ළදරුවා හෝ බිලිඳා යන පදය වැහැරෙන්නේ ඉතා ළාබාල මානව දාරකයන් හැඳින්වීමටය.

ළදරුවෙක් නිදියමින්.


තාක්‍ෂණික අර්ථ දැක්වීම සංස්කරණය

වයස අවුරුදු 1ට අඩු දරුවා.

ශබ්දනිෂ්පත්තිය හා අදාළ නාමාවලිය සංස්කරණය

"ළදරුවා" යන්නට ඉංග්‍රීසියෙන් වැහැ‍රෙන "ඉන්ෆන්ට්" යන්න බිඳී ඇත්තේ "බිනීමට නොහැකි" යන අරුත් දෙන, ඉන්ෆන්ස් යන ලතින් වචනයෙනි. නෛතික වැඩිහිටිබවට පහළ වයසැති ඕනෑම දරුවෙකු පිළිබඳ ‍නෛතික පදයක් ලෙසද "ළදරුවා" යන පදය භාවිතා වේ.[1]

නවජයන් සංස්කරණය

මසකට වඩා අඩු වයසැති මිනිස් ළදරුවෙකු හැඳින්වෙන්නේ අළුත උපන්නකු හෝ නවජයෙකු ලෙසිනි.[2] "නවජයා" යන පදය, නොමේරූ ළදරුවන්, අධි‍මේරූ ළදරුවන් සහ පූර්ණ කාලීන අළුත උපන්නන් සඳහා එක්ලෙසින් වැහැ‍රේ.

සිඟිත්තන් සංස්කරණය

වයස අවුරුදු එකක් පිරී‍මෙන් පසුව ‍හෝ ඇවිදීමට හැකි වී‍මෙන් පසුව ‍හෝ, ළදරුවන් හැඳින්වෙන්නේ "සිඟිත්තන්" ලෙසිනි. (සාමාන්‍යයෙන් මාස 12–36).

ළදරු මරණ අනුපාතිකය සංස්කරණය

 
නවජ දැඩි සත්කාර ඒකකයක සිටින ළදරු‍වෙක්

ළදරු මර්ත්‍යතාවය යනු දිවියෙහි පළමු වසරෙහිදී ළදරුවෙකු මිය යෑමය. ළදරු මර්ත්‍යතාවය සිදුවීමට ප්‍රධාන හේතූන් අතරට විජලනය, ආසාදනය, සංජානනීය ආබාධ හා හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය (SIDS)ගැනේ.[3]

රටක ‍සෞඛ්‍යය සත්කාර මට්ටම පිළිබඳ ඉතා වැදගත් මිනුමක් ලෙසින් මෙම වසංගත අධ්‍යයනික දර්ශකය සැලකෙනුයේ, ළදරුවන්ගේ, දරුවන්ගේ, හා ගර්භණී මාතාවන්ගේ සෞඛ්‍යය තත්ත්වය මෙන්ම, වෛද්‍ය සත්කාර ලබාගැනුම සඳහා පහසුතාවය, සමාජආර්ථීක තත්ත්වයන්, සහ ප්‍රජා සෞඛ්‍යය පිළිවෙත් යන දෑ හා, එය සෘජු ලෙසින් බැඳී ඇති බැවිනි.[4] [5]

රැකබලාගැනුම හා පෝෂණය සංස්කරණය

 
සිඟිත්තෙක් මවුකිරි ලබයි

ළදරුවන් හඬනුයේ සහජාසායානුගත සන්නිවේදනයක් ලෙසිනි. හඬන ළදරුවෙක් ප්‍රකාශ කිරීමට උත්සාහ කරනුයේ, කුසගින්න, අපහසුව, අධිඋත්තේජනය, වෙහෙස, යමක් අවශ්‍යවීම, හෝ පාළුව වැනි පුළුල් හැඟීම් අතුරින් එකක් විය හැක.

සියළු ළදරු සෞඛ්‍යය සංවිධානයන් නිර්දේශ කරනු‍යේ මවුකිරිදීම තුලින් පෝෂණය ලබා දීමයි.[6] නව ජන්ම ළදරුවාට මවුකිරිදීම කලනොහැකිනම් හෝ එසේ කිරීමට අපහසු නම් හෝ, ‍දොවා ගත් මවු කිරි හැන්දක් සහිත (සූප්පු රහිත) බෝතලයෙන් ලබා දීම කෙරේ. ළදරුවන් උපතින්ම උරාබීමේ ප්‍රතීකයක් (ඉබේ සිදු වන ක්‍රියාවක්) සමග උපදින අතර එය උපකාරයෙන් පයෝධරයන්හී තනපුඩු වලින් හෝ බිලිඳු බෝතලයක පුඩුවෙන් කිරි උරාබීමට ඔවුනට හැකි වන අතර, මීට අමතරව ඉවෙන් සෙවීම ලෙසින් හැඳින්වෙන සහජාශීය චර්යාවක් තුලින් තනපුඩුව සොයාගැනුම ඔවුන් විසින් සිදුකෙරේ. සමහරක්විට, ළදරුවාට කිරි ලබා දීම සඳහා කිරි මවක් කුලියට ගැනෙතත්, විශේෂයෙන්ම සංවර්ධිත රටවල මෙම ව්‍යවහාරය ඉතා විරලය. මව මියයාම, සිහි මුරුජාවීම වැනි අති විරල අවස්ථාවලදී පමණක් මාස 5ට අඩු ළදරුවනට ළදරු පිටි කිරි ලබාදේ.

ළදරුවන් වැඩෙත්ම, ඔවුනගේ ආහාර වේලට, පරිපූරකයන් ලෙස අතිරේක ආහාර එකතු කෙරේ. ඒ සඳහා නිර්දේශ මුද්‍රිතව හා වාචිකව ශ්‍රී ලංකාවේ සෑම ළදරුවකු වෙනුවෙන්ම ලබාදේ.[7] නොදැනුවත්කම නිසා දෙමව්පියන් විසින්, මවුකිරි හෝ ෆෝමියුලා කිරි හෝ වල අඩුපාඩු පුරවනු වස්, දරුවා සඳහා වාණිජමය, පෙර-නිමි ළදරු ආහාරයන් තොරාගත්තද, නිවැරදි ක්‍රමය ස්වභාවික ආහාරයන්ම අනුවර්තනය කරමින් දරුවාගේ ආහාරමය අවශ්‍යතාවය සපුරාලීමයි.

ඔවුන් වැසිකිළි-භාවිත-පුහුණුව ලබන තුරු, සංවර්ධිත රටවල ළදරුවෝ, දුහුල් යටඇඳුමක් අඳිති. වැඩිහිටියන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි නින්දක් - අළුත උපන් බිලිඳුන්ට පැය 18ක් දක්වා, දරුවන්ට අවශ්‍ය වන අතර, දරුවන් වියපත් වත්ම මෙම අවශ්‍යතාවයේ අවපාතයක් දක්නට ලැබේ. බිලිඳුන් ඇවිදීමට උගෙන ගන්නා තුරු, ඔවුන් අතෙහි වඩා ගෙන, එල්ලන පටි හෝ බිලිඳු-වාහකයන්හි රුවා, හෝ බිලිඳු-රිය හි හෝ බිලිඳු-සක්මන් රිය හි තබා තැන තැන ගෙන යනු ලැබේ. කාර්මීකරණය වූ බොහෝ රටවල පනවා ඇති නීති අනුව, ළදරුවන් සඳහා, මෝටර් රථ වල ළදරු ආරක්ෂක ආසනයන් භාවිතය කල යුතු වේ.

රැකබලාගැනුමේදී සාමාන්‍යයෙන් පැනනගින ගැටළු සංස්කරණය

බැඳීම සංස්කරණය

 
බංග්ලාදේශයෙහි ළදරුවෙක් ප්‍රතිශක්තීකරණය ලබමින්

බැඳීම් වාදය යනු, ප්‍රාථමික වශයෙන් පරිණාමීය සහ චර්යාවිද්‍යාත්මක සිද්ධාන්තයක් වන අතර, ළදරුවෙක් හෝ දරුවෙක් විසින්, අනතුරක් හෝ විපතක් හෝ සිදුවූ කලෙක, නොනැසී-සිටීම සඳහා, නිශ්චිත බැඳුම් වස්තුවක් වෙත සමීපත්වයක් පැතීමක් සිදුකෙරෙන බව පරිකල්පනය කෙරේ.[තහවුරු කර නොමැත] තම දිවිය පුරා, සබැඳියාවන් තැනීමට හා පවත්වාගෙන යෑමට ළදරුවාගේ/දරුවාගේ ඇති හැකියාවට පදනම වැටෙනුයේ මෙම බැඳීම් ඇතිකරගැනුම ආශ්‍රයෙන් බව සැලකේ. බැඳුම යනු ආදරය සහ/හෝ ලැදියාව නොවුවද, බොහෝවිට ඒවා අතර සමිප සම්බන්ධතාවයන් පවතියි. බැඳීම් හා බැඳුම් චර්යාවන් සංවර්ධනය වන්නට ඇරඹෙන්නේ වයස මාස 6 සහ වසර 3 අතරය. ළදරුවන් බැ‍‍ඳීමට ඇල්මක් දක්වනුයේ, සංවේදී හා ළදරුවන් හා සමග සමාජීය අන්තර්ක්‍රියාවන් හි යෙදීමට අනුකූලතාවක් දක්වන, හා යම් කලකට ස්ථාවර රැකවලුන් සේ රැ‍ඳෙන වැඩිහිටියන් වෙතය. මව්පිය ප්‍රතිචාරයන් ඔස්සේ බැඳීම් රටාවන් වර්ධනය වීම‍ට රුකුල් වැටෙන අතර ඒවා ඉන් ඉක්බිතිව 'අභ්‍යන්තර ක්‍රියාකාරී ආදර්ශකයන්' බවට පත්වී පුද්ගලයන්ගේ පසුකාලීන සබැඳියාවන් හි හැඟීම්, අදහස්, හා බලාපොරොත්තු හසුරුවයි.[8] 'සුරැකි', 'උත්සුක-විපිළිසර', 'උත්සුක-පරිවර්ජන', (සියල්ලම 'සංවිධානාත්මක') සහ 'අසංවිධානාත්මක' ලෙසහැඳින්විය හැකි, බැඳීම් 'ශෛලීන්' බොහොමයක් දක්නට ඇති අතර, සමහරක් ඒවා, අනෙක්වාට වඩා ගැටළු සහගත වෙති. බැඳීමක් රහිත වීම හෝ බැඳීම් ඇති කර ගැනුමේ හැකියාව බරපතල ලෙස කඩාකප්පල්වී තිබීම, බරපතල නොහික්මීම්වලට හේතු පාදක විය හැක.

කලාවෙහි ළදරුවන් සංස්කරණය

කලාවෙහි, ළදරුවන් උලුප්පා දක්වන්නේ, පාරිශුද්ධත්වය හා අහිංසකත්වයයි. ක්‍රිස්තියානු ප්‍රතිමාශිල්පයෙහි, ළදරුවා යනු, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ හා උත්ථානයෙහි සංකේතයන් වෙති.

පුස්තක නාමාවලිය සංස්කරණය

  • Simkin, Penny (1992 (late 1991)). Pregnancy, Childbirth and the Newborn: The Complete Guide. Meadowbook Press. ISBN 0-88166-177-5. {{cite book}}: Check date values in: |year= (help); Unknown parameter |address= ignored (|location= suggested) (help); Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)

මෙයද බලන්න සංස්කරණය


බාහිර සබැඳියන් සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. ""Infant"". Merriam-Webster online dictionary. Merriam-Webster. සම්ප්‍රවේශය 2007-03-27.
  2. ""Neonate"". Merriam-Webster online dictionary. Merriam-Webster. සම්ප්‍රවේශය 2007-03-27.
  3. Garrett, Eilidh (2007). Infant Mortality: A Continuing Social Problem. Ashgate Pub Co. ISBN 0754645932.
  4. Hertz,, E (1994). "Social and environmental factors and life expectancy, infant mortality, and maternal mortality rates: results of a cross-national comparison". Soc Sci Med. 39 (1): 105–14. doi:10.1016/0277-9536(94)90170-8. PMID 8066481. {{cite journal}}: |access-date= requires |url= (help); Cite has empty unknown parameters: |laysummary=, |laydate=, |laysource=, and |quotes= (help); Unknown parameter |coauthors= ignored (|author= suggested) (help); Unknown parameter |month= ignored (help)CS1 maint: extra punctuation (link)
  5. "The relationship between socioeconomic factors and maternal and infant health programs in 13 Argentine provinces". Rev Panam Salud Publica (Spanish බසින්). 21 (4): 223–30. 2007. PMID 17612466. {{cite journal}}: |access-date= requires |url= (help); Cite has empty unknown parameters: |laydate=, |laysource=, |laysummary=, and |quotes= (help); Unknown parameter |coauthors= ignored (|author= suggested) (help); Unknown parameter |month= ignored (help)CS1 maint: unrecognized language (link)
  6. Gartner LM (2005). "Breastfeeding and the Use of Human Milk". Pediatrics. 115 (2): 496–506. doi:10.1542/peds.2004-2491. PMID 15687461. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help); Unknown parameter |month= ignored (help)
  7. දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහන. පවුල් සෞඛ්‍ය කාර්යංශය. Revised 2007. {{cite book}}: Check date values in: |year= (help)
  8. Bretherton,I. and Munholland,K., A. Internal Working Models in Attachment Relationships: A Construct Revisited. Handbook of Attachment:Theory, Research and Clinical Applications 1999eds Cassidy,J. and Shaver, P., R. Guilford press ISBN 1-57230-087-6
පූර්වප්‍රාප්තිකයා
භ්‍රෑණය
මානව වර්ධනයෙහි අවස්ථා
ළදරුභාවය
අනුප්‍රාප්තිකයා 
සිඟිති බව
"https://si.wikipedia.org/w/index.php?title=ළදරුවා&oldid=594209" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි