සැහැල්ලු මැෂින් තුවක්කු

0.303 බ්‍රෙන්ඩ් තුවක්කුව බ්‍රිතාන්‍ය හා පොදු රාජ්‍ය මණ්ඩලීය LMG ; 1938 සිට 1991 දක්වා පැරණි ස්වරූපයෙන් සේවයේ යෙදවුණි.

සැහැල්ලු මැෂින් තුවක්කු යනු තනි සොල්දාදුවෙක් ‍විසින් හෝ ඇතැම් විට ආධාරක සහිතව ගෙන යන වෙනත් සමකාලීන මැෂින් තුවක්කුවලට වඩා බරින් අඩු තුවක්කු වර්ගයකි. මධ්‍යම මැෂින් තුවක්කුවලට වඩා වඩාත් සැහැල්ලු හා සුසංහිත වන අතර කුටීරවලට වඩාත් කුඩා මාත්‍රා ලෙස බෙදී ඇත.

සාමාන්‍යයෙන් මැෂින් තුවක්කුවක් ආධාරක ආයුධයක් ලෙස භාවිතයට අදහස් කොට ඇති අතර එහිදී එය අඛණ්ඩ ස්වයං ප්‍රහාරක මාලාවක් ඇති කරන අතර එය සාමාන්‍ය පාබල සොල්දාදුවන් විසින් රැගෙන යන ගිනි අවි වලට වඩා විශාල වේ. එහි බර අධික වන අතර පතොරම් පරිභෝජනය ද ඉහලය.

සැහැල්ලු මැෂින් තුවක්කුවක් උකුලේ තබා හෝ ඇවිද යන අතරතුර ප්‍රහාරයට යෙදවිය ඇති අතර සාමාන්‍යයෙන් වෙඩි තබන්නේ බිම දිගා වී සිටින පිහිටුමේ සිටය. ඒ විශේෂයෙන්ම Bipod භාවිතා කරන විටය. අතීත මැෂින් තුවක්කු (ස්වයංක්‍රීය රයිෆලවලින් ව්‍යුත්පන්න වූ M1918 Browning Automatic Rifle වැනි තුවක්කු) ඇතැම්විට මැගසින් පිරවුම් ලෙස භාවිතා විය. රුසියානු RPK වැනි LMG යනු පැවති ප්‍රහාරක රයිෆල් සැලසුම්වල නවීකරණයන්ය. අනුවර්තනයන් සාමාන්‍යයෙන් විශාල මැගසිනයන් අන්තර්ගත කර ගන්නා අතර අධිතාපනය වැලැක්වීමට බර අධික බැරලයක් යොදා ගන්නා අතර වෙඩි තැබීම දරා සිටීමට Bipod වැනි වඩාත් ශක්තිමත් ආධාරකයක් යොදා ගනී. නූතන මැෂින් තුවක්කු සැලසුම් කොට ඇත්තේ කුඩා අංශු විදීමේ වැඩි වාර ගණනක් සඳහා වන අතර ඇතැම්විට විදුම් පටියක් භාවිතා කෙරේ. එමඟින් යළි පිරවුමකින් තොරව වැඩි කාලයක් වෙඩි තැබීමට ඉඩ සැලසේ. FN MINIMI වැනි නූතන මැෂින් තුවක්කු විදුම් පටියක් ආකාරයට හෝ ගැලවිය හැකි පෙට්ටි ආකාරයේ මැගසිනයක් ආකාරයට පහර දිය හැකිය.

සැහැල්ලු මැෂින් තුවක්කු භට ඛණ්ඩයේ ස්වයංක්‍රීය ආයුධ ලෙස නිරතුරුව භාවිතා කෙරේ.

මේවාත් බලන්න සංස්කරණය