සේන හා ගුත්තික
ලංකාවට පැමිණි ප්‍රථම ආක්‍රමණිකයන් ලෙස මහාවංශයයේ සදහන්වේ. මොවුන් දෙදෙනා දුවිඩ ජාතික අශ්ව වෙළදුන් දෙදෙනෙකි. ලංකාව පැමිණ සූරතිස්ස රජුගේ හමුදාවට බැදී කලක් සේවය කොට කුමන්ත්‍රණකාරීව බලය අල්ලාගෙන සූරතිස්ස රජු මරා සිහසුන පැහැරගත් ඔවුන් වසර 22 ලංකාවේ සිහසුන හෙබවීය. අධාර්මික පාලනයක් ගෙනගිය මොවුන් වෙහෙර විහාර විනාශ කරමින් රට පාලනය කළහ.