VisiCalc වලට පසුව නිර්මාණය වූ පැතුරුම්පත් ගණයට අයත් මෘදුකාංගයක් වන මෙය MicroSoft ආයතනය විසින් නිපදවන ලද්දකි. VisiCalc මෙන් නොව මෙනුව පහළින් දිස් වූ අතර පැතුරුම්පත් දෙකක් සම්බන්ධ කිරීමට eXternal නම් නියෝගයක් ඉදිරිපත් කර තිබීම එකල ඉතාමත්ම ආකර්ෂණීය ලක්ෂණයක් විය. Multiplan මුලින් නිර්මාණය වූයේ CP/M නම් වූ Operating System එක සඳහා ය.

Apple Macintosh සඳහා වූ Multiplan floppy disk එකක්


මෙහි තවත් විශේෂත්වයක් වූයේ VisiCalc වල මෙන් A1 ආකාරයේ කොටු හැඳින්වීම වෙනුවට R1C1 ආකරයෙන් කොටු හැඳින්වීම පළමු වරට හඳුන්වා දීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=Multiplan&oldid=496728" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි