වර්ග මූල 2 ලෙස පොදුවේ හැඳින්වෙමින් ලෙසින් ලියැවෙන, 2 හි වර්ග මූලය යනු, එය විසින්ම එය ගුණ කළ විට 2 සංඛ්‍යාව ලැබෙන, ධන වීජීය සංඛ්‍යාව වෙයි. 2හි ප්‍රධාන වර්ග මූලය ලෙසින්, වඩාත් සුවිශේෂී ලෙසින් එය හැඳින්වෙන්නේ, මෙම ගුණාංගයම සහිත සෘණ සංඛ්‍යාව වෙතින් වෙන් කර හඳුනාගැනීම සඳහාය.

පාදයක් ඒකක දිගක් වන්නාවූ සෘජුකෝණි ත්‍රි‍කෝණයක කර්ණයෙහි දිග 2 හි වර්ග මූලයට සමාන වෙයි.

ජ්‍යාමිතික වශයෙන්, 2 හි වර්ග මූලය වන්නේ, පාදයක් ඒකක දිගක් සහිත වන සමචතුරස්‍රයක විකර්ණයේ දිග වෙයි; එය එසේ සිදුවන්නේ පයිතගරස් ප්‍රමේයය අනුවය. අපරිමේය බවට හඳුනාගත් පළමු සංඛ්‍යාව මෙය වූ බවට බොහෝ ඉඩ ඇත.

දශම ස්ථාන 65 කට ලෝප කල විට එහි සංඛ්‍යාත්මක අගය වන්නේ:

1.41421356237309504880168872420969807856967187537694807317667973799... (OEIS හි A002193 අනුක්‍රමය).
2 හි වර්ග මූලය.

දෙකෙහි වර්ග මූලය සඳහා කඩිනම් සන්නිකර්ෂණයක් ලෙසින් 99/70 (≈ 1.41429) යන්න බහුලව භාවිතා වෙයි. හරය ලෙසින් පවතින්නේ 70 තරම් කුඩා අගයයක් වුවද, නියම අගයයෙන් එය වෙනස් වන්නේ 1/10,000 (දළ වශයෙන් 7.2 × 10 −5) යන්නට අඩු අගයයකින් පමණි.

ද්විමය 1.0110101000001001111...
දශම 1.4142135623730950488...
ෂඩ්දශම 1.6A09E667F3BCC908B2F...
සන්තත භාගය

ඉතිහාසය සංස්කරණය

 
ව්‍යාඛ්‍යානයන් හා සමගින් බැබිලෝනියානු මැටි පුවරු YBC 7289.
"https://si.wikipedia.org/w/index.php?title=2_හි_වර්ග_මූලය&oldid=364748" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි