2008 කොටුව දුම්රිය නැවතුම්පල බෝම්බ ප්‍රහාරය
(2008 කොටුව දුම්රිය නැවතුම්පල බෝම්බය වෙතින් යළි-යොමු කරන ලදි)
2008 කොටුව දුම්රිය නැවතුම්පළ බෝම්බ ප්‍රහාරය යනු එම වසරේ පෙබරවාරි 3 වන දින ශ්‍රී ලංකාවේ, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ, මගී දුම්රියක් අසල පුපුරුවා හරිනු ලැබූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකි. ප්‍රහාරයෙන් පුද්ගලයෝ 12 දෙනෙකුට සිය ජීවිත අහිමි වූ අතර,[2] තවත් 100 කට වැඩි පිරිසකට තුවාල සිදු විය.[3] මිය ගිය අය අතර ඩී. එස්. සේනානායක විද්‍යාලයේ බේස්බෝල් කණ්ඩායමේ සිසුන් 8 දෙනෙකු සහ ඔවුන් භාරව සිටි ගුරුවරයෙකුද විය.
2008 කොටුව දුම්රිය නැවතුම්පළ බෝම්බ ප්‍රහාරය 2008 Fort Railway Station Bombing | |
---|---|
ස්ථානය | කොටුව දුම්රිය නැවතුම්පළ, කොළඹ, ශ්‍රී ලංකාව |
දිනය | 2008 පෙබරවාරි 3 (UTC+5:30) |
ප්‍රහාර මාදිලිය | මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර[1] |
මරණ | 12[2] |
තුවාලකරුවන් | 92[2] |
සැකකෙරෙන අපරාධකරුවා | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
මෙම ප්‍රහාරය මරාගෙන මැරෙන දෙමළ කොටි ත්‍රස්ථ සාමාජිකාවක විසින් සිදුකරන ලද්දක් බවට, ශ්‍රී ලංකා රජය තහවුරු කර ගන්නා ලදී.[4] වේදිකා අංක 3 අංගණයේ නවත්වන ලද, දුම්රියෙන් බට අවස්ථාවේදීම බෝම්බකාරිය විසින් සිය බෝම්බය පුපුරුවා හැර ගෙන තිබිණි.[5]
මේවාද බලන්න සංස්කරණය
References සංස්කරණය
- ↑ Sri Lanka probes 'bomber offer', BBC
- ↑ 2.0 2.1 2.2 Suicide Bomb Hits Sri Lankan Rail Station,CBS News
- ↑ Seven dead, nearly 100 hurt in Sri Lanka suicide blast: police, hospital,AFP, http://afp.google.com/article/ALeqM5hZftUZJ4fLGo72X5W-cuq2mSP2WQ, ප්‍රතිෂ්ඨාපනය 2009-02-11
- ↑ Colombo suicide blast kills 12 civilians
- ↑ US blames Tamil Tigers for Sri Lanka blasts