සිංහල අළුත් අවුරුද්ද රචනා

අවුරුදු නිවාඩුව උදා වීමත් සමගම සිංහල දෙමළ ලමුන්ගේ සිත ප්‍රබෝධයෙන් පිනා යයි. ඒ ලඟ ලඟ එන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමේ සතුටිනි. කොවුලාගේ නාදය පරිසරය පුරා රැව්පිළිරැව් දෙද්දී ලඟ එන අලුත් අවුරුද්දට මිනිසා පමනක් නොව පරිසරය ද සූදානම් වේ.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අයත් වන්නේ සමාජයේ ජන කොට්ඨාශයක් ලෙස එම සමාජයට අනුගතව සමරනු ලබන උත්සවයක් ලෙසය.සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද චාරිත්‍ර වාරිත්‍ර වලට මුල තැනක් දෙන උත්සවයකි.නොනගතය යනු ජීවිතයට විවේකය අවශ්‍ය බව මතක් කර දෙන චාරිත්‍රයකි.අලුත් අවුරුද්දේ අලුත් ඇදුම් ඇදීම, අලුත් මුට්ටියක කිරිබතක් ඉවීම ආදිය පිරිසිදු බව හා නැවුම් බව ප්‍රකට වන චාරිත්‍රකි.මේ සියලුම චාරිත්‍ර තුලින් වැසියන්ගේ ජීවිතවලට ගෙන එන්නේ විචිත්‍රත්වයකි.

අලුත් අවුරුද්දට මුලු ගම ම සැණකෙළියක් බඳු ය.එරබදු ගස මලින් බරවී පරිසරය රක්ත වර්ණයෙන් සරසයි. ගස්වැල් පලබර වී සතුන් කඩිසර කරවයි.පසෙකින් රතිඤ්ඤා වෙඩි හඩයි.තව අතකින් ක්‍රීඩා කරන ලමයිගේ ඔල්වරසන් හඬයි.අලුත් අවුරුදු අසිරිය විඳිමින් ගතකරන මේ සමය මිනිස්සුගේ මනස පිරිසිදු කරයි.

- tharu