ඇනීටා බෝර්ග්

ඇමරිනකානු පර්ඝණක විද්‍යාඥවරියක්

ඇනීටා බෝර්ග් (1949, ජනවාරි 17- 2003, අප්‍රියෙල් 6) ඇමරිකානු පරිඝණක විද්‍යාඥවරියකි. ඇය කාන්තාවන් සහ තාක්ෂණය පිළිබඳ ආයතනයේ (ඇනීටා බෝර්ග් කාන්තාවන් සහ තාක්ෂණය පිළිබඳ ආයතනයේ) සහ පරිඝණක ක්ෂේත්‍රයේ නියැලෙන කාන්තාවන් වෙනුවෙන් පවත්වනු ලබන ග්‍රේස් හොපර් සැමරුමෙහි ආදිකර්තෘවරියයි. ඇය ඇමරිකාවේ චිකාගෝ, ඉලිනොයිස් හි ඇනීටා බෝර්ග් නාෆ්z ලෙස උපත ලැබීය.

ඇනීටා බෝර්ග්
උපත
ඇනීටා බෝර්ග් නාෆ්z

ජනවාරි 17, 1949(1949-01-17)
මියගිය දිනයApril 6, 2003(2003-04-06) (වයස 54)
ජාතිකත්වයAmerican
රැකියාවපරිඝණක විද්‍යාඥවරියක්
ප්‍රසිද්ධව ඇත්තේසිස්ටර්ස් (සොහොයුරියන්) විද්‍යුත් ලිපි ලැයුස්තුවේ නිර්මාතෘ, කාන්තාවන් වෙනුවෙන් ඇති ග්‍රේස් හොපර් සැමරුමේ ආදිකර්තෘ

වෘත්තිය සංස්කරණය

ඇය ඇගේ ප්‍රථම පරිගණක වැඩසටහන් ලිවීමේ රැකියාව 1969 දී ඇරඹීය.ඇය කුඩා කාලයේදී වඩාත් ඇල්මක් දැක්වූයේ ගණිත විශයටයි. පරිගණක වැඩසටහන් ලිවීමට ඇය ඉගෙන ගත්තේ කුඩා රක්ශණ සමාගමක රැකියාව කරන අවදියේදීයි. 1981 දී නිව්යෝර්ක් සරසවියෙන් ඇය පරිගණක විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත්තේය. ඇගේ නිබන්දනය මෙහෙයුම් පද්ධති සමකාලන කාර්යක්ෂමතාව පිළිබඳවයි. ඇගේ ආචාර්ය උපාදිය ලැබීමෙන් පසු ඇය වසර හතරක් වැරදි වලට ඔරොත්තු දිය හැකි යුනික්ස් මෙහෙයුම් පද්ධතියක් නිපදවමින් සිටියාය. මෙය පලමුව නිව්ජර්සිහි ඔරගෙන් සිස්ටම් කෝපරේශන් සමගත් පසුව ජර්මනියේ නික්ස්ඩොර්ෆ් සමගම සමගත් නිපදවීය. 1986 ඇය ඩිජිටල් ඉක්විප්මන්ට් සමාගම සමග වසර 12ක සේවා කාලය ආරම්බ කළාය.1987දී ඇය විසින් ආරම්බ කළ සිස්ටර්ස් (සොහොයුරියන්) ව්ද්‍යුත් ලිපි ලැයිස්තුව පසු කාලීනව ඇගේ උනන්දුව විද්‍යුත් ලිපි සන්නිවේදන කටයුතු වලට යොමු කෙරෙව්වේය. 1997දී ඇය පර්යේෂකයෙකු ලෙස වෘත්තිය ඇරඹූ අතර ඉන් පසු කාන්තාවන් සහ තාක්ෂණය පිළිබඳ ආයතනය හා පරිඝණක ක්ෂේත්‍රයේ නියැලෙන කාන්තාවන් වෙනුවෙන් පවත්වනු ලබන ග්‍රේස් හොපර් සැමරුම ආරම්බ කළාය.

"https://si.wikipedia.org/w/index.php?title=ඇනීටා_බෝර්ග්&oldid=318295" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි