ගිනිගල්ගොඩගේ රම්බා අජිත් ද සිල්වා (උපත 12 දෙසැම්බර් 1952, ශ්‍රී ලංකාවේ, අම්බලන්ගොඩදී) යනු, හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ටෙස්ට් තරග හතරකදී සහ එදිජා හයකදී, නිරවද්‍ය වමතින් මඳ වේග දඟ පන්දු යවමින්, ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු ක්‍රීඩා කලේය. 1982/83 දී, කැරළිකාර ඇරෝසා ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් දකුණු අප්‍රිකාව වෙත තරග සංචාරයට ඔහු සහභාගි වන තෙක්, වසර ගණනාවක් තිස්සේ ජාතික ක්‍රිකට් සංචිතයෙහි වැදගත් සාමාජිකයෙක් බවට ප්‍රත්‍යක්ෂව තිබුණි. මෙය නිසා, එම තරග සංචාරයෙහි අනෙකුත් ක්‍රීඩකයන් හා සමගින්, ඔහුද ලෝක ක්‍රිකට් තරග වලින් ඉවත් කරන ලදි. 1973 නොවැම්බර් මාසයෙහිදී ඇරඹි, එය තුලදී ඔහු විසින් කඩුළු 161 ක් (සාමාන්‍යය 27.44) දවාළු, ඔහුගේ පළමු-පෙල අභිවෘත්තිය මෙයින් නිමාවට පත්විය. 1982 වසරෙහිදී, එංගලන්තයට එරෙහිව, දේශීය භූමියෙහිදී ශ්‍රී ලංකාවේ පළමු එදිජා ජයග්‍රහණය වෙනුවෙන්, ඔහු වැදගත් භූමිකාවක් ඉටු කලේය. ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහර දෙමින්, ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලකුණු 216 ක ඉලක්කයක් ලබා දුන් අතර, ග්‍රැහැම් ගූච් සහ ජෙෆ් කුක් විසින් හොඳ අඩිතාලමක් දමමින් කිසිවෙකු නොදැවී ලකුණු 109ක් ලබා ගත්හ. කෙසේවෙතත්, ද සිල්වා විසින් ආරම්භක පිතිකරු යුගලයම පිටියෙන් ඉවත් කල අතර ( මහේෂ් ගුණතිලක විසින් ස්ටම්ප් කෙරිණි), පිතිකරුවන් සතර දෙනක් දුවද්දී දැවී යමින්, එංගලන්තය ලකුණු තුනකික් පරාජය විය.

අජිත් ද සිල්වා
පුද්ගලික තොරතුරු
උපත12 දෙසැම්බර් 1952 (1952-12-12) (වයස 71)
අම්බලන්ගොඩ, ශ්‍රී ලංකාව
පිතිකරන විලාසයවමතින් පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසය වමතින් මඳ වේග පන්දු යවන්නා
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් තරග එදිජා
තරග 4 6
රැස් කල ලකුණු 41 9
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 8.19 4.50
100ඒවා/50ඒවා 0/0 0/0
වැඩිම ලකුණු 14 6*
යැවුනු පන්දු 962 305
කඩුළු 7 9
පන්දු යැවීමේ සාමාන්‍යය 55.00 29.11
ඉනිමකදී කඩුළු පහක් 0 0
තරගයකදී කඩුළු 10 ක් 0 අ/නැ
හොඳම පන්දු යැවීම 2/38 3/41
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 0/0 2/0
මූලාශ්‍රය: [1], 2005 15 අගෝස්තු
"https://si.wikipedia.org/w/index.php?title=අජිත්_ද_සිල්වා&oldid=353223" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි