හානි පුරණය (ඉංජිනේරු විද්‍යාව)

ඉංජිනේරු විද්‍යාවේදී හානි පුර්ණය යනු සැළසුමක අතුරු ආබාධ හෝ අනෙකුත් අනවශ්‍ය ගැටලු සදහා සැළසුම් සකස් කිරීමයි. නැවත අලුතෙන් හදුන්වා දෙන සැළසුමද තවදුරටත් පවතින ගැටළු හෝ වෙනත් කරුණු සදහා හානිපුර්ණය කළ හැක.

එක් උදාහරණයක් වනුයේ වෝල්ටීයතා පාලක ස්පටික දෝලකයයි. (VCXO) එය සාමාන්‍යයෙන් බලපෑමට ලක්වන්නේ වෝල්ටීයතාවය මඟින් පමණක් නොව උෂ්ණත්වයෙන් ද යම්තාක් ප්‍රමාණයකට බලපෑමකට ලක්වෙයි. උෂ්ණත්ව හානි පුරිත සංස්කරණයක් (TCVCXO) නිර්මාණය කර ඇති අතර එම නිසා සම්ප්‍රේෂකය හෝ වෙනත් එවැනි උපකරණයක් තුළ ගොඩ නැගෙන තාපය සංඛ්‍යාත ලිස්සායාමක් ඇති කරන පිසෝවිද්‍යුත් ආචරණය වෙනස් නොකරනු ඇත.

වෙනත් උදාහරණයක් වන්නේ ඩිජිටල් කැමරා හා වීඩියෝ කැමරාවල ඇති චලිත හානි පුර්ණයයි. එමගින් පින්තූරයක් ස්ථායිව හා බොද නොවන පරිදි තබා ගනු ලැබේ.


විද්‍යුත් ඉංජිනේරු විද්‍යාවේ වු අනෙකුත් උදාහරණ පහත දැක්වෙයි.

  • විද්‍යුත් පරිපථයක අවම හා උච්ච වෝල්ටීයතා හානිපුර්ණය කරන නියත වෝල්ටීයතා උපකරණයක් දී ඇති ආදාන පරාසයක් තුළදී එහි ප්‍රතිදානය එකම අගයක පවත්වා ගනී.
  • දත්ත විකෘතිවීම සඳහා වැරදි නිවැරදි කිරීමේ හානි පුර්ණ
  • චක්‍රීය එන්කෝඩර හා රේඛීය එන්කෝඩරවල වු දෝෂ සඳහා ග්‍රේ කේතගත කිරීමේ හානි පුර්ණය
  • විද්‍යුත් ස්වීචයක අනිසි ක්‍රියාකාරීත්වය සඳහා ඩිබවුන්ස් හානි පුර්ණය
  • වායු විසර්ජන අකුනු ගැසීම්වලදී සෘණ ප්‍රතිරෝධය සඳහා ප්‍රතිරෝධ හෝ ප්‍රේරක හානි පුර්ණය
  • දෝලන වැළැක්වීම සඳහා ප්‍රතිපෝෂණ පාලන පද්ධති වල යොදා ගන්නා සංඛ්‍යාත හානි පුර්ණ


සිවිල් ඉංජිනේරු විද්‍යාවේද ඊට උදාහරණ ඇත.

  • කුඩා මංමාවත්, ගොඩනැගිලි හා පාලම් වල ප්‍රසාරණ සම්බන්ධතා ප්‍රසාරණය හා සංකෝචනය සදහා හානිපුර්ණය කර ඇත.
  • යම් ව්‍යුහයක් හා එහි පාදම අතර වු විවිධ උපකරණ ක්‍රියාත්මක ලෙස හෝ අකර්මන්‍ය ලෙස භූ චලන සඳහා හානි පුර්ණය කර ඇත.