ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර බැඳුම්කර

රාජ්‍ය වියදම් සඳහා මුදල් සැපයීමට හා ණය සුරැකුම් වෙළෙඳපොල සංවර්ධනය කිරීමේ අරමුණින් රජයේ භාණ්ඩාගාරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තුමේන්තුව විසින් දෙසතියකට වරක් වෙන්දේසි මාර්ගයෙන් නිකුත් කරනු ලබන දිගුකාලීන ණය සුරැකුම්පත්ය. අද වන විට වෙළඳපොළ යටිතල පහසුකම් වර්ධනය හෙ තාක්ෂණයේ වර්ධනයත් සමගම නිර්ලේඛන ගත අයුරින් බැදූම්කර නිකුත් තිරීම සිදූ කෙරේ. සියල්ල පරිගනක ගත කොට ඇති හෙයින් ඉතා කෙටි කාලයක් තුළ ගනු දෙනු කිරීමේ හැකියාව ඇත.

සීඝ්‍රයෙන් ප්‍රසාරණයවන මූල්‍ය ක්ෂේත්‍රය තුළ අද වන විට ණය සුරැකුම්පත් වර්ග දෙකක් දැකිය හැක. එනම්

  1. රාජ්‍ය ණය සුරැකුම්පත්
  2. සාංගමික ණය සුරැකුම්පත් ලෙසය.

මෙහිදී සාංගමික ණය සුරැකුම්පත් ලෙසින් හැදින් වෙනුයේ සමාගම් විසින් තම ණය අරමුදල් බා ගන්නා ක්‍රමයකි. 1996 ශී ලංකාවේ ප්‍රථම ප්‍රසිද්ධ සාංගමික ණයකර නිකුතුව සිදූ විය. නමුත් තවමත් ශ්‍රී ලංකාව තුළදියුණු ණය වෙළඳපොළක් නොමැති වීම හේතුවෙන් සමාගම් විසින් බොහෝ විට තම ණය අරමුදල් බැංකු ක්‍රමය තුළින් ලබා ගනී. එනිසා මෙම පත්‍රිකාව තුළින් අවධානය යොමු කරනු ලබන්නේ වඩාත් සංවිධිත වූ රාජ්‍ය ණය සුරැකුම්පත් වෙළඳපොළ ගැන පමණි. ශ්‍රී ලංකාොව් රාජ්‍ය ණය සුරැකුම්පත් වෙළඳපොළේ ගනු දෙනු වන උපකරන වන්නේ"

  1. භාණ්ඩාගාර බිල්පත්
  2. භාණ්ඩාගාර බැඳුම්කර
  3. රුපියල් සුරැකුම්පත්
  4. ජාතික ගොඩනැගීමේ බැඳුම්කර
  5. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර යි.

මෙතැන් සිට මෙම පත්‍රිකාව තුළින් භාණ්ඩාගාර බැඳුම්කරයක් යනු කුමක්ද" එහි අත්‍යවශ්‍ය ලක්ෂණ" වර්ධනය හා පසුගිය දශකය තුළ ඇතිවූ තත්වයන් පිළීබඳව විමසා බලනු ඇත.


ප්‍රධාන ලක්ෂණ සංස්කරණය

  • ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජය විසින් නිකුත් කරණු ලබයි
  • භාණ්ඩාගාර බැඳුම්කර දිගු කාලීන රාජ්‍ය ණය සුරැකුම්පත් වර්ගයකි. මේවා වසර 2" 3" 4" 5" 6. 10" 15 හා 20 යන පරිනත කාල වලින් මේ දක්වා නිකුත්කොට තිබේ.
  • ගනු දෙනු කිරීමේදී මුදල් වර්ගය ලෙස ශ්‍රී ලංකා රුපියල් භාවිතා කරනු ලබයි
  • තරගකාරී ලංසු සහිත වෙන්දේසියක් මගින් නිකුත් කරනු ලබයි
  • ප්‍රාථමික අලෙවි කරුවන් විසින් ලංසු තබනු ලැබේ
  • භාණ්ඩාගාර බැඳුම්කර සඳහා අර්ධ වාර්ෂිකව ස්ථාවර පොළී අනුපාතයක් ගෙවනු ලැබේ. නිදසුනක් ලෙස ගත් කල" පොළි අනුපාතය 12% ක් යැයි සිතමු. ඒ අනුව රු100 ක නාමික අගයක් සඳහා වසරකට රුපියල් 12ක් පොළී මුදල ලෙස ලැබෙන අතර මෙය ආයෝජකයා හට ගෙවනු ලබන්නේ රු 6 බැගින් වූ වාරික දෙකකිනි.
  • ශ්‍රී ලංකා පුරවැසියන්ට හා විදේශ රටවල අරමුදල්, ශ්‍රී ලංකා සුරැකුම් හා විනිමය කොමිසම විසින් අනුමත කරන ලද අනෝන්‍ය අරමුදල් හෝ ප්‍රාදේශීය අරමුල්, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථා ගත කරන ලද සංස්ථාපිත ආයතන හා විදේශ රටවල පුරවැසියන් හට ආයෝජනය කල හැක. ශ්‍රී ලංකා පුරවැසියන් හට ආයොජනය කල හැකි බැදූම්කර ප්‍රමානය මත සීමාවක් නොමැති නමුත් නොපියවා ඇති සාම්ප්‍රධායික බැදූම්කර වල මු¿ එකතුවෙන් 5%ක ප්‍රමාණයක් විදේශ ආයොජකයන් සදහා වෙන් කර ඇත.
  • මූලික ලංසුව රු 5,000,000 ක් වන අතර සියලුම ලංසු රු 1,000,000 ගුණිතයන් විය යුතුය.
  • පොළී අනුපාතිකය වෙළදපොළ බලවේග මත තීරණය වන අතර ආයෝජන ඒකකයක අවම වටිනාකම රුපියලක් වේ.
  • ප්‍රාථමික නිකුතුවේ§ පොළී ආදායම මත 10% අදවා ගැනීමේ බද්දක් අය කරනු ලැබේ. මුද්දර බදූ වලින් නිදහස්ය.
  • පරිනත කාලය අවසානයේ § නාමික අගය ගෙවනු ලැබේ.
  • රජය විසින් ගෙවීමට නියමිත පොළිය හා නාමික අගය ගෙවීම පිළිබඳ අවිනිශ්චිතතාවයක් නොමැති වීම හේතුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර දිගුකාලීන අවදානම් විරහිත සුරැකුම්පත් ලෙස හදූන්වනු ලබයි.

බැඳූම්කරයක වැදගත් අංග සංස්කරණය

බැදූම්කර වෙළඳපොළ තුළ ආයෝජකයන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය කෙරෙහි බලපානු ලබන වැදගත් අංග ලක්ෂණ කිහිපයකි.

මුහුනත වටිනාකම සංස්කරණය

මුහුනත අගය හෙවත් නාමික අගය යනු භාණ්ඩාගාර බැදූම්තරයක් හෝ සාංගමික ණය කරයක් වෙනුවෙන් පරිණත කාලය අවසන් වීමේදී ඒවා නිකුත් කරන්නන් විසින් ගෙවීමට පොරොන්දූ වන මුදලයි. ඒ ඒ බැඳුම්කර වල මුහුනත අගයේ ප්‍රමාණය ඒවා නිකුත් කරන්නන් විසින් තීරණය කරනු ලබයි.

පොළී අනුපාතිකය සංස්කරණය

මෙහිී පොලී අනුපාතිකය යනුවෙන් අදහස් වන්නේ බැදූම්කර වල ආයෝජනය කරන්නෙකුට එම බැදූම්කරය කල් පිරෙන කාළය තෙක් ඒවා නිකුත් කරන්නන් විසින් ගෙවනු ලබන ස්ථාවර පොළී අනුපාතිකයයි.

කල්පිරීමේ දිනය සංස්කරණය

මෙහි ඇති වැදගත් ලක්ෂණයක් වන්නේ ඒවා නිශ්චිත පරිනත දිනයක් සහිතව නිකුත් කොට තිබීමයි. පරිනත දිනය යනු ඒවා නිකුත් කිරීමෙන් පසු නාමික අගය ආපසු ගෙවීමට බැඳී සිටින දිනයයි. බැඳුම්කර යනු දිගුකාලීන ණය සුරැකුක් වන බැවින් පරිණත කාලය වසරකට වඩා වැඩි වේ. අරමුදල් වල අවශ්‍යතාවය මත අදාල බැඳුම් කරන්නන් විසින් පරිණත කාලය තීරණය කරනු ලබයි.

බැඳූම්කරය හා බැඳූණු විකල්ප ප්‍රතිලාභයන් සංස්කරණය

මින් අදහස් කරනුයේ බැඳුම්කරයක් මිලදී ගැනීමේදී ඒ සමග භැදී පවතින අනිකුත් සුවිශේෂී ප්‍රතිලාභයන් හා වාසි දායක තත්වයන්ය. මෙය වූ කලී ආයෝජකයින් බැඳුම්කර වල ආයෝජනය කිරීම කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වන සාධකයකි. උදාහරනයක් ලෙස ජාතිය ගොඩනැගීමේ බැඳුම්කර සඳහා බදූ සහන සහිතව නවීන මෝටර් රථයක් ආනයනය කාරීමේ අවස්ථාව ලබාදීම පෙන්වා දිය හැක. මෙහිදී වාහනයේ වටිනාකම ආයෝජනය කරන ලද බැඳුම්කර වල වටිනාකමින් 20% ක් නොඉක්මවන්නේ නම් ඒ සඳහා අදාල වන බද්දෙන් 75% ක බදූ සහනයක් ලැබේ. එමෙන්ම සංවර්ධන බැදූම්කර සඳහා දෙදෙනෙකුගේ නමින් ආයෝජනය කිරීමට හැකිවීමද දැක්විය හැකිය. මේ අනුව පැහැදිලි වන්නේ ඉහතින් කරන ලද බැදූම්කරයක ඇතුලත් වන්නා වූ අංග ලක්ෂණ තුළින් ඒවා මිළදී ගැනීම පිළිබඳ වඩාත් කාර්යක්ෂම තීරණයකට එළබීමට අවශ්‍ය වන්නා වූත් අත්‍යවශ්‍ය වන්නාවූත් වැදගත් වූත් තොරතුරු ඉදිරිපත් කරන බවයි.


ප්‍රාථමික වෙළඳපොළ සංස්කරණය

රජය විසින් භාණ්ඩාගාර සුරැකුපත් මහ ජනතාවට අළෙවි කොට මුදල් ලබා ගන්නා වෙළෙඳපොළ ප්‍රාථමික වෙළෙඳපොළ ලෙස හදූන්වනු ලැෙබි. මෙම වෙළෙඳපොළේ දී ප්‍රාථමික අළෙවි කරුවන් හට බැඳුම්කර වෙන්දේසි ක්‍රමයට අළෙවි කරනු ලැබේ.

ප්‍රාථමික අළෙවිකරුවන් සංස්කරණය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රෘථමික වෙළඳපොළට සහභාගී වීම සඳහා අවසරය ලබා දී ඇති ආයතන ප්‍රාථමික අළෙවිකරුවන් ලෙස හැÈන්වේ. දැනට අනුමත ප්‍රාථමික අළෙවිකරුවන් 11ක් ඇත. එම ආයතන වන්නේ

  1. ලංකා බැංකුව
  2. කැපිටල් එලයන්ස් සමාගම
  3. සෙලින්කෝ ශ්‍රීරාම් සුරැකුම්පත් සමාගම
  4. කොමර්ෂල් බැංකුව
  5. ෆස්ට් කැපිටල් ටේ‍රෂරිස් සමාගම
  6. එච්. එන්. බී සුරැකුම්පත් සමාගම
  7. නැට්වෙල්ත් සුරැකුම්පත් සමාගම
  8. එන්. එස්. බී අරමුදල් කළමණාකරණ සමාගම
  9. මහජන බැංකුව
  10. සම්පත් සුරැකුම්පත් සමාගම
  11. සෙලාන් බැංකු වත්කම් කළමනාකරණ සමාගම

මෙම ප්‍රාථමික අළෙවිකරුවන්ගේ මූලික කාර්ය භාර්ය වන්නේ රාජ්‍ය ණය දෙපාර්තුමේන්තුව විසින් පවත්වනු ලබන ප්‍රාථමික වෙන්දේසි වලට සහභාගි වීමත් භාණ්ඩාගාර සුරැකුම්පත් සම්බන්ධයෙන් ද්විතීක වෙළඳපොළේ ගණු දෙණු කිරීමත්ය.

ප්‍රාථමික වෙන්දේසිය සංස්කරණය

රජය විසින් මහජනයාට රාජ්‍ය සුරැකුම්පත් අළෙවි කරන වෙන්දේසිය ප්‍රාථමික වෙන්දේසිය ලෙස හැදිනවේ. රජයේ මුදල් අවශ්‍යතාවය මත මසකට තුන් හෝ හතර වතාවක් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පවත්වනු ලැබේ. වෙන්දේසි නිවේදනය" වෙන්දේසි දිනයට අවම වශයෙන් දින දෙකකට පෙර ප්‍රධාන පුවත්පත් වල පළ කරයි. ප්‍රාථමික වෙන්දේසිය තුළින් බැඳුම්කර මිලයට ගැනීමට බලාපොරොත්තු වන සෑම ආයෝජකයෙක්ම තමන්ගේ ලංසු ප්‍රාථමික අලෙවිකරුවෙකු මගින් වෙන්දේසි දිනයේ පෙ.ව 11 ට පෙර මහ බැංකුවට ඉදිරිපත් කළ යුතුය. ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් ඉÈරිපත් කරණ ලංසුවක අවමය රු.මි. 5 ක් ද ලංසුව එම ප්‍රමාණය ඉක්මවන විට එම ඉක්මවන ප්‍රමාණයන් රු. මිලියනයේ ගුණිතයන් විය යුතුය. මහ බැංකුව විසින් ලංසු පිළිගනු ලබන්නේ අවරෝහන ක්‍රමයටය. එනම් වෙන්දේසියට ඉÈරිපත් කරණ සුරැකුම්පත් සඳහා ලැබෙන ඉහලම ලංසුවේ සිට රජය ලබා ගැනීමට කැමති මුදල් ප්‍රමාණයක් දක්වා ලංසු පිළිගනු ලැබේ. මෙම වෙන්දේසි ක්‍රමය බහුමිල වෙන්දේසියක් වශයෙන් හදූන්වනු ලැබේ. එනම් පිළිගනු ලැබූ ලංසු වලට ලැබෙන මිල එම ලංසුව විසින් ඉÈරිපත් කල මිලයි. ඒ අනුව එක් එක් ආයෝජකයාට බැදූම්කර සඳහා ගෙවීමට සිදූවන්නේ විවිධ මිලයන් හෙවත් තමා විසින් ලසුවට ඉදිරිපත් කරන ලද මිලයි. වෙන්දේසියේ සාර්ථක වූ ලංසු කරුවන්ට එු බව නියමිත කාලයේ සිට පැය දෙකක් ඇතුලත දැනුම් දෙනු ලැබේ. වෙන්දේසියේ ප්‍රතිඵල වෙන්දේසියට පසු දින ප්‍රධාන පුවත් පත්වල පළ කරයි. සාර්ථක ලංසු කරුවන් විසින් තම මිලයට ගැනීම සඳහා මුදල් වෙන්දේසි දින සිට දින 2ක් ඇතුලත ගෙවිය යුතුය.


ද්වීතික වෙළඳපොළ සංස්කරණය

ප්‍රාථමික වෙන්දේසියෙන් පසු ව ඒවා ආයෝජකයන් අතර ඒවා ගනුදෙනු කිරීම ද්වීතික වෙළඳපොළේ සිදූවේ. එනම් සාමාන්‍ය ජනතාව බැදූම්කර වෙළඳපොළ හා සම්බන්ධ වන්නේ ද්වීතික වෙළඳපොළ හරහාය.

ද්වීතික වෙළඳපොළ සහභාගිකරුවන් සංස්කරණය

ද්වීතික වෙළඳපොලේ ගනුදෙනු කළ හැක්කේ මහ බැංකුව අනුමත කර ඇති ආයතන මාර්ගයෙන් පමණි. මහ බැංකුව විසින් මේ සඳහා ප්‍රාථමික අළෙවිකරණ ආයතන 11 ට අමතරව බලපත්‍රලාභී වානිජ බැංකු 23 ක් පත්කොට ඇත. ඒ අනුව ද්වීතීක වෙළඳපොළ සඳහා සහභාගිකරුවන් 34 දෙනෙකු අනුමැතිය ලබා සිටී. මීට පෙර '4.1 ප්‍රාථමික අළෙවිකරුවන් ' යන මාතෘකාව යටතේ ප්‍රාථමික අළෙවිකරණ ආයතන 11 දත්වා ඇති අතර ද්වීතීක වෙළඳපොළ සහභාගිකරුවන් පහත දැක්වේ.

  • ලංකා බැංකුව
  • සිටි බැංකුව
  • කොමර්ෂල් බැංකුව
  • ඩොයිෂ් බැංකුව
  • ඩී.එෆ්.සී.සී වර්ධන බැංකුව
  • හබීබ් බැංකුව
  • හැටන් නැෂනල් බැංකුව
  • හොංකොං සහ ෂැංහයි බැංකුව
  • අයි.සී.අයි.සී.අයි බැංකුව
  • ඉන්දියානු බැංකුව
  • ඉන්දියානු ඕවර්සීස් බැංකුව
  • එම්.සී.බී බැංකුව
  • ජාතික සංවර්ධන බැංකුව
  • නේෂන් ට්‍රස්ට් බැංකුව
  • පෑන් ඒෂියා බැංකුව
  • ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව
  • ඉන්දියානු රාජ්‍ය බැංකුව
  • යූනියන් බැංකුව

ආයෝජකයන් හට මෙම ආයතන මගින් බැඳුම්කර මිලදී ගැනීමට හෝ විකිනීම සිදූ කළ හැක.

ද්වීතීක වෙළඳපොළේ මිළ හා ඵලදා අනුපාතිකයන් සංස්කරණය

බැඳුම්කර සඳහා ද්‍රවශීල වෙළඳපොළක් පවත්වාගෙන යාම සඳහා ප්‍රාථමික අළෙවි කරුවන් හට විශාල වගකීමක් පවතී. ඒ සඳහා ඔවුන් ආයෝජකයින් ගෙන් බැඳුම්කර මිල§ ගැනීම හා විකීනීම සිදූකළ යුතුය. එසේ විකිනීමට සූදානම් මිළ විකුණුම් මිළ වශයෙන්ද ම්ළදී ගැනීමට සූදානම් මිළ ගැණුම් මිළ වශයෙන්ද හැසින්වේ. මෙම ගැනුම් හා විකුණුම් මිළයන් දෛනිකව දැක්වීමට ප්‍රාථමික අළෙවිකරුවෝ බැඳී සිටිති. මෙම මිළයන් දෙපැති මිළයන් වශයෙන් හැදින්වේ.

ඵලදා වක්‍රය සංස්කරණය

මෙමගින් දැක්වෙනුයේ කිසියම් දිනයක පවතින මිළ ගණන් අනුව විවිධ පරිණත කාළ සහිත බැඳූම්කර ආයෝජකයෙකු විසින් මිල§ ගෙන එය පරිණතිය තෙක් තබා ගතහොත් ඔහුට අපේක්ෂා කළ හැකි ප්‍රතිලාභය දැක්වෙන වක්‍රයයි. මූලික වශයෙන් ආරෝහන" අවරෝහන හා සමතල ඵලදා වක්‍ර දැකියහැකිවේ.

භාණ්ඩාගාර බැඳූම්කර වෙළඳපොළේ ප්‍රවනතා සංස්කරණය

  • 1997 - වසර 2-6 පරිනත කාළයකින් යුතු බැඳූම්කර නිකුත් කිරීම.
  • 1997 - ප්‍රාථමික වෙළෙන්ඳන් හට ප්‍රාථමික වෙන්දේසියට ප්‍රවේශ වීමට අවසර ලැබීම.
  • 1998 - මහ බැංකුව විසින් අමතර ගනු දෙණු මාධ්‍යයක් වශයෙන් භාණ්ඩාගාර බැඳූම්කර පිළිගනු ලැබීය.
  • 1998 - ඉලෙක්ට්‍රොනික ලංසු තැබීමේ ක්‍රමය හඳූන්වාදෙනු ලැබීය.
  • 1998 - ද්‍රවශීල වත්කමක් ලෙස භාණ්ඩාගාර බැඳූම්කර පිළිගනු ලැබීය.
  • 1998 - ‘Jumbo Issues ’ ක්‍රමය හඳූන්වාදෙනු ලැබීය.
  • 1999 - කල්පිරීමේ කාලය වසර 6 දක්වා දීර්ගකරනු ලැබීය.
  • 2000 - භාණ්ඩාගාර බැඳූම්කර ‘Call option’ සමග නිකුත් කරන ලදී.
  • 2003 - භාණ්ඩාගාර බැඳූම්කර වල කල් පිරීමේ කාලය වසර 10" 15 හා 20 වශයෙන් නිකුත් කරන ලදී.
  • 2003 - Bloomberg බැඳූම්කර වෙළඳාම් කිරීමේ ක්‍රමය ප්‍රාථමික වෙළෙන්ඳන් හට හඳූන්වාදෙන ල§.
  • 2004 - රජය විසින් Scripless Securities Settlement (SSS) ක්‍රමය හා Central Depository System (CDS) හඳූන්වා දෙනු ලදී.
  • 2005 - මිළ දර්ශකයට අදාල භාණ්ඩාගාර බැඳූම්කර නිකුත් කරනු ලැබීය.
  • 2006 - විදේශ ආයෝජකයන් සඳහා බැඳූම්කර වෙළඳපොළ විවෘත්ත කරණ ලදී ( නොපියවා ඇති සාම්ප්‍රධායික බැදූම්කර වල මුළු එකතුවෙන් 5%ක ප්‍රමාණයක් )


මෙම දශකය භාණ්ඩාගාර බැඳූම්කර වෙළඳපොළ සඳහා සුවිශේෂී දශකයක් විය. එනම් භාණ්ඩාගාර බැඳූම්කර වෙළඳපොළ තුළ සිදූ වූ බොහෝ වෙනස්කම් මෙම දශකය තුළ ඇති විය. වසර 2-6 පරිණත කාළයකින් යුත් භාණ්ඩාගාර බැඳූම්කර පළමුවෙන් හඳූන්වා දූන්නද 2001 වර්ෂය වන විට එුවායේ පරිණත කාළය වසර 2-3 ට සීමා විය නමුත් 2003 වර්ෂයේ§ නැවතත් පර්නත කාළය වසර 20 දක්වා දීර්ඝ කරණු ලැබීය.

2001 වර්ෂයේදී සංවර්ධන බැඳූම්කර හදූන්වා දීම තවත් සුවිශේෂී කඩඉමක් ලෙස දැක්විය හැක. මේ හරහා විදේශ ආයෝජන මෙරටට ආකර්ශනය කර ගැනීමට හැකි වන අතර ප්‍රාග්ධන වෙළඳපොළෙහි ශක්තිමත් භාවයට එය ඉවහල් වේ.

අන්තර් බැංකු ගෙවීම් හා පියවීම් සඳහා පහසුකම් සැපයීම හා ලංකා සෙට්ල් පද්දතිය හදූන්වා දීමෙන් 2003-2004 වර්ෂ වල§ භාණ්ඩාගාර බැඳූම්කර වෙළඳපොළ වඩාත් කාර්යක්ෂම ලෙස වර්ධනය කරනු ලැබීය. එමෙන්ම පත්‍රිකා රහිත සුරැකුම්පත් පියවීමේ පද්දතියක් හදූන්වා §මත් සමග භාණ්ඩාගාර බැඳූම්කර වෙළඳපොළ පරිගනක ගත කරනු ලැබීමෙන් වඩාත් කාර්යක්ෂම විය. 2005 දී ප්‍රථම වරට රාජ්‍ය බැංකු විසින් රජයට දී ඇති බැංකු අයිරා පහසුකම් භාණ්ඩාගාර බැඳූම්කර බවට හැරවීමේ ක්‍රියාවලිය තුළ තුන් අවුරුදූ කල් පිරීමේ කාළයක් සහිත මිළ දර්ශනය හා බැඳි බැඳූම්කර රජය විසින් නිකුත් කිරීමයි.


භාණ්ඩාගාර බැඳූම්කරවල ආයෝජන අවදානම සංස්කරණය

භාණ්ඩාගාර බැඳූම්කර අවදානම් විරහිත වත්කමක් ලෙසින් හඳූන්වනු ලබයි. එසේ පවසනුයේ රජය විසින් ගෙවීමට පොරොන්දූ වන පොළී අනුපාතය හා නාමික අගය ගෙවීම පිළිබඳව අවිනිශ්චිත තාවයක් නොමැති වීමයි. එනම් භාණ්ඩාගාර බැඳූම්කර සම්බන්ධයෙන් ණ්‍ය අවදානමක් හෙවත් ණය පැහැර හැරීමේ අවදානමක් නැත. එනමුත් භාණ්ඩාගාර බැඳූම්කරවල ආයෝජනය සම්බන්ධයෙන් අවදානම් කිහිපයක්ම දක්නට ලැබේ.

පොළී අනුපාතික අවදානම සංස්කරණය

පොළී අනුපාතික අවදානම හෙවත් වෙළඳපොළ අවදානම වශයෙන් හදූන්වනු ලබන්නේ අනාගතයේ පොළී අනුපාත ඉහල යාම හේතුවෙන් භාණ්ඩාගාර බැඳූම්කරවල මිළ පහළ යාමේ අවධානමයි.

ප්‍රති ආයෝජන අවදානම සංස්කරණය

මින් අදහස් වන්නේ අනාගතයේ ලැබෙන පොළී මුදල් නැවත ආයොජනය කල හැකි පොළී අනුපාතිකය පහත බැසීමයි.

උද්ධමන අවදානම සංස්කරණය

අනාගත සත්‍ය උද්ධමනය ආයෝජනය කරණ අවස්ථාවේ අපේක්ෂා කළ උද්ධමනයට වඩා වැඩිවීම හේතුවෙන් අපේක්ෂිත පොළී හා පරිනත අගයේ මූර්ත වටිනාකම අඩුවීම උද්ධමන අවදානම නම් වේ.

ද්‍රවශීලතා අවදානම සංස්කරණය

ද්‍රවශීලතා අවදානම යනු භාණ්ඩාගාර බැඳූම්කර පවතින වෙළඳ මිලට ආසන්න මිලකට ඉක්මනින් විකිණීමට නොහැකි වීමේ අවදානමයි.


සමාලෝචනය සංස්කරණය

මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙය වීමේ වැදගත් උපකරණයක් මෙන්ම අරමුදල් රැස්කර ගැනීමේ මූලාශ්‍රයක් ලෙසද බැඳූම්කර වෙළඳපොළ මූල්‍ය වෙළඳපොළ තුළ අද්විතීය ස්ථානයක් හිමිකරගෙන ඇත. රජයේ අයවැය ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැණීමේ අරමුණින් යුතුව 1997 දී හඳූන්වා දූන් භාණ්ඩාගාර බැඳූම්කර මේ වන විටත් වෙළඳපොළ තුළ ජනප්‍රිය තාවයක් අත්පතකොට ගෙන ඇත. මෙකී වැදගත්කම හේතු කොට ගෙන මෙම වෙළඳපොළ සංවර්ධනය කිරීමේ පියවර රාශියක් මේ වන විට රජය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අතරින් යටිතල පහසුකම් සංවර්ධනය" ප්‍රාථමික හා ද්වීතීක වෙළඳපොළ සංවර්ධනය කිරීම" ශක්තිමත් නීතිමය රාමුවක් ගොඩ නැගීම වැදගත්වේ.

කෙසේ වෙතත් භාණ්ඩාගාර බැඳූම්කර සඳහා වන ක්‍රියාකාරී වෙළපොළට සාපේක්ෂව සාංගමික බැඳූම්කර වෙළඳපොළ ඌන සංවර්ධන අදියරක පවතින බව පෙනී යයි. නමුත් පෞද්ගලික අංශයේ සමාගම් සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට බැංකු පද්ධතිය හා ප්‍රාග්ධන වෙළඳපොළ මත වන ඉහළ රැදියාව බැඳූම්කර වෙළඳපොළ දෙසට යොමු කිරීමේ වැදගත්කම රජය විසින් තේරුම් ගෙන ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. මේ ආකාරයට බැඳූම්කර වෙළඳපොළ වඩාත් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගැනීම තුළ අදට වඩා දියුණු වූ බැඳූම්කර වෙළඳපොළක් අනාගතයේ ශ්‍රී ලංකාව තුළ දැකගත හැකි වනු ඇත.

ආශ්‍රිත ග්‍රන්ථ සංස්කරණය

  • තක්ෂිලා කුමාරි: මූල්‍ය වෙළඳපොළ හැ¢න්වීම,ආර්ථික විමසුම 2003 අප්‍රේල් ජූනි
  • ප්‍රනාන්දූ වින්සන්ට් මර්වින්: ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිසංස්කරණ හා භාණ්ඩාගාර බැඳූම්කර ආර්ථික විමසුම 1997 දෙසැම්බර්
  • සමරකෝන් ලලිත්: ශී්‍ර ලංකාවේ මූලය වෙළඳපොළ 2009 ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව
  • Siriwardana C.J.P : Bond market development in Sri Lanka pdf file
  • www.cbsl.gov.lk