'දීපා මා' සිසුන්ට දුන් අවවාද

සිත සහ දයාව සංස්කරණය

ඔබ අවට සිටින්නන්ට ආශිර්වාද කරන්න. ඔබ අවට සිටින්නන්ට ඔබ ආශිර්වාද කරන්නේ නම්, සෑම මොහොතකම අවධානයෙන් සිටීමට එය ඔබව පොලඹවයි.  
මම සැමදෙනෙකු වෙතම දයාව සහ කරුණාව දක්වමි. වෙනස්කම් නොකරමි.
පළමු දෙය වන්නේ තමන්ටම දයාව දැක්වීමයි. ඔබට ආත්ම අවිශ්වාසය සහ ආත්ම ද්වේෂය තබාගෙන ඉදිරියට යා නොහැක. ඔබට ඉදිරියට යා හැක්කේ ආත්ම දයාව මගින් පමණකි.
ජීවිතයේ එන ඕනෑම දෙයක් මම වැළඳ ගනිමි.
ඔබගේ සිත ඔබගේ මිතුරා ය.  
ඔබගේ ජීවිතය අමාරුවේ වැටිලා නම්, මෙත් වඩන්න.

සිතීම සහ සිතිවිලි සංස්කරණය

 
මනුෂ්‍යයින්ට කවරදාකවත් ඔවුන්ගේ ප්‍රශ්න විසඳාගත නොහැක.
 
අතීතය සහ අනාගතය පිළිබඳ සිතිවිලි ඔබගේ කාලය නාස්ති කර දමයි.
 
ඔබගේ මනසේ ඇති සියල්ල කතන්දර වේ. සිතිවිලි වලට යන්න ඉඩ දෙන්න.  
 
ඔබ මුහුණ දෙමින් සිටින මේ ප්‍රශ්නය, කිසිසේත් ම ප්‍රශ්නයක් නොවේ. එය ප්‍රශ්නයක් වන්නේ "මේ මමයි" කියා හෝ "මා විසින් විසඳිය යුතු දෙයක් ඇත" කියා සිතන නිසාය. මේ ආකාරයට නොසිතන්න. එවිට කිසිම ප්‍රශ්නයක් ඇති නොවේ.
 
ඔබට කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට ඔබට හැකිය. ඔබව පසුපසට අදින "ඔබට එය කිරීමට නොහැකිය" යන්න හුදෙක් ඔබගේ සිතිවිල්ලක් පමණි.
 
ඔබට කුමන විශ්වාසයක් තිබුණද එය "ඔබට හරියටම විශ්වාසද?", "කවුද කියන්නෙ?", "ඇයි නැත්තෙ?" කියා ඔබෙන් අසන්න.
 
ඕනෑම දෙයක් කළ හැකි දෙයකි.

හැඟීම් සංස්කරණය

 
සමහර අවස්ථාවල මට රිදීමක් දැනේ. නමුත් මගේ මනස සන්සුන්ව පවතී.
 
රිදුම් එයි යයි. මගේ මනසට එයින් බාධා නොවේ.
 
ඇයි හිත නරක් කරගන්නේ? තථාගතයින් වහන්සේටත් ජීවිතය පුරා අපවාද හා විවේචන දරාගන්න සිදු වුණා. මා නිකම් සාමාන්‍ය නොවැදගත් ගැහැණියක්.
 
මේ ලෝකයේ අල්ලා ගැනීමට සුදුසු කිසිම දෙයක් නැත. "මරණයට පත්වන විට මට ගෙනයන්න පුළුවන් මොනවාද?" කියා ඔබෙන් අසන්න.