1755 කේප් ඇන් භූමිකම්පාව

1755 නොවැම්බර් මස 18 දින කේප් ඇන් භූමිකම්පාව සිදු වුයේ මැසචුසෙට් බොක්ක පලාතෙහි ‍බ්‍රිතාන්‍ය වෙරල තීරයට නුදුරින්‍ ය(වර්තමානයේ එය ඇමෙරිකානු පොදු රාජ්‍ය මණ්ඩල මැසචුසෙට් යයි). රිච්ටර් මාපකයේ([1])අංශක 6.0-6.3 අතර සිදුවු මෙම භුමිකම්පාව, මැසචුසෙට්([2]) ඉතිහාසයේ සිදුවු විශාලතම භුමිකම්පාවය([3]).එය බෝස්ටන්හි ගොඩනැගිලි සිය ගණනක් විනාශ කල අතර, නෝවා ස්කෝශියා වැනි උතුරුකරයේ ඈත ප්‍රදේශ වලට හා දකුණු කැරොලිනාව වැනි දකුණුකරයේ ඈත ප්‍රදේශ වලටද දැනුනි. වෙරළෙන් සැතපුම් 200ක් (කිලෝමිටර් 320) ඈතින් යාත්‍රා කල නැව් වල සිටි නාවිකයන්ට පවා සෙලවීම දැනුන අතර, ඔවුන් නැව මුහුදුබත් වේයැයි බියට පත් විය.බූස්ටන් සහ අවට වැසියෝ භුමිකම්පාව දෙවියන් වෙත ආරෝපිත කල අතර, ක්‍ෂණික ආගමික ලැදිකමක් නගරය පුරා ඇති විය.මීට සමාන භුමිකම්පාවක් වර්තමානයේ බූස්ටන්හි සිදුවුවහොත් එහි ප්‍රථිඵල ලෙස ඩොලර් බිලියන 5 ක භෞතික හානියක් හා මරණ සියගණනකට වග කියනු ඇති බව නවීන අධ‍‍ය‍නයන් පෙන්වා දෙයි.

අපකේන්‍ද්‍රය සංස්කරණය

මෙම භුමිකම්පාව ඇතිවුයේ 1755 නොවැම්බර් මස 18 දින පෙරවරු 4.30 පමණය.මෙහි අපකේන්‍ද්‍රය කේප් ඇන් නගරයට සැතපුම් 24ක් (කිලෝමිටර් 39) පමණ නැගෙනහිරින් අක්වෙරළෙහි සිදුවු බවට විශ්වාස කෙරේ. මෙම භුමිකම්පාව හැලිෆැක්ස්, නෝවා ස්කෝශියා වැනි උතුරුකරයේ ඈත ප්‍රදේශ වලටත්, චෙසපික් බොක්ක හා දකුණු කැරොලිනාව වැනි දකුණුකරයේ ඈත ප්‍රදේශ වලට සහ ජෝජ් විල හා චැම්ප්ලේන් විල වැනි වයඹ දිග ප්‍රදේශයන්ටත්, සැතපුම් 200ක් (කිලෝමිටර් 320) දකුණුදිග අක්වෙරලෙහි ගමන් ගත් නැවකටද දැණුනි. නැවේ ගමන් ගත් නාවිකයන් භුමිකම්පාව ඉතා ප්‍රබල බවත්, ඔවුන් නැව පෙරලී නැව පෙරලී මුහුදුබත් වේයැයි බියෙන් සිටි බවත් වාර්තා කර ඇත.කලාපය පසු කම්පන කිහිපයක්ද අත්විදේය.පලමු කම්පනයට පැයකට මදකට පසු ප්‍රථම පසු කම්පනය වාර්තා වන ලදි. එහෙත් බොහෝ පසු කම්පන බෝස්ටන් නගරයට නොදැනිනී. එවා ප්‍රධාන ලෙස බලපෑවේ ඊසාන වෙරල තීරයේ කොඩ් තුඩුව ජනපදයටයි.

නවීන ගවේෂණ අනුව මෙම භුමිකම්පාව රිච්ටර් මපකයේ අංශක 6.0 ත් 6.3 අතර ප්‍රබලතාවයකින් යුතු බවට නිමානය කරන අතර, එක්සත් ජනපද භුවිද්‍ය සමාලෝචනය([4]) එය මැසචුසෙට් ඉතිහාසයේ සිදුවු විශාලතම භුමිකම්පාව ලෙස ලැයිස්තු ගත කරයි. මෙම භුමිකම්පාව හා අනෙකුත් ඊසානදිග එක්සත් ජනපද භුමිකම්පා ඇති වීමට හේතු අපැහැදිලි බව විද්‍යාඥ මතයයි. අවට කලාපයෙහි භූවිද්‍යාත්මකව දෝෂ ඇති නමුත්, ඒවා තවදුරටත් ‍ක්‍රියාකාරී බවට සාක්‍ෂි නොමැත. සති කිහිපයකට පෙර පෘතුගාලයේ ලිස්බන් නගරයේ ඇතිවු විශාල භුමිකම්පාව, කේප් ඇන් භුමිකම්පාව ඇතිවීමට දුරස්ථ ක්‍රියාරම්භකය බව වියහැකි නමුත් එය තහවුරු කිරිම සදහා ප්‍රමාණවත් සාක්‍ෂි නොමැත.

අලාභය සංස්කරණය

විශාලතම හානිය සිදුවුයේ බෝස්ටන් හා කේප් ඇන් නගර වලටය. බෝස්ටන්හි ප්‍රධාන ලෙස හානි සිදුවී ඇත්තේ වරාය ආසන්න හිඩැසි සහිත ප්‍රදේශයේය. භුමිකම්පාවලදී පාශාණමය තද පොලොවට සාපේක්‍ෂව හිඩැසි සහිත ප්‍රදේශ ශක්තිමත් බවින් අඩුය. 1300 සිට 1600 පමණ නිවාස වල දුම්නළ වලට විවිධ ආකාරයෙන් හානි සිදුවී ඇති අතර, සමහර ගෙවල් වල කුරිංචි කඩා වැටී ඇත. ඊට අමතරව දුම්නළ කඩා වැටීම නිසා බොහෝ නිවාස වල වහලවල් වලට හානි සිදුවී ඇත.

ෆෝල්මව්ත් (වර්තමානයේ පෝට්ලැන්ඩ, මේන්) ස්ප්‍රින්ෆීල්ඩ්, මැසචුසෙට් සහ නිව් හවින්, කනෙක්ටිකට් යන ප්‍රදේශවල ශෛලමය දුම්නළ හා ගොඩනැගිලි වලටද හානි සිදුවිය. බෝස්ටන්හි සමහර දේවස්ථාන වල කොත් විනාශ වු අතර කම්පනයෙන් පසු ඍජුව පිහිටි කොත් ඇලවිය. ගම්බද ප්‍රදේශ වල පිහිටි ශෙලමය ප්‍රාකාරද විනාශවිය. නිරීක්‍ෂකයගේ වාර්තා වලට අනුව සමහර උල්පත් සිදීගිය අතර නව උල්පත් ඇතිවු බවට සහ ස්ටිචුඒට්, ලැන්කැස්ට, පෙම්බ්‍රෝක් ප්‍රදේශයන් හී පොලොවේ පිපිරීම්/ ඉරිතැලීම් ඇතිවිය. ඉහත සදහන් කල අවසන් නගරයේ පොලොවේ ඉරිතැලීම් වලින් ජලය සහ වැලි මතුවු බවට නිරීක්‍ෂකයන් සදහන් කර ඇත. ගොඩනැගිලිමය නොවන අලාභ සුලුවිය; තම වීදුරු බඩු වලට හානි සිදුවු බවට වැසියෝ වාර්තා කල අතර රැකියාව වශයෙන් දියර වර්ග පෙරන්නෙකුගේ දියර වර්ග අඩංගු ටැංකියකට හානි සිදුවීම නිසා පාඩු සිදුවු බවට වාර්තා කර ඇත.

එක්සත් ජනපද ඉතිහාසයේ සිදුවු ප්‍රථම සුනාමිය([5]) ලෙස කේප් ඇන් භුමිකම්පාව වාර්තාගත කර ඇත. කේප් ඇන් වලට සැතපුම් 1000ක් (කිලෝමිටර් 1600) දකුණු දෙසින් පිහිටි ලීවෝඩ් දූපතේ සිටි නිරීක්‍ෂකයන් වාර්තා කලේ මුහුදු ජලය පසුපසට නැඹුරු වී පසුව විශාල රැල්ලක් බවට පත් වු බවත්, එමගින් වෙරලෙහි නවතා තිබු බෝට්ටු ඉහලට එසවුනු බවත් සහ මාඵ විශාල වශයෙන් වෙරලට ගසා ආ බවත් ය.

උරුමය සංස්කරණය

A cityscape including a number of skyscrapers, with a river running through the middle
බෝස්ටන් හී කඵ බොක්ක ආ‍ශිත ප්‍රදේශයේ දර්ශනයකි.1755 කේප් ඇන් භුමිකම්පාව වැනි භුමිකම්පාවක් වර්තමානයේ ඇති වුවහොත් දැඩි අලාභ සිදුවිය හැක.

එකල වාසය කල බොහෝ මැසචුසෙට් වැසියෝ විශ්වාස කලේ මෙම භුමිකම්පාව මිනිසුන්ගේ පාපකාරී හැසිරීමට දෙවියන් විසින් දෙන ලද දඩුවමක් ලෙසය. භුමිකම්පාවකට පසු මෙවැනි ආරෝපන දුර්ලභ නොවන අතර එකල මැසචුසෙට් හී සැලකිය යුතු ආගම් ප්‍රමාණයක පුනර්ජීවයක් ඇතිවිය. භුමිකම්පාවෙන් දින ගණනකට පසු විශේෂ යාඥා පැවැත්වුනු අතර ප්‍රජා බලධාරීහු “උපෝසථ දින” ලෙස ප්‍රසිද්ධ කරන ලදි. මෙහි ප්‍රථිපලයක් ලෙස දේශන සහ ලිපි විශාල වශයෙන් පලවිය. පලවු ලිපි අතරට ජෙරමි නිව්ලන්ඩ් රචිත “1755 නොවැම්බර් මස භුමිකම්පා විසින් හේතු වාක්‍ය” සහ තෝමස් ප්‍රින්ස්([6]) විසින් රචිත “දෙවියන් ගේ කාර්‍යයක් වු භුමිකම්පා සහ ඔහුගේ අමනාපයේ ටෝකන් පත්” ලිපි ද ඇතුලත් වේ. මෙම සිද්ධිය සම්බන්ධ සියඑ පැහැදිලි කිරීම් දේවධාර්මිකව පමණක් නොවීය; හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය ජෝන් වින්ත්‍රෝප්([7]) විසින් පෘතුවි පෘෂ්ටය ඇතුලත ඇති රසායනික හුමාලය හා උෂ්ණත්වය සම්බන්ධව විකල්ප විවරනයක් යෝජනා කරන ලදි.1755 භුමිකම්පාවෙන් පසු බෝස්ටන් හා අවට නගර ප්‍රධාන වෙළද නගර බවට පත්වියහිස්බිම් වල නව ගොඩනැගිලි ඉදිවිය. විශේෂයෙන් දැඩි කම්පනයකට ලක්වුනු, වැලි සහ පාෂාණ වලින් හිඩැස් පිරවුනු ලද කඵ බොක්ක ආ‍ශිත ප්‍රදේශයන්‍ ය.


බෝස්ටන් නගරයේ ඉදිකර ඇති බොහෝ පැරණි ගොඩනැගිලි තනා ඇත්තේ ගලින් සහ ගඩොලින්‍ ය, එම නිසා විශාල භුමිකම්පාවක් ඇති වුවහොත් ඒවා සම්පූර්ණයෙන්ම කඩාවැටීමට බොහෝ ඉඩකඩ තිබේ. මේ හේතුවෙන් නවීන නිරීක්‍ෂකයන් තවත් භුමිකම්පාවක් මෙවැනි විශාල නගරයක ඇති වුවහොත් එහි ප්‍රතිවිපාක පිලිබඳව මත පලකරයි. මැසචුසෙට් ආපදා කලමනාකරණ ඒජන්සිය([8]) විසින් 1990 වසරේ කරන ලද අධයනයෙන් හදුනාගෙන ඇත්තේ මෙවැනි භුමිකම්පාවක් වර්තමානයේ ඇති වුවහොත් ඇස්තමේන්තුගත වියහැකි මූල්‍ය අලාභය ඩොලර් බිලියන 4-5 වන අතර, දහස් ගණන් ජීවිත වලට හානි විය හැකි බවයි. මෙහි ප්‍රථිපලයක් ලෙස රජය විසින් නව ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධයෙන් සහ අනතුරු සහිත ප්‍රදේශයන් හී භුමිකම්පාවලට ඔරොත්තු දෙන ආකාරයෙන් ඉදිකිරීම් සම්බන්ධයෙන් ‍ව්‍යවස්ථාපන හා කලාප නීතී නව්‍යකරණය කර ඇත.

යොමුව- ඉංග්‍රීසි විකිපීඩියාව [9]

"https://si.wikipedia.org/w/index.php?title=1755_කේප්_ඇන්_භූමිකම්පාව&oldid=525050" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි