අභ්‍යවකාශ මධ්‍යස්ථාන

(අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙතින් යළි-යොමු කරන ලදි)

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් (හෝ කක්ෂීය මධ්‍යස්ථානයක්) යනු, අභ්‍යාවකාශයෙහි (වඩාත් බහුල ලෙසින් පහත පෘථිවි කක්ෂයෙහි) දීර්ඝ කළ කාල පරිච්ඡේදයක් රැ‍ඳී සිටීම සහ අනෙකුත් අභ්‍යාවකාශ යානා තටාකගත කිරීම සඳහා සැලසුම් කර ඇති, අභ්‍යාවකාශගාමීන් පිරිසකට නවාතැන් සැපයීමේ හැකියාව ඇති, අභ්‍යාවකාශ යානයකි. අභ්‍යාවකාශ මධ්‍යස්ථාන ප්‍රධාන ප්‍රචාලන බලයෙන් සහ ගොඩබෑමේ පහසුකම්වලින් අනිකුත් මිනිසුන් රැගෙන යන අභ්‍යවකාශ යානාවලින් වෙනස්වේ. එම අභ්‍යාවකාශ යානා බොහෝ විට අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ප්‍රවාහන කෙරෙන යානා ලෙස හැදින්විය හැකිය. අභ්‍යාවකාශ මධ්‍යස්ථාන සැලසුම් කර ඇත්තේ කක්ෂයේ සති, මාස සහ සමහර විට වර්ෂ ගණනක් වැනි මධ්‍ය කාලීන කාලයක් වාසය කිරීමටය. දැනට භාවිතා වන එකම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වේ. මීට පෙර තිබූ ඒවා වන්නේ අල්මැස් (Almaz) , සැලීයුට් කාණ්ඩය (Salyut Series) , ස්කයි ලැබ් (Sky lab) සහ මීර් (Mir) ය.

International Space StationTiangong Space StationMirSkylabTiangong-2Salyut 1Salyut 2Salyut 4Salyut 6Salyut 7
The image above contains clickable links
The image above contains clickable links
Size comparisons between current and past space stations as they appeared most recently. Solar panels in blue, heat radiators in red. Stations have different depths not shown by silhouettes.

මේ වන විටත් (2007 තෙක්) අභ්‍යාවකාශ මධ්‍යස්ථාන භාවිතා කරනුයේ දිගු කාලීන අභ්‍යාවකාශ ගමන්වලින් මිනිස් සිරුරට සිදුවන බලපෑම අධ්‍යයනය කිරීමටත් අනෙකුත් අභ්‍යවකාශ යානාවල පහසුකම් නොමැති විශාල විද්‍යාත්මක අධ්‍යයනයන් කිරීමේ වේදිකාවක් ලෙසය. සෝයූස් 11 සහ සැල්යුට් 1 වැනි අවාසනාවන්ත යානා සහ සෑම මිනිසුන් රැගත් අභ්‍යාවකාශ යානාවල අභ්‍යාවකාශ ගමන් කාල සීමා අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පිහිටුවීම කරළියට ගෙන ආ අතර 1994 සි‍ට 1995 දක්වා “වැලරි පොල්යකොව්” (Valeriy Polyakov) විසින් මීර් (Mir) හි සිට දින 437.7 අභ්‍යාවකාශයේ ගතකර වාර්තාවක් තැබූ අතර 2008 වන විට අභ්‍යාවකාශගාමීන් තුන්දෙනෙක් වර්ෂයකට වඩා තනි අභ්‍යාවකාශ චාරිකා සම්පූර්ණ කර ඇත. ඔවුන් සෑම දෙනාම මීර් යානයේ ද සිටි සාමාජිකයන් ද වීම විශේෂයකි.

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අභ්‍යවකාශ_මධ්‍යස්ථාන&oldid=587418" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි