හුඩීනි (මෘදුකාංගය)

(Houdini (හූඩිනී) මෘදුකාංගය වෙතින් යළි-යොමු කරන ලදි)

මෙය කැනඩාවේ ටොරොන්ටෝහි මූලස්ථානය පිහිටා ඇති Side Effects Software ආයතනය මඟින් නිර්මාණය කර ඇති ඉහල ක්‍රියාකාරීත්වයකින් යුත් ත්‍රිමාණ සජීවීකරණ පැකේජයක් වේ. අනෙකුත් මෘදුකාංග පැකේ‍ජ මඟින් මෙය ප්‍රධාන වශයෙන් වෙනස් වනුයේ එය පූර්ණව පටිපාටීය පරිසරයක් ලෙස සැලසුම් කර ඇති බැවිනි.

ලක්ෂණ සංස්කරණය

Houdini මෘදුකාංගය මඟින් ත්‍රිමාණ නිෂ්පාදන ක්ෂේත්‍රයට අයත් සියළු ප්‍රධාන කොටස් ආවරණය කෙරේ. ඒවාට,

  • ආකෘති නිර්මාණය - බහු අස්‍ර, (ධුරා අනුක්‍රමණ) NURBs/බෙසියර් වක්‍ර/ Patches & Trims , මිත ගෝල ආදිය ඇතුළුව සියළු සම්මත ජ්‍යාමිතික උපාංග ඇතුළත් වේ.
  • සජීවීකරණය - යතුරුදර්ශන සජීවීකරණය සහ අමු චැනල සැකසුම (CHOPs), චලන ප්‍රතිග්‍රහණය සඳහා හැකියාව පැවතීම.
  • අංශු
  • ගතිකයන් - දෘඩ වස්තු ගතිකය, ගණනය කිරීම් භාවිත වන ද්‍රව ගතිකය, වක්‍ර (Wire) ගතිකය, ඇඳුම් අනුරූපණය
  • ආලෝකකරණය - මංසල මත පදනම් වූ සෙවනැලි පාලනය, IPR නිරීක්ෂකයක් තුළ ආලෝකකරනය සහ ප්‍රතිආලෝකරණය
  • විදැහුම්කරණ - විවිධ විදැහුම්කරණ සඳහා සහයෝගය සපයයි. Mantra හැරුණු විට Renderman, Mental Ray සහ අනෙකුත් විවිධ ආයතන මඟින් සපයන සංරචක සඳහා සහයෝගය සපයයි.
  • පරිමාමිතික ගුණ - ජනනය/ ගහණය/ හැසිරවීම/ අදිශ සහ දෛශික ක්ෂේත්‍රවල විදැහුම්කරණය.
  • සංයුක්තකරණය - ඉපිලුම් ලක්ෂ්‍ය ගැඹුරු (ස්ථරමය) රූප සඳහා සම්පූර්ණ සංයුක්තකාරකයකි.
  • Plugin නිර්මාණය - භාවිත කරන්නාට විස්ථාරනය කරගත හැකි වන පරිදි වැඩි දියුණු කිරීමේ පුස්තකාලයක් අඩංගු වෙයි.


Maya මෘදුකාංගය මෙන්ම Houdini මෘදුකාංගය ද විවෘත පරිසරයක් සහිත එකක් වන අතර ප්‍රචලිත Tcl/Tk පිටපත් රචක භාෂාව සහ උපකරණ කට්ටලය භාවිතා කරයි. (Maya වල භාවිතා වන හිමිකාරී MEL වලින් මෙය වෙනස් වේ.) Houdini මෘදුකාංගය ද එයටම අයත් CShell ආකාර පිටපත් රචක භාෂාවක් පවතින අතර එය Hscript නම් වේ. කෙසේ නමුත් සොකට් සන්නිවේදනය සඳහා පහසුකම් පවතින ඕනෑම ප්‍රධාන පිටපත් රචක භාෂාවකට Houdini මෘදුකාංගය සමඟ අන්තර්ක්‍රියා කළ හැක. මෙම මෘදුකාංගයේ 9වන ආකාරයේ පටන් එයින් මුල් ප්‍රකාශක භාෂාව සහ Hscript සඳහා ආදේශකයක් ලෙස Python භාෂාව ලබා දේ.

"https://si.wikipedia.org/w/index.php?title=හුඩීනි_(මෘදුකාංගය)&oldid=394541" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි