සෙරමික් ඉංජිනේරු විද්‍යාව

සෙරමික් ඉංජිනේරු විද්‍යාව යනු සෙරමික් ද්‍රව්‍ය නිෂ්පාදනය හා භාවිතා කිරීම පිළිබඳ වූ තාක්ෂණික ක්‍රමයයි. බොහෝමයක් ඉංජිනේරුමය යෙදුම් අමුද්‍රව්‍ය ලෙස සෙරමික් ගති ලක්ෂණවලින් වාසි ලබා ගනී. පිඟන් මැටිවල ගති ලක්ෂණ ලෝකය පුරා ඉංජිනේරුවරුන්ගේ අවධානයට ලක් වී ඇති අතර එහි විදුලි ඉංජිනේරු විද්‍යාව, ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාව, රසායනික ඉංජිනේරු විද්‍යාව, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හා අනෙකුත් බොහෝමයක් ක්ෂේත්‍රවලට අයත් ඉංජිනේරුවරුන් සිටී. තාපයට ප්‍රතිරෝධී ලෙස සැලකෙන මෙම පිඟන් මැටි, ලෝහ හා බහු අවයවික වැනි ද්‍රව්‍යවලට කළ නොහැකි බොහොමයක් කාර්යයන් ඉටු කිරීම සඳහා යොදා ගනී.

tiny globe
සෙරමික් ද්‍රව්‍ය වලින් නිෂ්පාදිත පාන් කැපීමට භාවිතා කරන පිහියකි.

සෙරමික් ඉංජිනේරු විද්‍යා වැඩසටහන් උපාධිධරයෙකුට නිෂ්පාදන, පර්යේෂණ පුළුල් පරාසයක අධ්‍යයන ක්ෂේත්‍ර විවර වේ.

මෙයට පතල් කැනීම, වායු අභ්‍යාවකාශය,ඖෂධ, පිරිපහදු කිරීම්, ආහාර කර්මාන්තය, රසායනික කර්මාන්තය, ඇසුරුම් කිරීමේ විද්‍යාව, ඉලෙක්ට්‍රොනික්, කර්මාන්තමය විදුලිය හා සම්ප්‍රේෂණ විදුලිය අයත්වේ. ඉංජිනේරු විද්‍යාවේ අනෙකුත් උපාධිධරයන්ට සත්‍ය පරිදි සෙරමික් ඉංජිනේරුවරුන් සඳහා රැකියාව තීරණය කිරීමට සීමා හෝ මායිම් නොපවතී.

සාම්ප්‍රදායික පිඟන් මැටි අමුද්‍රව්‍යවලට සාමාන්‍යයෙන් මැටි ලෙස හඳුන්වන බෙටොනයිට්, කෞලිනයිට් හා රිහොලයිට් වැනි ඇළුමිනෝ සිලිකේට ඇතුලත් වේ. අනෙකුත් සාම්ප්‍රදායික ද්‍රව්‍යවලට ඇලුමිනියම් ඔක්සයිඩ් හෝ ඇලුමිනා අයත් වේ. අවසාන වශයෙන් තවත් සාම්ප්‍රදායික සෙරමික් අමුද්‍රව්‍යයක් වන්නේ වැලි ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින සිලිකා හෝ සිලිකන් ඩයොක්සයිඩ්ය.

උසස් පිඟන් මැටි ලෙස වර්ගීකරණය කර ඇති වඩා නූතන පිඟන් මැටි ද්‍රව්‍ය අතරට සිලිකන් කාබයිට් හා ටංග්ස්ටන් කාබයිට් ඇතුලත් වේ. මේ දෙකම පතල් කැනීමේ දී තැනීම හෝ තෙල් හෝ වායු ළිඳවල්වල දී විදීම වැනි අධි පීඩන යෙදුම්වල දී භාවිතා වේ.

උසස් සෙරමික් විදුලි හා විද්‍යුත් කර්මාන්තය, ඖෂධ හා ප්‍රකාශ තන්තු වැනි ක්‍රියාවලි හා නිෂ්පාදන සමඟ ද සම්බන්ධ වේ.