කැනේඩියානු සාහිත්‍යය

කැනේඩියානු සාහිත්‍යය පිළිබඳව විවේචනයන් නාභිගත වී ඇත්තේ ජාතිවාදී හා ප්‍රාදේශීය තේමාවන් මතය. රට තුළ නිර්මාණය වුණු සාහිත්‍යයේ සංකීර්ණත්වය අගය කිරීම මින් තෘප්ත වන අතර කැනේඩියානු සාහිත්‍යය මනෝ විද්‍යාත්මක සම්භවයක් සහිත බවට හැඟීමක් ජනිත කිරීමට උපකාරී විය.

අන් සෑම ජාතික ජනපදවල සාහිත්‍ය සේම කැනේඩියානු සාහිත්‍යය ද එහි සමාජ දේශපාලනමය ව්‍යුහයේ බලපෑමට ලක් වී ඇත. කැනේඩියානු ලේඛකයන් සියළු ආකාරයේ ලේඛණ ඉදිරිපත් කොට ඇත. ලේඛකයන් මත ඓතිහාසික හා භූ විද්‍යාත්මක බලපෑම විශාලය‍.

කැනඩාවේ ප්‍රමුඛ සංස්කෘතීන් වන්නේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශ සංස්කෘතීන්ය. තවදුරටත් කැනඩාවට බහු වාර්ගික ස්වදේශීය ජනතාවගේ හා ජාත්‍යන්තර ආගමනයේ මෑත දශකවල බලපෑම ඉතා ප්‍රබලය.

කැනේඩියානු සංස්කෘතිය සම්පිණ්ඩනය කොට Canlit ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ.

කැනේඩියානු සාහිත්‍යයේ ස්වරූපයන් සංස්කරණය

කැනේඩියානු සාහිත්‍යයට අදාල වු විශේෂ ලක්ෂණ කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

නීශ්චිත තේමාවක් නොමැති වීම - කැනේඩියානු සාහිත්‍ය නිර්මාණ බොහෝමයක් තුළ නිශ්චිත ඵලදායි තේමාවක් දක්නට නොමැත. උදාහරණයක් වශයෙන් තිමොති ෆින්ඩලිගේ (Thimothy Findley) Not wanted on the Uoyage කෘතයෙහි සහ ඈන් හර්බට්ගේ (Anne herbet) Lamauraska කෘතියයි
හාස්‍යය - වැදගත් විෂය කරුණු බොහෝසයක් හාස්‍ය මුසුකොට ඉදිරිපත් කර ඇත.
සුළු වශයෙන් ඇමරිකානුවාදයට විරුද්ධව කරැණු ඉදිරිපත් කිරීම - උපහාසාත්මක ආකාරයෙන් බොහෝ අවස්ථාවලදී ඇමෙරිකානු වාදයට විරුද්ධව කෘතින් නිර්මාණයකර තිබුණද සමහර අවස්ථාවලදි ද්වේශ සහගත ආකාරයෙන් කරුණු ඉදිරිපත් කර ඇත.
බහු සංස්කෘතික වාදය - දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව බොහෝ රචකයන් තම සාහිත්‍ය කෘතින් වල තේමාව ලෙස බහුසංස්කෘතිකවාදයට උපයෝගී කර ගත්හ. උදාහරණ වශයෙන් Apprenticeship of Duddy Krauitz රචනා කළ මාර්ඩේසිා රිච්ලර් (Mardecia Ricler) දැක්විය හැකිය.
ස්වභාව ධර්මයා සහ මනුෂ්‍යයා අතර ඇති සටන - කැනේඩියානු සාහිත්‍යයේ ස්වභාව ධර්මයා පිළිබදව බොහෝ සෙයින් විස්තර කර ඇත. ස්වභාව ධර්මයා විටෙක සතුරකු ලෙසත් තවත් විටෙක දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් ලෙසත් විස්තර කර ඇත.
උපනාසය සහ ව්‍යංගාර්ථය - කැනේඩියානු සාහිත්‍යයේ ප්‍රධානතම අගයක් වේ.
තම අනන්‍යාතවය සෙවීම - පුද්ගල අනන්‍යතාව සෙවිම යන තේමාව කැනේඩියානු රචකයන් බොහොමයක්ම තේමාව ලෙස යොදා ගත්හ. රොබට්සන් ඩේවිස්ගේ (Robertson Davies) Fifth Bunsess වන කෘතිය මෙයට හොද නිදසුනකි.
පීඩිත පුද්ගලයා විරයා බවට පත්වීම - පීඩිත සාමාන්‍ය පවුලකින් පැවත එන පුද්ගලයෙකු සංස්ථාවකින් බැංකුවකින් ධනපති ව්‍යාපාරකයකුගෙන් හෝ ස්වභාවික ව්‍යවසයකින් පැමිණෙන උවදුරු වලිනි මිදි අවසනායේ එම අභියෝග ජයගත් විරයා බවට පත්වන අකාරය මෙම කෘති වලින් වෙන්වා දී ඇත.
නගරය එරෙහි හම - පීඩිත පුද්ගලයා විරයා බවට පත්වන තේමාව සහිත කෘතින් වල මෙම තේමාව දක්නට ලබෙන අතර මෙහි දී පීඩිත පුද්ගලයන් ගම්මාන ප්‍රදේශවලින් පැමිණෙන සාමාන්‍ය පුද්ගලයන් වන අතර ඔවුන් නගර පුරවැසියන්ට වඩා සදාචාර සම්පන්න වේ.
ගොනුව:Davies.jpg
කැනේඩියානු කතෘය රොබට්සන් ඩේවිඩ්සන්. ප්‍රසිද්ධ Fifth Business හි අඩංගු The Deptford Trilogy හි කතෘය.

කැනේඩියානු සාහිත්‍යය ඉංග්‍රිසි බසින් හෝ ප්‍රංශ බසින් ලියන ලද වුවද බලකොටු මානසිකත්වය හා බැදුණු

(1) ස්වභාවය ධර්මය
(2) දේශසිමාවන් හි ජීවිතය
(3) ලෝකය තුල කැනඩාවේ තබය වැනි කරුණු කෙරෙහි කැනේඩියානු ද්‍රශ්ටිය පිළිබිඹු කරයි.

- කැනේඩියානු කර්තෘවරුන් බොහෝ විට මහජනයාගේ ජීවිත කෙරෙහි දේශගුණය හා භූගෝලයේ බලපෑම අවධාරණය කරති.

- බොහෝ කර්තෘවරුන් කැනඩාව හරහා බටහිර දෙසට ගමන් කිරිමට කැදවිමක් කරමින් දේශසිමාවන් හි ජීවිතය සංස්කෘතික මිථ්‍යාවක් ලෙස නිරන්තරයෙන් නිරික්ෂණය කරති.

- බොහෝ කැනේඩියානු ලේඛකයන් ලෝකය තුල කැනඩාවේ තත්ත්වය පිළිබද ආවර්ජනය කරති. තමන් ඉංග්‍රිසි බස කථා කරන අසල් වැසියන් විසින් වට කර ඇති බවත් . ප්‍රංශ කැනේඩියානුවන්ට බොහෝ විට හැඟෙති. ඔවුහු සිය ආයතනය හා සංස්කෘතිය අධික්ෂණ ශිලිව ආරක්ෂා කරති. ඒ හා සමානවම ඉංග්‍රිසි ජාතික කැනේඩියානුවන් තමන් ඇමරිකානු එක්සත් ජනපද ජනතාව හා සංස්කෘතිය විසින් වටකරනු ලැබ ඇතැයි බොහෝ විට හගිති. කැනේඩියානුවන් ලේඛකයින් එවැනි ගැටලු කෙරෙහි දක්වන ආකල්පය බොහෝ නවකථා හා කාව්‍යයන්ගෙන් නිරූපනය වේ.

කැනේඩියානු සාහිත්‍යයට අදාල වු විශේෂ ලක්ෂණ සංස්කරණය

කැනේඩියානු සාහිත්‍යය ඉංග්‍රිසි හෝ ප්‍රංශ භා‍ෂාවෙන් ලියැවුණත්, බොහෝ විට ආරක්ෂක හමුදාවන්ගේ මානසිකත්වය හා එකට ඇඳුණු 3 ක් වන (1) ස්වභාධර්මය (2) ප්‍රාන්ත ජිවිතය (3) කැනඩාවේ ලෝකයේ හිමි ස්ථානය සහ දෘෂ්ඨිකෝණ‍යන් පිළිබිඹු වේ. බොහෝ විශිෂ්ඨ ලේඛකයන් ජනවාර්ගික ජීවිතය ඉලක්ක කර තිබෙන බැවින්, කැනේඩියානු ජන වර්ගයන් සහ සංස්කෘතික විවිධත්වය හොදින් සාහිත්‍ය තුලින් නිරූපනය වේ.

කැනේඩියානු කතුවරයන් ‍බොහෝ විට මිනිසුන්ගේ ජිවිත කෙරෙහි භුගෝලිය දේශගුණික බලපෑම අවදාරණය කරනු ලබයි.

බටහිර දේශ සිමාවන් හරහා කැනඩා ප්‍රාන්ත ජිවිත තුළ නිරන්තරයෙන්ම සංස්කෘතික මිත්‍යාවන් උපදවන බව බොහෝ ලේඛකයින් ප්‍රකාශ කර තිබේ. අනෙක් ලේඛනය වන්නේ ධිවරයාගේ ජීවිතය යන කථාන්දරය, ආක්ටික් හි නිතර විශාල පුළුල් විම නිසා සැමදා විද්‍චාන් උතුරු ප්‍රාන්තය භාවිතා වේ.

බොහෝ කැනේඩියානු ‍ෙල්ඛකයන් ලෝකය තුළ කැනඩාවේ ස්ථාන තුලින් පිළිබිඹු වේ. ප්‍රංශ කැනේඩියානුවන් බොහෝ විට ඉංග්‍රිසි කථාකරන අසල්වැසියන්ගේන් වටවී ඇති බව හැගේ. ඔවුන් දැඩි අපේක්ෂාවෙන් ඔවුන්ගේ ආයතන සහ සංස්කෘතිය ආරක්ෂා කරයි. එසේම බොහෝ විට ඉංග්‍රිසි කැනේඩියානුවන් ඇමරිකානු ජනතාව සහ සංස්කෘතියෙන් වටවු බවක් හැගේ. බොහෝ නවකතා සහ කවි තුලින් මෙවැනි ප්‍රශ්න පිලිබද කැනේඩියානු ලේඛකයින් සැලකිලිමත් බව පෙන්නුම් කරනු ලබයි.

සැළකිය යුතු චරිත සංස්කරණය

කැනඩාව නිල වශයෙන් රටක් ලෙස ප්‍රකාශයට පත් වූයේ 1867 ජුලි 1 වැනි දිනයි. එදිනට කලින් එහි තිබුණු සාහිත්‍යය යටත් විජිත යුගයට අයිති යැයි තර්ක කරනු ලැබේ. උදාහරණයක් වශයෙන් සුසානා මූඩි සහ කැතරින් පාර් ට්‍රේල් නැමැති ඉංග්‍රිසි ජාතික සොයුරියන් දෙදෙනා 1832 වර්ෂයේදී ඔවුන්ගේ රට වශයෙන් කැනඩාව තෝරා ගෙන එහි ගොස් පුරෝගාමින් වශයෙන් ඔවුන්ගේ අත් දැකීම්, මූඩි විසින් Roughing it in the bush (1852) සහ life in the Claering (1853) කෘති වලින්ද පාර් ට්‍රේල් විසින් The backwoods of Canada (1836) සහ Canadian crusoes (1852) කෘති වලින්ද එළි දැක්වූහ. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ඔවුන් ජීවත්ව සිටි කාලය පුරාම ලේඛණයෙහි යෙදුනු අතර ඔවුන්ගේ පොත් බොහෝ විට විෂම කැනේඩියානු සමාජය සමග ගැටුනේය. මෙම තේමාවන් මාග්‍රට් ඇට්වුඩ් ගේ Survival වැනි කෘතිවල මෙන්ම අනෙකුත් කැනේඩියානු කෘතිවලද නැවත පල විය. මූඩි සහ පාර් ට්‍රේල් ගේ සොයුරිය වූ ඇග්නස් ස්ට්‍රික්ලන්ඩ් එංගලන්තයේම රැඳි සිටි අතර අලංකාර රාජකීය චරිත කථා ලියමින් කැනේඩියානු සහ ඉංග්‍රිසි සාහිත්‍යය අතර පැහැදිලි වෙනසක් නිර්මාණය කළාය.

කැනේඩියානු සාහිත්‍ය වංශයේ මුල් කාලීන ලේඛකයන්ගේ කෙනෙකු ලෙස තෝමස් චැන්ඩ්ලර් හැලිබර්ටන් (1796-1865) ගේ නම සඳහන් වේ. කැනඩාව නිල වශයෙන් වෙනම රටක් ලෙස ප්‍රකාශ වීමට වර්ෂ දෙකකට පෙර ඔහු මිය ගියේය. ඔහු ප්‍රසිද්ධියට පත් වන්නේ ඔහු විසින් නිර්මාණය කළ ‘සෑම් ස්ලික්’ නම් විකට චරිත තුලිනි. එම චරිතය The Clockmaker සහ තවත් විකට කෘතින් කීපයකම හැලිබර්ටන්ගේ ජීවිත කාළය පුරාම නිරූපණය කෙරුණේය.

අන්තර්ජාතික වශයෙන් දන්නා ජීවමානව සිටින කැනේඩියානු සාර්ථක නවකථා කාරියක කිවිඳියක සහ විචාරිකාවක් වන්නේ මාර්ගර්ට් ඇට්වුස්ය.

මෙම කණ්ඩායමද, ඉංග්‍රිසි බසින් කෙටිකථා රචනය කළ හොඳම ජීවමාන ලේඛකයා ලෙස හඳුන්වනු ලැබු ඇලිස් මුන් රෝද, කැනේඩියානු සාහිත්‍යය නගා සිටුවා ලෝකයට බෙදා හරින ලද පළමු පුද්ගලයෝ වූහ. පශ්චාත් යුද සමයෙන් පසු ගත වුනු දශක කිහිපය තුල සෑම අවුරුද්දකම කැනඩාව තුල පලවූයේ සාහිත්‍යමය වටිනා කමින් යුත් ප්‍රකාශන අතලොස්සකි. කැනේඩියානු සාහිත්‍යය, බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකානු සාහිත්‍යයේම කොටසක් යනුවෙන්ද සළකනු ලැබිණ.

නිෂ්පාදනය කරන ලද දේවල් වලින් බොහොමයක් කැනේඩියානු ඉතිහාසය, එළිමහන, සතුන් නැතහොත් සිදු වීම්, වැනි විශේෂ වූ ගතිගුණ ඇති කැනේඩියානු ගති ලක්ෂණ සමග සම්බන්ධ වූයේය. මෙම සම්ප්‍රදායට විරුද්ධ ප්‍රතික්‍රියාවක් වූ ලෙනාර්ඩ් කොහෙන්ගේ නවකථාවක් වූ Beautiful loser (1966) නැමැති කෘතිය එක් විචාරකයෙකු විසින් නම් කරන ලද්දේ ‘කැනඩාවේ එතෙක් ලියැවුනු අතිශය පිළිකුල් සහගත කෘතිය’ ලෙසිනි.

කැනේඩියානුවන් විසින් කියවන ලද බොහොමයක් පොත් බ්‍රිතාන්‍යයේ හෝ ඇමෙරිකාවේ ලියන ලද ඒවාය. කැනේඩියානු පාසැල්වල සහ විශ්වවිද්‍යාල වල උගන්වන්නේ ද විදේශීය දේවල්ය.

කැනේඩියානු කවියෙකු වූ ලෙනාර්ඩ් කොහෙන් සමහර විට බොහෝ ප්‍රසිද්ධ ගැමි ගී ගායකයෙකු මෙන්ම ගීත රචකයෙකු වූයේය.

20 -21 වැනි ශතවර්ෂයේ අවසාන භාගයේදී සංස්කරණය

දෙවන ලෝක යුද්ධයෙන් පසුව මැවිස් ගැලන්ට්, මොර්ඩ්සියා රිච්ලර්, නෝර්මෑන් ලෙවින්, මාර්ගරට් ලෝරන්ස් සහ අර්වින් ලේටන් වැනි කතුවරුන් විසින් කැනේඩියානු සාහිත්‍යයේ පෙර දක්නට නොලැබුණු කොටස් වලට නව බලපෑමක් ඇති කරනු ලැබූහ. මෙම අභාෂය, පළමුව පුළුල් වශයෙන් අගය කිරීමක් සිදු නොවිණි. උදාහරණයක් ලෙස නෝර්මෑන් ලෙවින්ගේ "කැනඩා මේඩ් මි" නම් කෘතියෙහි රට පිළිබඳ අප්‍රසන්න අර්ථ විවරනයක් දක්වා ඇති අතර, එය පුළුල් වශයෙන් නිෂ්ප්‍රභා කෙරිණ.

1967 න් පසුව රටෙහි ශතසංවත්සරික වසර තුළ රජය මඟින්, ප්‍රකාශකයින්ගේ ප්‍රතිපාදන වැඩි කල අතර,එයින් පසු කුඩා පරිමාණයේ මුද්‍රණාල බොහොමයක් රට තුල ව්‍යාප්ත විය.

1970 අග භාගයේදී විද්‍යා ප්‍රබන්ධ ලෝලියෙකු හා කැනෙඩියානු සාහිත්‍යයේ පඬිවරයෙකු වූ සූසන් වුඩ් විද්‍යා ප්‍රබන්ධ මත දරන්නන්ට පුරෝගාමීව උපකාර කළ අතර (සංක්‍රමනික සංස්කාරක කර්තෘ ජුඩිත් මෙරිල් සමඟින් ) කැනේඩියානු විද්‍යා ප්‍රබන්ධයන්ට නව ගරුත්වයක් එක් කළේය. මෙමඟින් ප්‍රංශ-කැනේඩියානු විද්‍යා ප්‍රබන්ධ සඟරාවක් වූ "සෝලාරිස්" වැනි සංසිද්ධි ඇති වීමේ හැකියාව දුරස් විය.

1990 වන විට ලෝකයේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍යයන් අතරට කැනේඩියානු සාහිත්‍යයද එක්විය

කැනේඩියානු කර්තෘවරු අන්තර්ජාතික ත්‍යාගයන් පවා ලබා ගෙන තිබේ.

  • 1992 දී, මයිකල් ඔන්ඩච්ඡේගේ "ද ඉන්ග්ලිෂ් පේෂන්ට්" කෘතියට "බුකර්" සම්මානය හිමි විය. මෙම සම්මානය ලැබු පළමු කැනේඩියානු ජාතිකයා මොහු විය.
  • බුකර් සම්මානය, 2000 වර්ෂයේදී "ද බ්ල්යින්ඩ් ඇසසින්" වෙනුවෙන් ඇට්වුඩ් විසින්ද, 2002 වර්ෂයේදී "ලයිෆ් ඔෆ් පයි" වෙනුවෙන් යාන් මාට්ල් විසින්ද දිනා ගනු ලැබුහ.
  • 2001 දී IMPAC සම්මානය "නෝ ග්‍රේට් මිස්චීෆ්" කෘතිය වෙනුවෙන් ඇලිස්ටයර් මැක්ලෝයිඩ් විසින් දිනා ගන්නා ලදී.
  • 1995 වර්ෂයේදී කැරල් ශීල්ඩ් විසින් "ද ස්ටෝන් ඩයරිස්" වෙනුවෙන් "පුලිට්සර්" සම්මානයද, ඇයගේ "ලැරීස් පාර්ටි" වෙනුවෙන් 1998 දී “ඔරේන්ජ්” සම්මානය ද දිනා ගත්තාය.
  • ඩග්ලස් කූප්ලන්ඩ් ද ඔහුගේ කාර්යයන්හීදී අති සාර්ථකත්වයක්ද ලබා තිබේ. ඔහුගේ විශේෂ කෘතියක් ලෙස “ටේල්ස් ෆො ඇන් ඇක්ස්සෙලරේටඩ් කල්චර් (Tales for an Accelerated Culture)” පෙනවා දිය හැකිය.

ලේඛණ කලාව සඳහා ත්‍යාගයන් සංස්කරණය

සාහිත්‍ය සඳහා සැළකිය යුතු කැනේඩියානු ත්‍යාග සංඛ්‍යාවක් තිබේ.

අත්ලාන්තික් කලාපය පුරා ලේඛකයින්ගේ දක්ෂතා ඉස්මතු කරන්නේ අත්ලාන්තික් ලේඛක තරඟය මගිනි.

  • කැනේඩියානු කර්තෘවරුන්ගේ සංගමයේ ත්‍යාගය - ඉතා ඉහලින් සළකනු ලැබු කැනේඩියානු ලේඛකයින්ගේ කෘතින් අගය කිරීම සඳහා
  • CBC සාහිත්‍ය සම්මානය
  • කැනඩා කවුන්සිලයේ මෝල්සන් ත්‍යාගය - කැනඩා සංස්කෘතික සහ බුද්ධිමය උරුමයන්ට සැළකිය යුතු සේවයක් කළ අයට
  • ෆ්ලොයිඩ් එස් චාර්මස් කැනේඩියානු නාට්‍ය සම්මානය - කැනේඩියානු නෘත්‍ය සමාගම මගින් වේදිකා ගත කරන හොඳම කැනේඩියානු නාට්‍ය සඳහා
  • මේරියන් එංගල් සම්මානය - කාන්තා ලේඛකයින් සඳහා
  • මැට් කොහේන් ත්‍යාගය - කීර්තිමත් සේවය වෙනුවෙන් කැනේඩියානු ලේඛකයෙකුට දෙන ත්‍යාගය
  • ෂවුග්නෙයි කොහෙන් සම්මානය - දේශපාලන ලියවිලි සඳහා
  • ජෙරාල්ඩ් ලැම්පර්ට් සම්මානය - හොඳම නව කවියා
  • ජිලර් ත්‍යාගය - හොඳම කැනේඩියානු නව කථාව හෝ ඉංග්‍රිසියෙන් පල කළ හොඳම කෙටි කථා සංග්‍රහයට
  • ආණ්ඩුකාරයාගේ ත්‍යාගය - හොඳම කැනෙඩියානු කවි, ප්‍රබන්ධ නොවන කෘතිය, නාට්‍යය, ළමා සාහිත්‍ය (පාඨ) ළමා සාහිත්‍ය (චිත්‍ර) සහ පරිවර්ථනය (ඉංග්‍රිසි ප්‍රංශ භාෂා දෙකින්ම ලියනු ලැබු)
  • ග්‍රීනින් කාව්‍ය ත්‍යාගය - හොඳම කාව්‍ය ග්‍රන්ථය සඳහා කැනේඩියානු කවියෙකුට සහ අන්තර්ජාතික කවියෙකුට එක් තෑග්ගක් බැගින්
  • මිල්ටන් ඇකො‍්ර්න් කාව්‍ය ත්‍යාගය - ‘ජනතා කවියා’ සඳහා වෙන්වි තිබෙන ත්‍යාගය
  • පැට් ලෝතර් සම්මානය - කාන්තා කාව්‍ය සංග්‍රහය සඳහා සම්මානය
  • ප්‍රී ඔරෝර සම්මානය ඉංග්‍රිසි සහ ප්‍රංශ භාෂා වලින් කැනේඩියානු විද්‍යා ප්‍රබන්ධ සහ මන:කල්පිත ප්‍රබන්ධය සඳහා
  • ප්‍රී ඇතනේස් - ඩේවිඩ් - ක්විබෙක් ලේඛකයා සඳහා
  • ප්‍රී - ජිල්ස් - කොබෙයිල් - ජීවිත කාලය මුලුල්ලේ කරන ලද කාර්යයන් වෙනුවෙන් - (සෑම අවුරුදු 3 කට වරක්)
  • ප්‍රී විලියම් - ෆ්‍රැන්කෝ - ඔන්ටාරියන් ලේඛකයෙකුගේ හොඳම කෘතිය සඳහා
  • රොජර්ස් ලේඛකයින්ගේ භාර ප්‍රබන්ධ ත්‍යාගය - හොඳම ප්‍රබන්ධ කාර්යය සඳහා
  • ස්ටීවන් ලී කොක් සම්මානය - විහිලු ප්‍රකාශනය සඳහා
  • තිමති ෆින්‍ඩ්ලේ සම්මානය - පිරිමි (Mid – Career) සඳහා පිරිමි ලේඛක ත්‍යාගය
  • ට්‍රිලියම් ග්‍රන්ථ සම්මානය ඔන්ටාරියෝ ලේඛකයෙකු විසින් ලියන ලද හොඳම කෘතිය සඳහා
  • WO මිචල් සාහිත්‍ය ත්‍යාගය - නව ලේඛකයින්ට උපදෙස් දීමට සහ කැනේඩියානු සාහිත්‍යයට ජීවිත කාලය පුරා කරන ලද සේවය සම්බන්ධයෙන් දෙන ත්‍යාගය
  • රූම් ඔෆ් වන්ස් ඕව්න් වාර්ෂික සම්මානය - කවිය සහ සාහිත්‍යය වෙනුවෙන්
  • දින 3 නව කථා තරඟය. වාර්ෂික සාහිත්‍ය මැරතන්. කැනඩාවේ සංකල්පයක්
  • Danuta Gleed Literary සම්මානය ඉංග්‍රිසියෙන් ලියන කැනේඩියානු ලේඛකයෙකුගේ කෙටි ප්‍රබන්ධයක් සඳහා දෙන සම්මානය
  • එතල් විල්සන් ෆික්ෂන් ත්‍යාගය - බ්‍රිතාන්‍ය කොළොම්බියාවේ වැසියෙකු විසින් ලියනු ලැබු කෙටි කථා එකතු වක් හෝ හොඳම නව කථා සඳහා
  • ඩොරති ලියිව්සේ කාව්‍ය තෑග්ග - බ්‍රිතාන්‍ය කොළොම්බියාවේ වැසියෙකු විසින් ලියනු ලැබු හොඳම කවි එකතුව සඳහා

ළමා හා තරුණ සාහිත්‍යය සඳහා ත්‍යාගයන්

  • අත්ලාන්තික් ලේඛක තරඟයේ තරුණ නව කථා සඳහා ත්‍යාගය
  • ළමා සාහිත්‍ය සඳහා ආර්.රෝස් සැනට් සම්මානය
  • ඓතිහාසික ප්‍රබන්ධ සඳහා ප්‍යෙජ්රි බිල්සන් සම්මානය
  • ඈන් කොනර් බ්‍රයිමර් සම්මානය
  • ළමා සාහිත්‍යය සඳහා ආණ්ඩුකාර ත්‍යාගය.
  • ළමයින් සඳහා - වසරේ කැනේඩියානු පුස්තකාල සංගමයේ පොත - සම්මානය
  • CLA තරුණ කැනේඩියානු පොත - සම්මානය
  • ෂෙයිලා ඒ.ඉගොෆ් ළමා සාහිත්‍ය ත්‍යාගය
  • එලිසබෙත් ම්‍රැසික් - ක්ලිවර් කැනෙඩියානු පින්තූර පොත සම්මානය
  • ෆ්ලොයිඩ් එස්.චාමර්ස් සම්මානය - තරුණ නාට්‍ය කලාව සඳහා සම්මානය
  • වර්ෂයේ හොඳම තොරතුරු පොත
  • IODE පොත - සම්මානය
  • මැනිටෝබා තරුණ කියවන්නන්ගේ තේරීම
  • මැක්ස්ගේ සහ ග්‍රේටා එබල් අනුස්මරණ සම්මා‍නය - ළමා ලේඛණ සඳහා
  • රෑත් ෂ්වාර්ට්ස් ළමා පොත සම්මානය
  • විකි මෙට්කාෆ් සම්මානය
"https://si.wikipedia.org/w/index.php?title=කැනේඩියානු_සාහිත්‍යය&oldid=470294" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි