥයින් විසින් තුවාලකරුවන්ට ප්‍රථමාධාර ලබාදීම සහ ශරීරකොටස් ඉවත්කිරීමඉටුකලා පමණක් නොව එය ඉතාමත් කාර්යක්ශමවද ඉටුකළහ.[11][12]

කඳවුරේදී සංස්කරණය

 
ස්ටෝන්ස් ගංගාවේ යුද්ධයට ප්‍රථම බෑන්ඩ් ඩුවල් හි රාත්‍රියක දර්ශන.

බහුතරයක් සොල්දාදුවන් කල්මැරීමට තම නිවෙස්වලින් සංගීතභාණ්ඩ කඳවුරට රැගෙන ආවේය. ඒ අතර බැන්ජෝ, වීණාව සහ ගිටාරය ඉතාමත් ප්‍රසිද්ධ විය. බෙර හැර අනෙකුත් වාදනය කරන ලද සංගීත භාණ්ඩ යුද්ධයට කලින් ලබාගත් භාණ්ඩ හෝ පිටරටින් ගෙන්වන ලද භාණ්ඩ විය.එයට හේතුව පිත්තල හිඟකම හා සංගීත භාණ්ඩ නිපදවන කර්මාන්ත්යන්ගේ හිඟකමයි.[11][13]

දෙපාර්ශවයට ඔවුනොවුන් ඇසෙන මානයේ කඳවුරුලා සිටින අවස්ථාවන්හිදී සංගීත ද්වන්ද සටන් යනු සාමන්‍ය දෙයක් විය. ස්ටෝන්ස් ගංගාව යුද්ධයට පෙරදින රාත්‍රියේදී සතුරු හමුදාවන් සංගීතයෙන් ද්වන්ද සටනක යෙදුනු අතර එය දෙපාර්ශවයම හෝම්! ස්වීට් හෝම්! ගීතය ගායනාකරන තෙක්ම පැවතිණ.ඉන්පසු දෙපිරිසම එක් හඩින් එම ගීතය ගායනාකරන්නට විය.[14] මේ හා සමාන තවත් සිදුවීමක් 1862–3 දී වර්ජිනියාවේ ෆ්‍රෙඩරික්ස්බර්ග් හි ශීතකාලයේදීද සිදුව ඇත. ශීතල සවසකදී උතුරු ඇමරිකානුවන් උතුරු ඇමරිකානු දේශානුරාගී ගීත වාදනය කරන්නට ආරම්භ කල අතර එයට පිළිතුරු ලෙස දකුණු ඇමරිකානුවන්ද ඔවුන්ගේ දේශප්‍රේමී ගීත වාදනයකරන්නට විය.මෙය රාත්‍රිය දක්වා පැතිරගිය අතර අවසානයේ හෝම්! ස්වීට් හෝම්! ගීතය එකහඬින් ගායනාකර දෙපසටම සුභපැතුම් හුවමාරුකරගන්නා තෙක්ම නොනැවතිණ.[11] 1863 වසන්ත කාලයේදී ප්‍රතිවාදී හමුදාවන් වර්ජිනියාවේ රැපහනොක් ගංගාව දෙපස කඳවුරුලාගෙන සිටින විට දෙපස හමුදා ඔවුන්ගේ දේශාභිමානී ගීත වාදනය කරන්නට විය.හදිසියේ එක් පසෙකින් හෝම්! ස්වීතෝම්! ගීතය වාදනය කළ අතර අනෙක් පස හමුදාවද ඒ හා එක් වූයේ දෙපසට සුභපතාගැනීම් හුවමාරු කරගනිමිනි. එම සුභපැතුම් හඬ කඳුකරයේ රැව් පිළි රැව් දෙන්නට විය.[15]

ගේය පද තරමක් වෙනස් වුවත් දෙපසම හමුදාවන් මේරිලෑන්ඩ්, මයි මේරිලෑන්ඩ් ගීතය ගායනා කරන ලදි. දෙපසම හමුදාවන් අතර තවත් ප්‍රචලිත ගීතයක් ලෙස ලොරේනා ගීතය හැඳින්විය හැක. වෙන් ජොනී කම්ස් මාර්චින්ග් හෝම් ගිතය 1863 දී පැට්‍රික් ගිල්මෝර් නම් අයර්ලන්ත සංක්‍රමණිකයා විසින් නිර්මාණය කරන ලද අතර එය දෙපසම සෙබළුන් රසවින්දහ.[16][17]

සිවිල් මැදිහත්වීම සංස්කරණය

 
ජෝර්ජ් එෆ් රූට්

යුද්ධය වෙනුවෙන් ලියැවුණු පළමු ගීතය වන ද ෆ්‍රස්ට් ගන් ඊස් ෆයර්ඩ් ගීතය ෆෝර්ට් සම්ටර් යුද්ධයෙන් දින තුනකට පසුව ප්‍රසිද්ධියට පත් කර බෙදාහරින ලදී. ජෝර්ජ් ෆෙඩ්‍රික් රූට් මෙම ගීතය රචනාකරන ලද අතර යුද්ධය පිළිබඳ ගීත තිහකට අධික ප්‍රමාණයක් මොහු විසින් නිර්මාණය කර ඇත.[18] ලින්කෝල්න් වරෙක රූට් වෙත ලියමනකින් දන්වා සිටියේ "ඔබ ජෙනරාල්වරු සියයකටත් දේශකයන් දහසකටත් වඩා වැඩියමක් ඉටුකළා" ලෙසයි.[19]

 
දුර්ලභ සංගීතමය පිටකවරයක් සමඟ ගෝඩ් සේව් ද සවුත් පොත් පිංච ප්‍රකාශණය- රිච්මන්ඩ්, වර්ජිනියාව.

සාමාන්‍ය සාහිත්‍ය තුල දකුණු රජ්‍යය උතුරු රාජ්‍යයට වඩා පසුපසින් සිටියත් යුද්ධයේ ලඟාවීමත් සමඟ දකුණු රාජ්‍යයේ ප්‍රකාශකයන් හට සැලකියයුතු ඉල්ලුමක් නිර්මාණය විය.මෙම ප්‍රකාශකයින් ප්‍රධාන වශයෙන්(චාර්ල්ස්ටන්, දකුණු කැරලිනාව; මැකෝන්,ජෝර්ජියාව; මොබයිල්, ඇලබාමාව; නශ්විලී, ටෙනීසීයාව' සහ නව ඕර්ලීන්සය, ලූසියානාව) යන නගර වල වූ අතර ඔවුන් සාහිත්‍යකරණයට වඩා පස් ගුණයක් වැඩිපුර ලිඛිත සංගීතය නිපදවන ලදී.[20]

ඇමරිකාවේ කොන්ෆිඩරේට් ප්‍රාන්තයේ ජාතික ගීතය වූයේ ගෝඩ් සේව් ද සවුත් ගීතයයි.කෙසේවෙතත් වඩාත් ප්‍රසිද්ධම ගීතය වූයේ ඩික්සී ගීතයයි.[17] ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වරක් පැවසූ ආකාරයට ඔහු ඩික්සී ගීතයට ආදරය කළ අතර එය ශ්‍රවණය කිරීමට ඇල්මක් දැක්වීය.එලෙසම ඔහු වරක් පැවසුවේ "අපි කැරළිකාර හමුදාවන් අත්පත් කරගන්නවාත් සමඟම ඔවුන්ගේ තාලයත් අත්පත්කරගෙන " ලෙසයි.[21] 1865 රැළියේදී අප්‍ර්ල් 9 වන දින ලින්කන් විසින් සංගීත කණ්ඩායමෙන් ඩික්සී ගීතය වාදනය කරන මෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේ සංගීත කණ්ඩායම් අධ්‍යක්ෂක මවිතයට පත් විය.එවිට ලින්කන් පැවසූයේ "එම තාලය දැන් අපගේ දේපළක්... කැරළිකරුවන්ට එය පෙන්විය යුතුයි,අපගේ පාලන බලය යටතේ ඔවුන්ට එය නැවත ඇසීමට නිදහස ඇත" ලෙසයි.</ref> අනෙක් කැපීපෙනෙන තාලය ලෙස ද බොනී බ්ලූ ෆ්ලෑග් හැඳින්විය හැකි අතර ඩික්සී ගීතය ලෙසම මෙයද 1861 දී ලියැවී ඇති අතර මෙය යුධ සමයේ ලියැවුණු ප්‍රචලිත අනෙකුත් ගීතවලින් හාත්පසින්ම වෙනස් ගීතයක් ලෙස ගත හැක.[22]

ඇමරිකාව සතුව මේ වන විට ජාතික ගීතයක් නොතිබිණ. (ස්ටාර් ස්පැන්ග්ල්ඩ් බැනර් ගීතය විසිවන ශතවර්ශය වනතෙක්ම එලෙස හඳුනා නොගත්තේය). ඇමරිකානු සොල්දාදුවන් නිතර බැට්ල් ක්‍රයි ඔෆ් ෆ්‍රීඩම් ගීතය ගායනා කළ අතර බැට්ල් හයිම් ඔෆ් ද රිපබ්ලික් ගීතය උතුරු ඇමරිකානුවන්ගේ ජනප්‍රියම ගීතය ලෙස සලකන ලදී.[23]

විවිධ අනුවාදන සංස්කරණය

යුද්ධයේ එක් පැතිකඩක් සංගීතයේ විශේෂිත එක් කොටසක් භාවිතාකරද්දී සමහර පිරිසක් ගීත නිර්මාණ ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා යොදා ගත්හ. Star Spangled Banner හි දකුණු ඇමරිකානුවන් විසින් කරන ලද සංස්කරණයක් ලෙස "The Southern Cross" ගත හැක. වෙනස් පද රචනා වලට උදාහරනයක් ලෙස, Bannerහි "O say does that Star Spangled Banner yet wave"ලෙස වූ පද පෙළ වෙනුවට Cross හි "'Tis the Cross of the South, which shall ever remain" පද පෙළ යොදා ඇත.[24] තවත් කොන්ෆඩරේට් හි Star Spangled Banner ගීතයේ අනුවාදනයක් වූ The Flag of Secession ගීතයේ "and the flag of secession in triumph doth wave"යන එකම අන්තරා කොටස භාවිතාකර ඇත.[21]ඇමරිකානු කැරළිකාර යුද්ධයේ නිර්මිත ගීතයක් වූ යැන්කි ඩූඩ්ල් ගීතයද "ඩික්සී ඩූඩ්ල්" ලෙස වෙනත් සංස්කරණයකට භාජනය වූ අතර එය "Dixie whipped old Yankee Doodle early in the morning"ලෙස ආරම්භ විය.[25] එලෙසම ඇමරිකානු රජයේ ගීතයක් වූ Battle Cry of Freedom ගීතයද සංස්කරණය වූයේ නියම පද වූ "The Union forever! Hurrah, boys, hurrah! Down with the traitor, up with the star" පද පෙළ "Our Dixie forever! She's never at a loss! Down with the ඊගල් and up with the ක්‍රොස්!" ලෙස වෙනස් කරමිනි[26]

අමරිකානු රාජ්‍ය පාර්ශවයද දක්ශිණයන්ගේ ගීත සුදුසු ලෙස යොදාගත්හ. ඔවුන්ගේ ඩික්සී ගීතයේ අනුවාදනයක "I wish I was in the land of කොට්න්, old times there are not forgotten, Look away, look away, look away, Dixie Land" පද පෙළ වෙනුවට "Away down South in the land of traitors, රැට්ල්ස්නේක් සහ ඇලිගේටර් හි , Right away, come away, right away, come away" පද පෙළ යොදාගෙන ඇත.[27] 'ජෝන් බ්‍රවුන්' ලෙස මුලින් නම් කළ ජෝන් බ්‍රවුන්ස් මූලිකවම රචනා කරන ලද්දේ 1861 දී බොස්ටන් හි ෆෝර්ට් වැරන් වල සොල්දදුවන් වෙනුවෙනි.එය ග්ලෝරි, හලලූයා තනුවට ගායනා කළ අතර පසුව එය ජූලියා වෝර්ඩ් හෝවේ විසින් ඇයගේ ප්‍රචලිත නිසඳැසක් වූ බැට්ල් හයිම් ඔෆ් ද රිපබ්ලික් සඳහා යොදාගෙන ඇත.[28]

උරුමය සංස්කරණය

 
එල්විස් ප්‍රෙස්ලි

මෙම යුද්ධයෙන් බිහිවුණු සංගීත නිර්මාණ ප්‍රමාණය මෙන්ම විවිධත්වයද ඇමරිකාවේ ඇති වූ අනෙකුත් යුද්ධයන්ට සාපේක්ෂව අති විශාල වේ.[29] ගීත විවිධ මූලාශ්‍රවලින් බිහිවීම වැදගත් විය. බැට්ල් හයිම් ඔෆ් තෙ රිපබ්ලික් ගීතයට එහි තාලය ලබාගෙන ඇත්තේ මෙතෝදිස්ට් හි නැවත පිහිටුවීමකදී ගායනා කරන ලද ගීතයකිනි. ඩික්සී ගීතය යනු 'ඩැනියෙල් එමෙට්' විසින් කළුජාතික ගායකයන් දෙදෙනෙකු වූ 'ස්නොව්ඩ්න්' ගේ ආභාශයෙන් නිමවන ලද ගීතයකි.[30] ඇමරිකානු හමුදාවන් බැට්ල් හයිම් ඔෆ් තෙ රිපබ්ලික් ගීතය ස්පාඤ්ඤ - ඇමරිකා යුද්ධය, පළමු ලෝක යුද්ධය, සහ දෙවන ලෝක යුද්ධය යන යුධ සමවලදී ගායනා කරන ලදී.[31]

සදර්න් රොක් සංගීත ආරය කොන්ෆඩරේට් යුධ කොඩිය එහි සංකේතය ලෙස යොදා ගත්හ. ලින්යර්ඩ් ස්කයින්යර්ඩ් ගේ ස්වීට් හෝම් ඇලබාමා ගීතය "දිගුකල් පවතින දකුණු ඇමරිකානු සංස්කෘතියේ පුරාතන විශ්වාසයන් වලට පැහැදිලි උදාහරණ" ලෙස විස්තර කරන ලදී.[32]

යුධ සමයේ බිහිවුණු අවුරා ලී කථා කාව්‍ය එල්විස් ප්‍රෙස්ලි විසින් නිර්මිත ලව් මී ටෙන්ඩර් ගීතයට මූලික විය. ප්‍රෙස්ලි විසින් ඇන් ඇමරිකන් ට්‍රිලෝජි ගීතයද ගායනා කරන ලද අතර එය ඕල් මයි ට්‍රයල්ස් හි "සුමටනය" කිරීමක් ලෙස විස්තර විය.[33]

2013 දී වර්තමානයේ ප්‍රසිද්ධ ගායකයන් වන ජෝර්මා කොව්කොනන් , රිකී ස්කැග්ස්, සහ කැරන් එල්සන් විසින් ඩිවයිඩඩ් ඇන්ඩ් යුනයිටඩ්: සිවිල් යුද්ධයේ ගීත.[34] යන මාතෘකාව යටතේ සම්පාදන ඇල්බමයක් ප්‍රකාශයට පත්කරන ලදී.

නිකුත් වුණු ගීත නිර්මාණ සංස්කරණය

w. = පද රචනා
m. = සංගීත නිර්මාණය

1861 සංස්කරණය

1862 සංස්කරණය

1863 සංස්කරණය

 
ට්‍රෑම්ප්! ට්‍රෑම්ප්! ට්‍රෑම්ප්! හි 1864 ප්‍රකාශණයේ කවරය

1864 සංස්කරණය

1865 සංස්කරණය

මාධ්‍ය සංස්කරණය

සැකිල්ල:Multi-listen start

ඩික්සී
ඩික්සී, පැරණි බ්ලැක්ෆේස් ගීතය
වෙන් ජොනී කම්ස් මාර්චින්ග් හෝම්
පැට්‍රික් ගිල්මෝර් විසින් නිර්මිත වෙන් ජොනී කම්ස් මාර්චින්ග් හෝම්

සැකිල්ල:Multi-listen end

තවදුරටත් බලන්න සංස්කරණය


සටහන් සංස්කරණය

  1. Struble, pg. xvii
  2. Howard, John Tasker, cited in Ewen, pg. 19 (no specific source given)
  3. Library of Congress: Band Music from the Civil War Era
  4. 4.0 4.1 Lanning p.243
  5. Lanning p.243, Vaughan pp.194,195
  6. Lanning pp.244
  7. Amedeo p.127, Miller p.92
  8. Lanning p.243, Miller p.96
  9. 9.0 9.1 9.2 Lanning p.244
  10. Lanning pp.243,244
  11. 11.0 11.1 11.2 Music of the Civil War National Park Service.gov
  12. Turner p.151, Vaughan p.195
  13. Heidler p.1173, Miller p.190
  14. Amedeo p.257, Vaughan p.194
  15. Branham p.131
  16. Amedeo p.77, 127
  17. 17.0 17.1 Lanning p.245
  18. Kelley p.30, Silber p.7
  19. Branham p.132
  20. Harwell pp.3,4
  21. 21.0 21.1 Branham p.130
  22. Silber p.8
  23. Lanning pp.245
  24. Harwell pp.64,65
  25. Harwell pp.67
  26. Silber p.10
  27. Van Deburg p.109
  28. Hall, p.4
  29. Silber p.4
  30. Heidler pp.191,607
  31. Ravitch p.257
  32. Kaufman pp.x,81
  33. Amedeo p.111, Kaufman p.83
  34. Doughtery, Steve, "Civil War Pop Music: Divided & United: On a new CD, contemporary artists revive the era's songs", Wall Street Journal, Oct. 23, 2013 http://online.wsj.com/news/articles/SB10001424052702303448104579149793649312548

මූලාශ්‍ර සංස්කරණය

  • Abel, E. Lawrence (2000). Singing the New Nation: How Music Shaped the Confederacy, 1861 - 1865 (First ed.). Mechanicsburg, Pennsylvania: Stackpole Books. ISBN 0-8117-0228-6.
  • Amedeo, Michael (2007). Civil War: Untold stories of the Blue and the Gray. West Side Publications. ISBN 1-4127-1418-4.
  • Branham, Robert J. (2002). Sweet Freedom's Song: "My Country 'tis of Thee" and Democracy in America. Oxford University Press US. ISBN 0-19-513741-8.
  • Clarke, Donald (1995). The Rise and Fall of Popular Music. St. Martin's Press. ISBN 0-312-11573-3.
  • Donald, David Herbert (1995). Lincoln. Simon and Schuster. ISBN 0-684-82535-X.
  • Ewen, David (1957). Panorama of American Popular Music. Prentice Hall.
  • Hall, Roger Lee (2012). Glory, Hallelujah: Civil War Songs and Hymns. PineTree Press.
  • Harwell, Richard B. (1950). Confederate Music. Chapel Hill, North Carolina: University of North Carolina Press. OCLC 309959.
  • Heidler, David (2002). Encyclopedia of the American Civil War. W. W. Norton & Company. ISBN 0-393-04758-X.
  • Kaufman, Will (2006). The Civil War in American Culture. Edinburgh University Press. ISBN 0-7486-1935-6.
  • Kelley, Bruce (2004). "An Overview of Music of the Civil War Era" Bugle Resounding. University of Missouri Press. ISBN 0-8131-2375-5.
  • Knouse, Dr. Nola Reed "Music from the Band Books of the 26th Infantry Regiment, NC Troops, C.S.A.". Liner notes essay. New World Records.
  • Lanning, Michael (2007). The Civil War 100. Sourcebooks, Inc. ISBN 1-4022-1040-X.
  • Miller, David (2001). Uniforms, Weapons, and Equipment of the Civil War. London: Salamander Books Ltd. ISBN 1-84065-257-8.
  • Ravitch, Diane (2000). The American Reader: Words that Moved a Nation. HarperCollins. ISBN 0-06-273733-3.
  • Silber, Irwin (1995). Songs of the Civil War. Courier Dover Publications. ISBN 0-486-28438-7.
  • Southern, Eileen (1997). The Music of Black Americans. New York, New York: W.W. Nortan & Company, Inc. pp. 206–212. ISBN 0-393-97141-4. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  • Struble, John Warthen (1995). The History of American Classical Music. Facts on File, Inc. ISBN 0-8160-2927-X.
  • Turner, Thomas Reed (2007). 101 Things You Didn't Know about the Civil War. Adams Media. ISBN 1-59869-320-4.
  • Van Deburg, William L. (1984). Slavery & Race in American Popular Culture: In American Popular Culture. University of Wisconsin Press. ISBN 0-299-09634-3.
  • Vaughan, Donald (2000). The Everything Civil War Book. Holbrook, Massachusetts: Adams Media Corporation. ISBN 1-58062-366-2.
  • "Band Music From the Civil War Era". Library of Congress. සම්ප්‍රවේශය June 13, 2005.

අමතර ද්වාර සංස්කරණය


සැකිල්ල:American Civil War