අශ්විනී කල්සේකර්

ඉන්දියානු චිත්‍රපට නිලියක්

අශ්විනී කල්සේකර් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නිළියකි. ඇය වඩාත්ම ප්‍රකට වූයේ ඒක්තා කපූර්ගේ සෝප් ඔපෙරාවක් වන කසම් සේ කතාමාලාවේ ජිග්‍යාසා වාලියාගේ චරිතය සහ[1] ඒක්තා කපූර්ගේම නිෂ්පාදනයක් වූ ජෝධා අක්බර් ඓතිහාසික මාලා නාට්‍යයේ මහම් අංගාගේ චරිතය නිරූපණය කිරීම හේතුවෙනි.[2]

අශ්විනී කල්සේකර්
උපත
අශ්විනී කල්සේකර්

22 ජනවාරි 1970 (1970-01-22) (වයස 54)
නිවහනමුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
ජාතිකත්වය ඉන්දියාව
අධ්‍යාපනයශාස්ත්‍රවේදී (B.A.)
රැකියාවනිළිය
සක්‍රීය වසර1991 - වර්තමානය
ප්‍රසිද්ධව ඇත්තේකසම් සේ
ජෝධා අක්බර්
ප්‍රධාන නිර්මාණ
ඉත්නා කරෝ නා මුජේ ප්‍යාර්හි පෑම් ඛන්නා චරිතය
උපන් නගරයමුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
කලත්‍රයා(යන්)නිතේශ් පාණ්ඩේ (1998–2002)
මුරලි ෂර්මා (2009–වර්තමානය)
දෙමව්පියන්(s)අනිල් කල්සේකර් (පියා)
ආගමහින්දු ආගම

පෞද්ගලික දිවිය සංස්කරණය

අශ්විනී කල්සේකර් උපත ලැබූයේ 1970 ජනවාරි 22 දින ඉන්දියාවේ මාහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායිහි ය. ඇගේ පියා වූ අනිල් කල්සේකර් බැංකු සේවකයකු විය. අශ්විනී ඇගේ ශාස්ත්‍රවේදී (B.A.) උපාධිය මුම්බායිහි දී හැදෑරූ අතර, 1991දී උපාධිය ලබාගැනීමට සමත් විය. සිය අධ්‍යයන කටයුතුවලින් පසුව, 1991 සිට 1994 දක්වා ඇය වේදිකා රංගනය පිළිබඳ හැදෑරූවා ය. 1992 සිට 1993 දක්වා කාලයේ ඇය නිළි නීනා ගුප්තා යටතේ පුහුණුව ලැබූයේ නිළියක වීමේ සිය සිහිනය සැබෑ කරගැනීමේ අපේක්ෂාවෙනි. මීට අමතරව 1992 සිට 1995 දක්වා ඇය වේදිකා රංගන පුහුණකරුවකු වූ මුසම්මීල් වකිල් යටතේ ද පුහුණුව ලැබුවා ය. අශ්විනී පුහුණු කතක් නර්තන ශිල්පිනියක ද වේ.[3]

1998දී අශ්විනී නිතේශ් පාණ්ඩේ සමග විවාහ වූවා ය. කෙසේනමුත් නොදන්නා හේතූන් මත 2002දී ඔවුහු දික්කසාද වූහ. පසුව 2009දී ඇය චිත්‍රපට සහ රූපවාහිනී චරිතාංග නළුවකු වූ මුරලි ෂර්මා සමග විවාහ වූවා යin.[4]

වෘත්තිය සංස්කරණය

1996දී, අශ්විනී මරාඨි චිත්‍රපටයක් වූ තුලා ජාපර් ලා චිත්‍රපටයට රංගනයෙන් දායක වූවා ය. ඉන් අනුතරුව ඇය මරාඨි චිත්‍රපට ගණනාවකටම සහාය චරිත නිරූපණයෙන් දායක වූවා ය.

1990 දශකයේ මැද කාලයේ රූපවාහිනී රංගන ක්ෂේත්‍රයට පිවිසුණු ඇය ශාන්ති,[5] C.I.D., අන්ජානේ, සිද්ධාන්ත් සහ කේ. ස්ට්‍රීට් පාලි හිල් වැනි රූපවාහිනී කතාමාලාවන් ගණනාවකට සම්බන්ධ වූවා ය.[6]

ඇගේ රංගන ප්‍රතිභාව බොහෝ දෙනා විසින් හඳුනාගන්නා ලද්දේ ඒක්තා කපූර්‍ගේ සෝප් ඔපෙරාවක් වූ කසම් සේ කතාමාලාව තුළිනි. මෙහි ඇය ජිග්‍යාසා වාලියා නැමැති එදිරිවාදී චරිතයක් නිරූපණය කළා ය. මෙම චරිතය වෙනුවෙන් ඇය ඍණාත්මක චරිතයක හොඳම නිළිය සඳහා වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය,[7] ඍණාත්මක චරිතයක හොඳම නිළිය සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය[8] සහ තවත් සම්මාන ගණනාවකින් පිදුම් ලැබුවා ය.

2012දී අශ්විනී, ඒක්තා කපූර්ගේ ඓතිහාසික මාලා නාට්‍යයක් වූ ජෝධා අක්බර් කතාමාලාවේ මහම් අංගාගේ චරිතය සඳහා තෝරාගැනිණි.[9] මහම් අංගා යනු අක්බර් අධිරාජයාගේ කිරි මවයි. මෙම චරිතය නිරූපණය හේතුවෙන් ඇය විචාරක පැසසුමට ලක් වූ[10][11] අතර සම්මාන ද හිමි කරගත්තා ය. මේ වෙනුවෙන් ඇය ඍණාත්මක චරිතයක හොඳම නිළිය සඳඑා ඉන්දියානු ටෙල්ලි සම්මානය[12] සහ ඍණාත්මක චරිතයක හොඳම නිළිය සඳහා වන බොරෝප්ලස් ස්වර්ණ සම්මානය ද හිමි කරගත්තා ය.[13]

2014දී, අශ්විනී ඒක්තා කපූර්ගේම තවත් සෝප් ඔපෙරාවක් වූ ඉත්නා කරෝ නා මුජේ ප්‍යාර්[14] කතාමාලාවේ අතිශයින් වෙනස් නූතන චරිතයක් සඳහා තෝරාගැනිණි. මෙම චරිතය පෑම් ඛන්නා නම් විය.[15]

නිර්මාණ දායකත්වය සංස්කරණය

චිත්‍රපට සංස්කරණය

වර්ෂය චිත්‍රපටය චරිතය සටහන්
1996 තුලා ජාපර් ලා මරාඨි සිනමාව
2003 The Hero: Love Story of a Spy මේජර් අරුන් ඛන්නා යටතේ බුද්ධි අංශ නිලධාරිණිය
2004 ඛාකී කමලේශ්ගේ බිරිඳ
2004 මුසාෆිර්
2005 කිස්නා රීටා
2005 ආෂික් බනායා ආප්නේ පොලිස් නිලධාරිණිය
2005 අපහරන්
2006 අන්කහී ශිල්පා මෙහ්තා මහත්මිය
2007 ජොනී ගඩ්ඩාර් වර්ෂා
2008 ගෝල්මාල් රිටර්න්ස් මුන්නි
2008 ෆූන්ක් මධූ
2009 මෙරේ ඛ්වාබොන් මේන් ජෝ ආයේ කපූර් මහත්මිය
2009 All The Best: Fun Begins මේරි
2009 ඒක් තෝ චාන්ස්
2010 ෆූන්ක් 2 මධූ
2010 රක්ත් චාරිත්‍ර ඉන්ස්පෙක්ටර් අශ්විනී
2010 ගෝල්මාල් 3 චින්ටු
2011 බද්‍රිනාත් තෙලිඟු චිත්‍රපටය
2012 නිප්පු තෙලිඟු චිත්‍රපටය
2014 සිංහම් රිටර්න්ස් රූපවාහිනී මාධ්‍යවේදිනී මීරා ජෝරි
2015 රහස්‍යා රේමි ෆර්නැන්ඩස් ඇය අයේෂාගේ සැබෑ මවයි.
2015 බාඩ්ලාපූර් රහස් පරීක්ෂිකා ජෝෂි

රූපවාහිනිය සංස්කරණය

වර්ෂය වැඩසටහන චරිතය සටහන්
1995-1997 ශාන්ති ශාෂා
1997 ෆාර්ස්
1997 ඒක් ඕර් මහාභාරත් ද්‍රෞපදී[16]
1998 C.I.D. ආශා සහාය චරිතය
1999 නායා සමානා
2001 ශක්තිමාන් ශලාකා කළු බළලා
2001-2002 අන්ජානේ
2002-2003 අචානක් 37 සාල් බාඩ් මාලිනී ඇය අජේ/අජින්ක්‍යා සිහිනෙන් දකියි
2002-2004 කිටී පාටි නතාෂා
2004 කේ. ස්ට්‍රීට් පාලි හිල් මිශා
2004 සිද්ධාන්ත් ඒසීපී නේත්‍රා මෙනන්
2006-2007
2008-2009
කසම් සේ ජිග්‍යාසා බාලි/වාලියා ඍණාත්මක චරිතය
2007 ජීතේ හේ ජිස්කේ ලියේ ආදිරා ධනරාජ්ගීර්
2007-2008 විරුධ් දේව්‍යාණි
2007-2008 පරිවාර් ම‍නෝරමා සහාය චරිතය
2009 බයිරි පියා ශෝභනා ඍණාත්මක චරිතය
2010 ජාන්සි කි රාණි හීරා බායි ඍණාත්මක චරිතය
2010 ගංගා කී ධීජ් මහා මායි ඍණාත්මක චරිතය
2012 අෆ්සර් බිටියා සික්කා ඨාකුරායින් ඍණාත්මක චරිතය
2013-2015 ජෝධා අක්බර් මහම් අංගා ඍණාත්මක චරිතය
2013 ෆු බායි ෆු විනිශ්චය මරාඨි ප්‍රහසන වැඩසටහන
2014–2015 ඉත්නා කරෝ නා මුජේ ප්‍යාර් පැම්/පූනම් ඛන්නා වියපත් චරිතයකි
2016 කවච්...කාලි ශක්තියොන් සේ සෞදාමිණී ඍණාත්මක චරිතය
2016 අදාලත් (වාරය 2)

සම්මාන සංස්කරණය

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය කෘතිය ප්‍රතිඵලය
2006 13වන ඉන්දියානු ටෙල්ලි සම්මාන ඍණාත්මක චරිතයක හොඳම නිළිය කසම් සේ දිනාගති[8]
2007 7වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන ඍණාත්මක චරිතයක ‍හොඳම නිළිය දිනාගති[17]
2014 13වන ඉන්දියානු ටෙල්ලි සම්මාන ඍණාත්මක චරිතයක හොඳම නිළිය ජෝධා අක්බර් දිනාගති[12]
7වන බොරෝප්ලස් ස්වර්ණ සම්මාන ඍණාත්මක චරිතයක හොඳම නිළිය (විචාරක) දිනාගති[13]

ආශ්‍රේයයන් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අශ්විනී_කල්සේකර්&oldid=591324" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි